IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න අවස්ථාවක්

(යොහාන් භාසුර)

දූෂණ චෝදනා ලබා සිටින්නේ යැයි කියන නිලධාරියෙක් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුරට පත්කිරීමට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ (9) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කර තිබෙන සංකේත වැඩවර්ජනය හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවලින් අද (10) ප්‍රවේශපත් නිකුත් නොකළේය.

එසේ වුවද ඇතැම් දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත් නිකුත් කළ ආකාරය දැකගත හැකි විය. හැටන්, පානදුර සහ අම්බලන්ගොඩ ආදි දුම්රිය ස්ථාන කීපයක ප්‍රවේශපත් නිකුත් කර තිබේ.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසුවේ අද රාත්‍රී 12.00 යෙන් වර්ජනය අවසන් කරන බවත් බලධාරීන් මේ මොහොත දක්වා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත්ය.  

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (3)

ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න අවස්ථාවක්

prasanna Wednesday, 10 May 2023 01:07 PM

මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු...!

:       0       19

ජයන්ති Wednesday, 10 May 2023 01:12 PM

දුම්රිය දෙපාර්තමේන්තුවක් නිසා රජයේ මුදල් රෙගුලාසි අදාල වෙනවා. ඒ සමග ආයතන සංග්‍රහයේ වැරදි පිළිබඳ උපලේඛනයේ රජයට පාඩුවන සේ කටයුතු කිරීම වරදක් ලෙසට දක්වා තියෙනවා. ඉතින් මෙහි දැන්වීමක් පවා අලවා රජයට පාඩුවෙන්න කටයුතු කර තියෙනවා. ඒවාට විනය කටයුතු හා අලාභය අයකිරීමට කටයුතු කරන්න ඕනෑ... එහෙම නොකරන අයට විරුද්ධවද විනයානුකූලව කටයුතු කරන්න ඕනෑ...

:       2       20

Chamila Fernando Wednesday, 10 May 2023 06:18 PM

කවුද මේ ගොන් තීරණ ගන්නේ..? මුහුණ එක්ක තරහා වෙලා නහය කපන ගොන් තීරණ ගන්න අයට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site