විශිෂ්ට හොලිවුඩ් නළු ජොනී ඩෙප් සහ මේ වසරේ පෙබරවාරියේ විවාහ වූ ජනප්‍රිය නිළි ඇම්බර් හර්ඩ්ගේ නව විවාහ ජීවිතය මේ වෙද්දි අපූරු රස කතා මවනවා. මේ වනවිට පුවත් මවන නළුවෙකු වී ඇති ඩෙප්, පසුගිය සතියේ තමන්ගෙ බිරිඳ ගැන කිව්වෙ තමන් සහ බිරිඳ නොයෙක් මට්ටම්වලින් සමානයි කියලයි. අනික ඇය නිල් පාටට උනන්දු කෙනෙක්ලු. අනික තමන් ගීතයක් ගායනා කළත්, ඇය තමන්ගෙ තත්ත්වය අවබෝධ කර ගන්නවලු. තමන් සිටින වාතාවරණය හඳුනගන්නවලු. අනික ඇය තමන් වගේම හොඳ පාඨකයෙක්ලු. ඒ වගේම ගොඩක් කරුණාවන්තලු. ඒ අතින් තමන් දැන් හුඟක් වාසනාවන්ත පුද්ගලයෙක් කියලයි ජොනි ඩෙප් කියන්නේ. ඒ වගේම ඔහුගෙන් ඇගේ අලුත්ම චිත්‍රපටය වූ “The Danish Girl” නිර්මාණය ගැන ඇහුවමත් ජොනී ඩෙප් කිව්වේ තමන් ඇය ගැන ආඩම්බර වෙනවා කියලයි. මොකද මෙහි පසුතලය දිවෙන්නේ 1920 දශකයේ කතා පුවතක් පසුබිම් කරගෙනයි. ඇයට මෙම චිත්‍රපටයේ ලැබී ඇති චරිතය ගැන තමන් හුඟක් සතුටුවෙනවා කියලත් ඔහු කියනවා.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජොනීගේ අලුත් බිරිඳ පොත්පත් කියවනවාලු