IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘ජාතියක් ලෙස නැගිටිනවා නම් අංක එක විනය’

(අංජුල මහික වීරරත්න)

ලෝකයත් සමඟ ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකාවට තාක්ෂණය අතින් සම්පූර්ණ වෙනසක් අවශ්‍ය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

අද වනවිට ලෝකයේ තාක්ෂණය කෘත්‍රිම  බුද්ධිය දක්වා ගමන් කර ඇති බවත් ඊට සමගාමීව ලංකාව සිටින්නේ  බොහෝ පිටුපසින්  බවත් අබේවර්ධන මහතා කීය.

ආර්ථික වශයෙන් මෙන්ම තාක්ෂණික වශයෙන්ද  ලෝකය ජයගත යුතුව තිබෙන බව කී අබෙිවර්ධන මහතා මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය තමා සතුව තබාගෙන ඊට අවශ්‍ය වෙනස්කම්  සිදුකරමින් තිබෙන බවද ප්‍රකාශ කළේය.

ජාතියක් ලෙස නැගී සිටින්න නම් ඊට විනයගරුක තරුණ පරම්පරාවක් බිහි විය යුතු බව ද අබෙිවර්ධන මහතා කීය.

 



අදහස් (9)

‘ජාතියක් ලෙස නැගිටිනවා නම් අංක එක විනය’

wedage Friday, 28 July 2023 04:13 PM

හොරකම් කරනවා නම් රත්තරන් තමයි නේද කොට වජිර...!

:       2       19

anil Friday, 28 July 2023 07:00 PM

ජාතියක් ලෙස නැගී සිටින්න නම් ඊට විනය ගරුක තරුණ පරම්පරාවක් බිහිවිය යුතු බව ද අබේවර්ධන ප්‍රකාශ කළද විනයගරුක තරුණ පරම්පරාවක් බිහිකරන ක්‍රමවේදය කුමක්ද? හෝ එය කෙසේ කළයුතුද කියා ඔහු ප්‍රකාශ කරන්නේ නැත. විනයගරුක තරුණ පරම්පරාවක් බිහි වන්නේ නැත. එවැනි සමාජයක් රට තුල ඇතිකළ යුතුවේ. ඒ සඳහා බොහේ දේ කළයුතුව ඇත..

:       0       17

senaSaturday, 29 July 2023 11:01 AM

විනය කියන්නේ ඔවුන් කියන හැටියට අපි ඉන්න ඕනේ කියන එකයි...

:       0       1

කළු කුමාර Friday, 28 July 2023 07:10 PM

විනය ගරුක සමාජයක් බිහිවෙන්න නම් නීතිගරුක රටක් තියෙන්න ඕනෑ. රටේ දේශපාලුවන්ට එක නීතියකුත් සාමාන්‍ය මහ ජනතාවට එක නීතියකුත් තියෙනකොට මොන විනයක්ද? හොරකම් මැරකම්වලින් තම බලය රැකගන්න දුෂිත දේශපාලුවන්ගේ විහිළු කතා...

:       0       20

Bunny Preena Saturday, 29 July 2023 11:03 AM

වජිර මහත්තයෝ, ඉතින් අපි පාර්ලිමේන්තුවෙන් පළමුවන පියවර තබමු...

:       0       6

Kumara Saturday, 29 July 2023 11:10 AM

විනය ගැන කතා කරා වුණාට ඒක නෑ. විනය නිකම්ම හැදෙයි... ඔබලා හොරා කන එක නවත්තපු දවසට... අනුන්ගේ විනය ගැන බණ කිය කිය ඉන්නැතුව මක බෑවිලා යන්න...

:       0       6

Withanage Saturday, 29 July 2023 11:17 AM

රනිල් ළඟට වෙලා ඔහේ කියවනවා.

:       0       8

සල්ලි Saturday, 29 July 2023 03:28 PM

වජිර ඔයා ඕක දියවන්නාවේ පටන් ගන්න. හරි ශෝක් වජිර බණ.. ඔවා දෙනු පරහට... තමා සම්මතයේ පිහිටා සිට...

:       0       1

ගමේ එකාලා Saturday, 29 July 2023 04:25 PM

පින් ජනපති ඇතුළු දියවන්නාවේ ඉන්න දූෂිත දේශපාලුවන් සෙට් එකෙන්ම තමයි පටන් ගන්න වෙන්නේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 445 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site