
(යොහාන් භාසුර)
වැඩබලන පොලිස්පතිවරයාට පොලිස් ස්ථානාධිපතිවරු ඉවත් කිරීමට දී තිබූ බලය ඉවත් කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කරයි.
වැඩබල පොලිස්පතිවරයා පොලිස් කොමිෂන් සභාවේ බලතල සහ ස්ථානමාරු ප්‍රතිපත්තියේ විවිධිධාන උල්ලංගණය කර ඇති හෙයින් එම තීරණය ගත් බව ද පොලිස් කොමිෂන් සභාව සඳහන් කරයි.
බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ඉකුත් 25 වැනි දින ස්ථානමාරු කර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සහ මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් නොකර සහ එය රට තුළ මහත් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිකර ඇති බවත් එම නිසා වැඩබලන පොලිස්පතිවරයාට දී තිබූ බලය ඉවත්කළ බව ද එසම කොමිෂන් සභාව කියයි.
මේ අතර බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ ස්ථානමාරුව වාහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ද පොලිස් කොමිෂන් සභාව පැවසීය.
පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඉවත් කිරීම සඳහා හදිසි සහ සුවිශේෂි අවශ්‍යතාවකක් උද්ගතවූ විට ඔහු ඉවත්කර සුදුසු නිලධාරීයකු පත්කර ඒ පිළිබඳව පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට බලය පවරා තිබුණි. එහෙත් වැඩබලන පොලිස්පතිවරයා එම ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල ද ස්ථානය මාරු ප්‍රතිපත්තිය ද උල්ලංඝණය කර ඇතැයි පොලිස් කොමිෂන් සභාව කියයි.
තව දුරටත් පොදු තීරණය අනුව කටයුතු කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට අවකාශ සළකාදීම තුළින් මහත් ගැටලුකාරී තත්වයක් ඇතිවිය හැකි බැවින් පොදු තීරණය අවලංගු කිරීමට ඒකමතිකව තීරණය කළ බව ද ජාතික පොලිස් කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කළේය.


2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිගේ තටු ගළවයි
රිෆාන් Friday, 04 April 2025 07:16 PM
පොලිස් කොමිසම සර්ව සාධාරණව කටයුතු කරනවා නම් අවුලක් නැහැ...
හසක Friday, 04 April 2025 07:54 PM
ස්වාධීන කොමිසමේ තාම ඉන්නේ පරාධීන හෙන්චයියෝ. මේ කොමිසම් සියල්ල විසුරුවා හැරලා ඒවාට අලුතෙන් පුද්ගලයින්ට නොව රටට, යුක්තියට හිතෛෂි නිලධාරීන්ව පත්කරන්න ඕනෑ. නැත්තම් හැමදාම කකුලෙන් ඇද ඇද ඉඳියි...
Mohan Mangala Mapa Friday, 04 April 2025 08:21 PM
අවංක සහ දක්ෂ නිලධාරීන් පොලිස් කමිෂන් එකට පත්කළ යුතුයි. තව ඔවුන් සියලු වගකීම් නොපිරිහෙලා ඉටුකළ යුතුමයි. එසේ නොවුණොත් එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුයි.
[email protected] Friday, 04 April 2025 08:56 PM
සාමාන්‍යයෙන් පොලිස්පති යම් දෙයක් කිරීමට උත්සාහ ගන්නා බව පේනවා. මෙතුමා පොලිස්පති වුණු ගමන්ම කරේ පොලීසියම සුද්ද කරන එක... ආරංචි විදියට පොලිසියේ සෑහෙන ප්‍රමාණයකට දඬුවම් දීලා තියෙනවා. පොලිස් කොමිසම පොලිස්පති කරපු මාරු කිරීම නවත්තලා තියෙන්නේ එයාලාට දැනුම් නොදීම කියන හේතුව මත. බිංගිරිය ඕඅයිසී වැරැදි කරපු නිලධාරීයෙක් නම් තමන් යටතේ ඉන්න වැරැදි කරන නිලධාරීයෙක් මාරු කරන්න බැරි නම් ඒකේ නරක නාමේ එන්නේ පොලිස්පතිටම තමයි. ඔය ගොඩාක් තැන්වල තාම ඉන්නේ පරණ රට කාපු සෙට් එකේම බත් බැලයෝම තමා. ඉතින් clean sri lanka හරියටම කරනවනම් ඔවුන්වත් ක්ලීන් කරලාම ගන්න ඕනෑ..
හසකFriday, 04 April 2025 10:39 PM
හොඳ පොයින්ට් එකක්. වැරැදි කරන නිලධාරීන්ව මාරුකරන්න පොලිස්පතිට බලයක් නැත්නම් ඒ වැරැද්ද පොලිස් කොමිසමට වගකියන්න සිදුවෙන නීතියක් අවශ්‍යයි. මේ ස්වාධීන කියන කොමිසම් කාටවත් වගකීමක් නැහැ, වගවීමක් නැහැ. රටේ ඉහළම තැනින් වැරැදිකරුවෙක් කරලා දඩගහපු මිනිහෙක්ව පොලිස්පති කරන්න අවසරේ නම් ඉල්ලන්නත් කලින් දුන්නා.
Polis Saturday, 05 April 2025 09:04 AM
වැඩ බලන පොලිස්පතිතුමා හරිද? නැද්ද? කියන්න අපි දන්නේ නැහැ. නමුත් ආපු ගමන් හතර වටේට නෙලලා දඬුවම් දෙන්න පටන් ගන්න එක නුවණට හුරු දෙයක්ද? හොයලා බලලා විමර්ශනය කරන්න වෙලාවක් ගත්තාද? නැත්නම් වැඩ බලන කොටස හලලා පොලිස්පති තනතුර ගැනීම සඳහා වැඩ පෙන්නිල්ලක් කරන්න හදන එකක්ද මේ සිදුවන්නේ...!
බටලන්දේ ප්‍රේමවතී Saturday, 05 April 2025 01:27 PM
දැනටත් පරක්කුවෙලා තියෙන පොලිස් දූෂිතයින්ට දඬුවම් දීම කළයුතු දෙයක්. ඒකට මේ වැඩ බලන පොලිස්පති වගකියන්නේ මොකටද? ඔහුට තියෙන්නේ හැකි ඉක්මනින්ම ඕක සුද්ද කරන එක...
මංගල Saturday, 05 April 2025 12:27 AM
එහෙමනම් ඉතින් පොලිස්පති කෙනෙක් වැඩක් නෑනේ. oIc කෙනෙක් ට්‍රාන්සර් කරගන්නවත් බලයක් නැත්තම්. කොමිෂන් සභාවටම බාරදීලා ගෙදර ගියා නම් හරි. කලින් හිටපු පොලිස්පතිලාට කවුරුවත් ඇඟිලි ගැහුවේ නැහැ දේශපාලුවන්ට බයේ...
Perera Saturday, 05 April 2025 04:33 AM
යහපත් චේතනාවෙන් සහ සත්භාවයෙන් වැඩබලන පොලිස්පතිවරයා මේ තීන්දු ගත්තේ නම් එවැනි තීන්දු, තීරණ වලට පොලිස් කොමිසම යටි පරමාර්ථ මත තීන්දු ගන්නේ නම් වැඩ බලන පොලිස්පතිවරයා ඒ බව පොලී ඇමැතිට දැන්වීමට පියවර ගත යුතුයි.