IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජානක පෙරේරා ඝාතන සැකකරු වීඩියෝවෙන් හඳුනාගනී

මේජර් ජනරාල් ජානක පෙරේරා ඝාතනයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරු ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට සහභාගි වී සිටින අයුරු දැක්වෙන වීඩියෝ පටයක් නරඹා හඳුනාගැනීමට අනුරාධපුර විශේෂ මහාධිකරණයේදි රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්ෂක චානක ද සිල්වා මහතා අද (29) සමත් විය.

මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඉදිරියේ අද  නඩුව කැඳවූ අවස්ථාවේ රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්ෂක මරාගෙන මැරෙන බෝම්බකරු හඳුනා ගනු ලැබීය.

මාධ්‍යවේදී රස්මි මහරුෆ්ගේ වීඩියෝ කැමරාවේ පටිගතව ඇති බෝම්බය පුපුරා ගිය  අයුරු දැක්වනෙ  වීඩියෝ දර්ශන අද  අනුරාධපුර විශේෂ මහාධිකරණයේ  ප‍්‍රදර්ශනය කරන ලෙස විනිසුරුවරිය රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්ෂක මෙරිල් රංජන් ළමාහේවා මහතාට මීට පෙර  නියෝග කැර තිබිණි.

මේජර් ජනරාල් ජානක පෙරේරා මහතාට ඉදිරියේ හිටගෙන සිටින පිරිස අතරේ නිල් කොටු සහිත අත් කොට කමිසයකින් සැරසී අත් දෙක  බැඳගෙන සිටින මරාගෙන මැරෙන බෝම්බකරු රහස් පොලිසිය හඳුනාගත්තේය.

මෙම අපරාධය සිදු කළ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් දෙවැනි විත්තිකාර කොටි සංවිධානයේ හිටපු කර්නල්වරයෙකු වන සම්මුගනාදන් සුදාහරන්ට අනුරාධපුර මහාධිකරණය මීට පෙර හතලිස්  වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළ අතර පළමු විත්තිකාර උමාර් හබ්තාබ්ට එරෙහිව  නඩුව තවදුරටත් විභාගවේ.



අදහස් (0)

ජානක පෙරේරා ඝාතන සැකකරු වීඩියෝවෙන් හඳුනාගනී

ලොකුගේ Tuesday, 29 March 2016 12:23 PM

සමාවක් දෙන්න සළකා බැලුවොත් නරකද? (නි)

:       0       0

ලොකුගේ Tuesday, 29 March 2016 12:25 PM

සමාව දෙන්න බැලුවොත් නරකද .පව් එයාලා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site