IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ජාතික ප‍්‍රතිපත්තිය ආවොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වොලිබෝල් පදවි අහිමිවේවි

ජාතික කී‍්‍රඩා නව ප‍්‍රතිපත්තිමාලාව කි‍්‍රයාත්මක වන්නේ නම් දේශපාලනඥයන්ට ජාතික කී‍්‍රඩා සංගම්හි තනතුරු දැරීම තහනම් වන බැවින් එය තමන් ආසියානු වොලිබෝල් සම්මේලනයේ හා ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ දැනට දරන තනතුරුවලට බලපෑමක් විය හැකි බව ශ්‍රී ලංකා වොලිබෝල්  සම්මේලනයේ සභාපති විදේශ  රැකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවැසීය. වසර 2005 අපේ‍්‍රල් 1 වැනිදා සිට මේ දක්වා අඛණ්ඩව වොලිබෝල් සම්මේලනයේ සහභාපති ධූරය උසුලන ඩිලාන් පෙරේරා මහතා මේ වනවිට ආසියානු වොලිබෝල් සම්මේලනයේ පරිපාලන කමිටුවේ සාමාජිකයකු ලෙසත් ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ නීති කොමිසමේ සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැති  ඩිලාන් පෙරේරා මහතා මෙසේද පැවසීය. දේශපාලනඥයන්ට  ජාතික කී‍්‍රඩා සංගම් තනතුරු දරන්න තහනම් වනවා නම් ඒ ගැන මටත් හිතන්න වෙනවා. එහෙම උනොත් වොලිබෝල් සම්මේලනයෙන් මට ඉවත් වෙන්න වේවි එහෙම උනොත් මා දැනට දරන ජාත්‍යන්තර වොලිබෝල් පදවි වලිනුත් අයින් වෙන්න වෙනවා. එහෙම මා අයින් වුණා කියලා ඒ පදවි නැවත ශ්‍රී ලංකාවට හිිමි වෙයිද කියන එක සැක සහිතයි. එම පදවි වෙනත්  රටවල නියෝජිතයන්ට පිරිනමන්නත් ඉඩ තිබේවි. මර්වින් ජේ. කුරේ          මහතා වොලිබෝල් සම්මෙලනයෙන් ඉවත් වුණත්   ඔහු දැරූ ආසියානු සම්මේලනයේ තනතුරු ශ්‍රී ලංකාවට හිමි වුණේ නෑ. මට තනතුර  පසුව ප‍්‍රදානය වුණේ මාලදිවයිනේ නිලධාරියකුටයි.  නමුත් දේශපාලනඥයකු හැටියට මා කියන්නේ ජාතික ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක වන අවස්ථාවකදී ඊට ගරු කිරීමට මා සුදානම් බවයි.



අදහස් (0)

ජාතික ප‍්‍රතිපත්තිය ආවොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වොලිබෝල් පදවි අහිමිවේවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2354 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site