IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජාතික කී‍්‍රඩා උළෙල කොළඹින් නාවලපිටියට

තිස් නමවැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල අගෝස්තු මස 30, 31, සහ සැප්තැම්බර් මස 1 යන දින වලදී නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාංගණයෙදී පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම කී‍්‍රඩා උළෙළ ඉහත සඳහන් දිනවලදීම කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණ නමුත් ජාතික කී‍්‍රඩා උළෙල කොළඹදී පැවැත්වෙන විට ඊට ඇති අඩු පේ‍්‍රක්‍ෂක සහභාගිත්වය හේතුවෙන් එය කොළඹින් පිටතට ගෙන යා යුතු යයි පළාත් කී‍්‍රඩා අධ්‍යක්‍ෂවරුන්ගේ අදහස වූ බව කී‍්‍රඩා අධ්‍යක්‍ෂ සජිත් ජයලාල් මහතා පැවසීය.

”මේ වගේ කී‍්‍රඩා උළෙලක් පවත්වන්න නම් ඊට සුදුසු කී‍්‍රඩාංගණයක් තියෙන්න  ඕනෑ. ඒත් දැනට අපට තියෙන ඒ වගේ කී‍්‍රඩාංගණ කිහිපය අතුරින් තවම ජාතික කී‍්‍රඩා උළෙල පවත්වා නැති කී‍්‍රඩාංගණය වන නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාංගණයේදී එය පවත්වන්න පළාත් කී‍්‍රඩා අධ්‍යක්‍ෂවරු එකග වුණා” යයිද ජයලාල් මහතා පැවසීය.

කී‍්‍රඩා ඉසව් 22 කින් සමන්විත වන මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙල සඳහා දිවයිනේ සියලූම පළාත් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 5,000 කට ආසන්න පිරිසක් සහභාගීවීමට නියමිතය.

ජාතික මහා කී‍්‍රඩා උළෙලේ පිහිනුම්, බැඞ්මින්ටන්, මල්ලවපොර, මැරතන්, සැහැල්ලූ පන්දු කි‍්‍රකට්, පාපැදි සහ ඇවිදීමේ තරග පසුගිය සති අන්ත වල පැවැත්වූණ අතර එම තරග ඉසව් අතරින් බස්නාහිර පළාත ඉදිරියෙන් සිටින බව කී‍්‍රඩා අමාත්‍යංශය පවසයි.

සෙසු තරග ඉසව් වන බර ඉසිලීම, ටයිකොන්ඩෝ, කරාටේ, ජූඩෝ, ජිම්නාස්ටික්, කායවර්ධන, එල්ලේ, හොකි, බොක්සිං, මේසපන්දු, වොලිබෝල්, පැසිපන්දු, කබඩි, දැල්පන්දු සහ මලල කී‍්‍රඩා තරග ඉදිරි සති අන්ත වලදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ජාතික මහා කී‍්‍රඩා උළෙලේ සමාරම්භක උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්ද, සමාප්ති උත්සවය කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන්ද පැවැත්වීමට කී‍්‍රඩා අමාත්‍යංශය බලාපොරොත්තු වෙයි.

(*)



අදහස් (0)

ජාතික කී‍්‍රඩා උළෙල කොළඹින් නාවලපිටියට

චන්ද්‍රසිරි Saturday, 06 July 2013 06:04 PM

අපේ අල්ලපු ගම. අපිටත් ආඩම්බරයි.(නදී)

:       0       0

අනුර Saturday, 06 July 2013 08:22 PM

නාවලපිටියේ ක්‍රීඩා උළෙල තියෙන එක මටත් හරිම සතුටක්!මගේ සුබාසිංසන! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site