IMG-LOGO

ජනක ඉවත් කරන්න විපක්ෂයෙත් 15ක්?

(අංජුල මහික වීරරත්න)

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත්කිරීමේ යෝජනාවට පක්ෂව සමඟි ජන බලවේගයේ හා තවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් 15 දෙනකු  ඡන්දය ප්‍රකාශ කිරීමේ සූදානමක් පවතින බව රජයේ  ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිටත් එම මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ඉහළ පෙලේ නායකයන් සමඟ සාකච්ඡා කර යෝජනාවට පක්ෂව  ඡන්දය ප්‍රකාශ කරන බවට සහතික වී ඇති බව රජයේ ආරංචි පවසයි. 

මේ අතර හෙට දිනයේදී අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු රැස්වීම  සඳහා සහභාගී වන්නැයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට,  ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දී  තිබේ.

එවැනි විශේෂ දැනුම් දීමක් කර තිබියදී  මන්ත්‍රිවරුන්ට අදාල  කාලසීමාව ඇතුලත විදේශගත වීම ද තාවකාලිකව තහනම් වනු ඇත.

එම දැනුම්දීමට අනුව විදේශගතව සිටි රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මේ වනවිටත් දිවයිනට පැමිණ ඇති බවද වාර්තාවේ. 

මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකත්වයෙන් එහි සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට අදාල හෙට (24)  පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති අතර එදින පස්වරුවේ ඊට අදාල ජන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.



අදහස් (3)

ජනක ඉවත් කරන්න විපක්ෂයෙත් 15ක්?

C.K.Lankaputhra Tuesday, 23 May 2023 12:15 PM

යෝජනාවට පක්ෂව චන්දෙ දීලා චන්දෙ ඉල්ලගෙන ගමට එන්න නං හිතන්නවත් එපා. චන්දෙ රනිල් මහත්තයාගෙන්ම ඉල්ල ගන්න.

:       21       65

පැරකුම්Tuesday, 23 May 2023 02:47 PM

හැමෝම ඔය විදියට කලොත් නම් රටට හොඳ කලක් යාවි.

:       0       0

Perera Wednesday, 24 May 2023 07:30 AM

ලැබෙන ගැන අනුව තමයි චන්දෙ දෙන්නේ නොදෙන්නේ .මහජන යහපත මුදලට යටයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 33 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 31 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 437 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site