IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ජාතියේ දරුවන් පොත්ගුල්ලන් නොකර කී‍්‍රඩාවටත් යොමුකිරීම මවුපියන්ගේ වගකීමයි

පොත්ගුල්ලන් පමණක් සමාජයට බිහි කිරීමට ඉඩ නොතබා සිය දරු දැරියන් ක‍්‍රීඩාවටද යොමු කිරීමට  මවුපියන් උනන්දු විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  පවසයි. අරලියගහ  මන්දිරයේ දී ඊයේ (9) පැවැති ‘ලොව දිනන ක‍්‍රීඩා ශක්ති’ වැඩසටහන් සාමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය. මෙම අවස්ථාවට ක‍්‍රීඩා ශක්ති වැඩසටහනේ  ප‍්‍රතිලාභ ලබන ශිෂ්‍යත්වලාභී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පුහුණුකරුවන් ඇතළු ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ 5000ක පමණ පිරිසක් සහභාගීවී සිටියහ. උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ ක‍්‍රීඩා ශක්ති වැඩ සටහනින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක් ප‍්‍රතිලාභ ලැබීම ගැන වඩාත් සතුටු වන බවයි. -ක‍්‍රීඩා ශක්ති වැඩ සටහනෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ප‍්‍රතිලාභ ලැබෙන්නේ කොහොමද කියන කාරණාව ගැන මට පැහැදිලි නෑ. නමුත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පෝෂණය සඳහා ලබාදෙන සල්ලි ඒ අය ගොඩක් වෙලාවට වියදම් කරන්නෙ වෙන වැඩ වලට. සමහරු සිම් කාඞ් එකට සල්ලි දාන්න දුවනවා” යැයිද ජනාධිපතිවරයා පැවසීය. ක‍්‍රීඩාව වෙනුවෙන් අපි ළමයකුට දුන්න තෑග්ගත් එයාගේ තාත්තා අරන් ගිහින් ඒකෙන් වෙන වැඩක් කරනවා අපි දැක්කා. අද අපේ මවුපියන්ගේ ලොකුම අඩුවක් තමයි ළමයි පොත්ගුල්ලන් පමණක් කිරීමට උත්සහ ගැනීම. නමුත් පුද්ගලයකුගේ මනස සමබර කරගන්න නම් ක‍්‍රීඩාවත් ජීවිතයට එක් කර ගන්න  ඕනෑ. අද රටේ ඉන්න කීර්තිමත් වෛද්‍යවරු, නිතිවේදීන්වත් උගතුන් වැඩි දෙනකුගේ ජීවිත අර ගෙන බැලූවත් ඔවුන් ඒ කාලේ දක්ෂ ක‍්‍රීඩකයෝ විශේෂයෙන්ම මා මවුපියන්ගේ ඉල්ලාසිටිනවා මේ රටේ සෞඛ්‍ය සම්පන්න නිරෝගී සමාජයක් බිහි කරන්න. ඔබේ දරුවා ක‍්‍රීඩාවට යොමු කිරීමට වග බලා ගන්න කියලා. ඒකෙන් සමාජයට අත්වන විශාලම වාසිය තමයි ජයග‍්‍රහණය වගේම පරාජයත් විඳගන්න සමාජයක් මේ රටේ බිහි වීම. අපට පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ සත්කාරය දරන්න බැරිවුණත් එය ජයග‍්‍රහණය කරලා පෙන්වන්න මේ ක‍්‍රීඩා ශක්ති වැඩසටහන ප‍්‍රයෝජනයට ගන්නා ලෙස මේ දරු දැරියන්ගෙන් මා ඉල්ලා සිටිනවා. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාද උත්සව සභාව අමතමින් පැවසුවේ ලොව දිනන ක‍්‍රීඩා ශක්ති වැඩසටහනක් ඒ සඳහා තෝරාගත්  ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ප‍්‍රතිලාභ රැසක් අත්වන බවයි. මෙතෙක් හමුදා වලට පමණක් රැකියා සඳහා බඳවා ගත් මේ රටේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මින් ඉදිරියට ක‍්‍රීඩා ශක්ති වැඩසටහන යටතේ රටේ ප‍්‍රධාන පෙළේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක රැකියා අවස්ථා උදාකර දෙන බවත් විශ්ව විද්‍යාල ප‍්‍රවේශයට පිවිසෙන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අන්තර් ජාතික පදක්කම් දිනා ගැනීමේදී ඒ සඳහා අතිරේක ලකුණු ප‍්‍රදානය කරන බවත් ක‍්‍රීඩා ඇමැතිවරයා පැවසීය. වසර 2004 දී ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් ක‍්‍රීඩා ශක්ති වැඩසටහන මුල්වරට හඳුන්වා දුන්නේය. මෙය නව ව්‍යාපෘතියක් ලෙස ලොව දිනන ක‍්‍රීඩා ශක්ති වැඩසටහන මෙතැන් සිට ක‍්‍රියාත්මක කෙරේ. මෙහිදී තෝරාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 1200කට රුපියල් 2500ක් බැගින් වන පෝෂණ දීමනාවක්ද වෛද්‍ය පහසුකම් සමඟ රක්ෂණ ආවරණයක්ද ප‍්‍රදානය කෙරේ. මලල ක‍්‍රීඩකයන් හා ක‍්‍රීඩිකාවන් 150 බැගින් හා සෙසු ක‍්‍රීඩා ඉසව් 17ක ක‍්‍රීඩකයෝ සහ ක‍්‍රීඩිකාවෝ  30 බැගින් ද මෙම වැඩසටහනෙන් ප‍්‍රතිලාභ ලබති. වොලිබෝල්, පාපන්දු, දැල්පන්දු, කබඩි, පැසිපන්දු, හොකී, මේස පන්දු, බැඞ්මින්ටන්, බර ඉසිලීම්, කරාටේ, වූෂු, මල්ලවපොර, පිහිනුම්, ජූඩෝ, බොක්සිං හා ජිම්නාස්ටික් යන අන්තර් ජාතික මට්ටමින් ශ්‍රී ලංකාවට පදක්කම් දිනා ගත හැකිවේයයි අපේක්ෂා කරන ක‍්‍රීඩා ඉසව් ක‍්‍රීඩා ශක්ති වැඩසටහනට ඇතුළත් කර ගෙන තිබේ.  වැඩසටහනට ඇතුලත්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වයස 14ත් 18ත් අතර පසුවන්නෝ වෙති. ක‍්‍රීඩා  අමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසුවේ ඔවුන් මුලින්ම මාස තුනක පරිවාස කාලයකට යටත්ව සංචිත ගත කර තිබෙන බවත් එකී කාලය තුළදී අපේක්ෂිත පරිසාධන මට්ටමට ළඟානොවන ක‍්‍රීඩකයන් ඉවත් කරමින් ඒ තැනට වෙන ක‍්‍රීඩකයන් ඇතුළත් කිරීමට පියවර ගනිමින් වැඩසටහන වසර හතක කාලයක් පවත්වා ගෙන යන බවත්ය. ලොව දිනන ක‍්‍රීඩා ශක්ති වැඩසටහනේ සමාරම්භක උත්සවයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක‍්‍රීඩක හා ක‍්‍රීඩිකාවන් කීපදෙනකුට ක‍්‍රීඩා රක්ෂණාවරණ ප‍්‍රදානය කළ අයුරු.ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාද ඡායාරූපයේ වෙයි. (ඡායාරූපය : ගයාන් අමරසේකර)



අදහස් (0)

ජාතියේ දරුවන් පොත්ගුල්ලන් නොකර කී‍්‍රඩාවටත් යොමුකිරීම මවුපියන්ගේ වගකීමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site