IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


'ජනතාවගේ දුක නිවන සංවර්ධන සංග්‍රාමය අැරඹුවා '

ජන දුක නිවන සංවර්ධන සංග්‍රාමය ඇරඹිමට  හැකි වුයේ ඉදිරියට  යන ජනතාවක් සිටින එක්සත් ජාතික පක්ෂය නිසා බව අවධාරණය කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොතෙක් අවලාද නැගුව ද සටන නවත්වන්නේ ලොකුම සටන වන ආර්ථික සටන ජය ගැනීමෙන් අනතුරුව බවද අවධානය කළේය.

රාජපක්ෂ රෙජිමයෙන් උරුම වු ණය බර  ජනතාවට  බරක් නොවන සේ ගෙවා දමා  ශක්තිමත් මධ්‍යම පන්තියක්, ශක්කිමත් ගොවි, ධිවර සහ කම්කරු ජනතාවක් බිහි කිරිම එක්සත් ජාතික පෙරමුණු රජයේ  අරමුණ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  කොළඹ දී  පැවසීය.

DSC_0921 DSC_0829 DSC_0864

 



අදහස් (0)

'ජනතාවගේ දුක නිවන සංවර්ධන සංග්‍රාමය අැරඹුවා '

චන්න බුවනක Friday, 15 July 2016 06:28 PM

“මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි“ කිවුවලු (නි)

:       0       0

සම්පත් පතිරණ Friday, 15 July 2016 08:29 AM

මාද්‍ය සංදර්ශන. (ර)

:       0       0

අසංග Saturday, 16 July 2016 11:24 AM

අර මහබැංකු හොරකමින් ගත් ණය වලින් බාගයක් ගෙවන්න තිබුණනේ මහත්තයෝ. ඊටපස්සේ පුන්නක්කු වල මිල අඩු කළා නම් ඔය හිතන විදියටම සුන්දර ලංකාවක් කරන්න පුළුවන් වෙනවා (නි)

:       0       0

ප්‍රියංකර Friday, 15 July 2016 09:35 AM

ඔන්න පටන්ගත්තා මෙන්න පටන්ගත්තා කිය කියා ඉන්නවා විතරයි. ගහපු බෙරයකුත් නෑ බෙරේ පලුවකුත් නෑ. (ර)

:       0       0

බමුණු ආරච්චි Saturday, 16 July 2016 11:56 AM

ප්‍රියංකර, බෙරය අතට ගන්න ඕනෑ බෙර ගහන්න දන්නා කෙනෙකි. (නි)

:       0       0

සමන් Friday, 15 July 2016 09:37 AM

මිනිසුන්ට ඕවා කියා කියා ඉන්නද කල්පනාව කිසිම සංවර්ධනයක සේයාවක් වත් පෙනෙන තෙක් මානයක නැහැ. (ර)

:       0       0

බමුණු ආරච්චි Saturday, 16 July 2016 11:55 AM

විජේ, අපේ රට දියුණු එකක්යැ සැළසුම් කිරීමට ඔතරම් කාලයක් ගන්න? රට දියුණු නම් අපි ඔය මිනිසුන්ට රට කරන්න දෙනවද (නි)

:       0       0

ඇසළ Friday, 15 July 2016 10:09 AM

ජනතාවට බර තියෙන්නේ පහුගිය ආණ්ඩුව ගත්ත ණය වල නෙමෙයි. (ර)

:       0       0

විජේසුන්දර Friday, 15 July 2016 08:36 PM

සංග්‍රාමයක් වැඩි දුරක නැහැ කියා නම් පෙනෙනවා (නි)

:       0       0

කරු Friday, 15 July 2016 08:48 PM

අපට කිසිම බරක් දැනෙන්නෙ නැහැ අනේ. නිකන්  පාවෙනවා වගේ  දැනෙන්නෙ. කවුද කියන්නෙ බදු බරයි කියලා? අපට පුන්නක්කුවල ගනන් අඩුකරලා දෙන්න. ඒ හොඳටම ඇති (නි)

:       0       0

තිලක් Saturday, 16 July 2016 12:59 AM

කෙරෙන සංවර්ධනය ගැන හිතාගන්න පුළුවන් මැති ඇමතිවරුන්ට දෙන වරප්‍රසාද අනුව (නි)

:       0       0

ජනහිත Saturday, 16 July 2016 01:40 AM

දැන්වත් ඔය පරණ බයිලාව ගහගහා ඉන්නේ නැතුව රටට යහපතක් වෙන දෙයක් කරන්න හිතුවොත් හොඳයි. ඔය ණය කතාව හැමදාම කිය කියා ඉන්න වගෙයි හදන්නේ. එ්කෙන් කාටවත් යහපතක් නැහැ. (නි)

:       0       0

ආර්. වික්‍රම Saturday, 16 July 2016 01:41 AM

සංවර්ධනය යනු ඇමතිවරුන්ට කෝටි ගණන් වල වාහන ගෙන්වීමද? (නි)

:       0       0

විදානේ Saturday, 16 July 2016 01:44 AM

ජයවේවා රනිල් මැතිඳුනි! (නි)

:       0       0

යසස් Saturday, 16 July 2016 01:48 AM

ඔය කතාවලට නැවත ජනතාව රැවටෙයිද බලාගත හැකියි ඡන්දයක් තිබ්බහම (නි)

:       0       0

සනත් Friday, 15 July 2016 12:28 PM

ඔය ඇරඹූ සංග්‍රාම, පළමු වෙඩිමුර වල හැටියට දැන් ලෝක යුද්ධ දෙකක්වත් ඉවරවෙන්න කල්. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 16 July 2016 01:50 AM

අගමැතිතුමනි, කොහෙද සංවර්ධනයක් තියෙන්නේ? (නි)

:       0       0

බන්දුල Saturday, 16 July 2016 01:56 AM

අරඹලා විතරක් වැඩක් නැහැ. වැඩක් වෙන්නත් ඕනෑ (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 15 July 2016 12:42 PM

බදු වැඩි කරමින් තව බයිලාත් කියනවා. එන්නකෝ ඡන්දෙ ඉල්ලගෙන. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 16 July 2016 02:07 AM

අවුරුද්දෙනුත් භාගයක් ගියා. ග්‍රාම නිලධාරී කොට්ඨාශයකට වෙන්කරපු රුපියල් දස ලක්ෂයේ සංවර්ධන වැඩසටහන කතාවට විතරක් වගේ. තවම ඒක පටන් ගත්තෙත් නැහැ නේද? අපේ ගමේ නම් නැහැ. (නි)

:       0       0

සුසන්ත Friday, 15 July 2016 12:59 PM

අපි දැක්කා 2005-06 ට කලින් වුණ සංවර්ධනයේ තරම! (නි)

:       0       0

සචිත් Friday, 15 July 2016 01:20 PM

මේ කතා වලට අපිත් රැවටුන කාලයක් තිබුණා (නි)

:       0       0

විජේ Saturday, 16 July 2016 03:36 AM

දියුණු රටවල සැලසුම් කිරීමට ගන්න කාලය හදන කාලයට වඩා වැඩියි, ඒ ක්‍රමය තමයි දැන් රජය අනුගමනය කරන්නේ, ඉස්සර ක්‍රමයෙන් මුදල් නාස්තිය, මුදල් ගසා කෑම වැඩියි, එකයි වෙනස, හැබැයි මෙතුමා මන්තරයක් වගේ මෙය මතුර මතුර යන එක නම් හොඳ නෑ. (ර)

:       0       0

නිම්මි Friday, 15 July 2016 03:35 PM

කියන අයට නෙමෙයි ගහන්න ඕනෑ මේවා අහන අයට. (නි)

:       0       0

ගුණේ Friday, 15 July 2016 03:46 PM

කතාවක් තියනවා ණයට අරන් මඟුල් කනවා කියලා. සංවර්ධන සංග්‍රාමය දේශීය නිෂ්පාදන සහ කර්මාන්ත දියුණු කිරීම ඔස්සේ ඇරඹුනා නම්, කැවුම් කිරිබත් කන්න තිබුණා, සාධුකාරත් දෙන්න තිබුනා (නි)

:       0       0

බණ්ඩාර Friday, 15 July 2016 04:02 PM

ඔයාල කුණු හොය හොයා බොරු කිය කියා ඉන්න ලොකු මහත්තයෝ. ඔයාලගේ සංවර්ධනය සතියකට සැරයක් අරඹනවානේ. අපිත් ඡන්දය එනකන් බලාගෙන ඉන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 284 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 771 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 141 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site