IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

(ආරියරත්න රණබාහු)

‘‘අනිකාට එරෙහි දේශපාලනය නොව සමගියේ දේශපාලනය‘‘ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික කරුණක් යැයි ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී න් අනුර කුමාර දිසානායක මහතා කොළඹදී යේ පැවසීය.

‘‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්‘‘ යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කෙරුණු ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය  එළිදැක්වීමේ උත්සවයේදී ඔහු ඒ බව ප්‍රකාශ කළේය..

කෝට්ටේ ජයවර්ධනපුර මොනාර්ච් ඉම්පිරියල් හෝටලයේදී අද පෙරවරුවේ මෙම උත්සවය පැවැත්විණි.

අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

අප දීර්ඝ කාලයක් තිස්සේ මේ රටට සිදුවී තිබෙන විපත එය ඇතිවීමට හේතු සහ එයින් ගොඩ යන්නේ කෙසේද යන්න පොදු ජනතාව සමඟ සාකච්ඡා කරමින් සිටියා. ඒ සියල්ල සම්පීඩනය කරවිධිමත් වැඩපිළිවෙලක් හැදුවා. එය අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ලෙස අද ඉදිරිපත් කරනවා.

ඒ අනුව අපට ශක්තිමත් මතවාදයක් බලවේගයක් තිබෙනවා . ඒට නායකත්වය දිය හැකි නායකත්ව මණ්ඩලයක් සිටිනවා. අපේ රට ගොඩනැගි හැකි මාවතක් අපිට තිබෙනවා. ඒ මාවත ජයග්‍රහණය කිරීම සැප්තැම්බර් 21වෙනිදා අපට උදාවෙනවා.

ක්ෂේත්‍ර තිස් හතරක් සඳහා වූ මේ වැඩපිළිවෙල සකස් කිරීමට අපට අවුරුදු දෙකට වැඩි කාලයක් ගත වුණා.

පසුගිය කාලයේ අපේ වැඩපිළිවෙළ ගැන අපට වඩා කතා කළේ වෙනත් අයයි අදත් අපේ ආර්ථික ප්‍රතිපත්තිය ආණ්ඩු පාලනය ගැන වැඩිපුර කතා කරන්නේ වෙනත් අයයි. අපි ඒවට පිළිතුරු ලබාදෙමින් අනවශ්‍ය ගැටුමකට සංවාදයකට යන්නේ නෑ.

ඒ සියල්ලට අද අප ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පිළිතුරු ලබා දී තිබෙනවා.. මේක අපේ භාවිතාව ඔවුන්ගේ භාවිතාව අසත්‍යය විකෘති කරන ලද තොරතුරු ප්‍රචාරය කිරීමයි. ඒක ඔවුන් තෝරා ගන්නා මාවත මේක අපි තෝරා ගන්නා මාවත.

අපේ රට පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙනවා. ඕනෑම කෙනෙක් හමු විට ඒ අයට ඔවුන්ගේ ක්ෂේත්‍රයේ කඩා වැටීම පිළිබඳව කතාවක් කීමට තිබෙනවා. සමස්ත පද්ධතිය තිබෙන්නේ අර්බුදයකයි. මේ කඩා වැටී ඇති සමස්ත පද්ධතිය පුනරුදයක් කරා ගෙනයාම අපට පැවරී ඇති වගකීමයි. මේවට කුඩා ප්‍රතිකර්ම කළත් නැවත නැවත ඒ අර්බුදය වැඩිවෙමින් යනවා. මේ සියල්ල ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙල ජාතික ජන බලවේගය භාරගන්නා අභියෝගයයි.

මේ වියවුල ලිහන්නේ කොතනින්ද කියලා පටන් ගැනීම පවා අසීරුයි. ඒ තරමට විනාශකාරීයි. නමුත් මේ විසඳීම සඳහා පියවරෙන් පියවර ශක්තිමත් ක්‍රියාකාරකම් රැසක් අප අරගෙන තිබෙනවා.

අපි අපේ රටේ පුරවැසියන්ට නීතිය පිළිබඳ විශ්වාසය ගොඩ නැගිය යුතුයි. කවර හෝ බරපතළ ප්‍රහාරයක් සිදු කරලා ඒ කළ අයට ජනාධිපති පුටුවේ වාඩි විය හැකිද. මහා පරිමාණ මංකොල්ලයක් සිදු කරලා ඔහුට ජනාධිපති පුටුවට යන්න පුළුවන් කියලා හිතුවොත් කොතනින්ද මේ සමාජය කෙළවර වෙන්නේ. ඒ සියල්ල නීතිය බිඳ වැටීමට උත්පේරණය සපයනවා අපරාදේ නිදැල්ලේ වැඩි වෙමින්තිබෙනවා. ඒවාකල අයට දඩුවමක් ලැබෙන්නේ නැද්ද.

ඒනිසා අප ප්‍රථමයෙන් නීතියේ විධානය ශක්තිමත් කරනවා. අපි රටේ දේශපාලනය කියන්නේ අනිකාට එරෙහි දේශපාලනය යි. ඒ මගින් කවදාවත් සමගිය ඇතිවන්නේ නෑ. සමගිය නිර්මාණය කළ හැකි වන්නේ වගන්තිය ඇතුලෙ නෙමෙයි. ඒ කළ හැක්කේ දේශපාලනය තුළින්. සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට කටයුතු කරනවා.

(ඡායාරූප ගයාන් අමරසේකර)

 



අදහස් (14)

ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

jagath liyanage Monday, 26 August 2024 03:48 PM

අනිවාර්යෙන්ම ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරනවා... ජයවේවාව...

:       5       12

පිටරැටියා Monday, 26 August 2024 04:01 PM

76 වසරක් පැවැති මජර දේශපාලනය තුරන් වේවා. අපේ රටට යහපතක් කළ හැකි විවිධ වෘත්තිකයින් සෑහෙන පිරිසක් මාළිමාව වටා එක්වී සිටිනවා. ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා.!

:       98       93

Nilantha Tuesday, 27 August 2024 07:00 PM

පිටරට ඉන්න එකාලාට ඇත්ත පේන්නේ නැහැ. ඇත්ත තත්වය ගැන බලද්දී එජාපය දෙකකට බෙදිලා තියෙනවා. ජනතාව අරගල කළ ජනාධිපති හිටපු පක්ෂයේ ඉදිරිපෙළ හා දෙවැනි, තෙවැනි පෙළ වල හිටපු අන්ත ගාමීන් ලක්ෂ්මන් වෙනුවෙන් පෙනී සිටිද්දී මඩේ හිටවපු ඉනි වගේ කිසිම වටිනාකමක් නැති මිනිස්සු සජබෙට එකතුවෙලා ඉන්නවා. යන්තමින් යමක් කමක් අනුන්ගේ උපදෙස් මත කරන්න පුළුවන් පිරිස් රනිල්ට හේත්තුවෙලා ඉන්නවා. දැන් පක්ෂයේ ගම් මට්ටමේ හිටපු සංවිධායකලා හා ඡන්ද දායකයින් මාලිමාව ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා. කොටින්ම කියතොත් 2019 ජනාධිපතිවරණය වෙලාවේ ගෝඨාභය වෙනුවෙන් හිටපු බොහෝ දෙනෙක් දැනට මාලිමාව වෙනුවෙන් ඉන්නවා කියලා සෝදිසියෙන් විමර්ශනය කර බලන කෙනෙකුට පැහැදිලි වේවි...!

:       0       1

මැක්ස් Monday, 26 August 2024 04:08 PM

අනෙකාට එරෙහි දේශපාලනය පිළිබඳ කප් ගහපු කෙනෙක්ගේ කරට නේද මේ අත දාගෙන බණ කියන්නේ කයියනායක මහතා...?

:       108       97

SanathMonday, 26 August 2024 05:19 PM

අති දැවැන්ත ජනතා බලයක් ගොඩනැංවීමට අප්‍රතිහත ධෛර්‍යයෙන් කැප වූ යෝධ ශක්තිය ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයා.

:       0       0

Kumara Monday, 26 August 2024 04:09 PM

මාලිමාවට ජය වේවා. 9 වැනි විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක​...

:       97       108

mohammed Monday, 26 August 2024 04:15 PM

මට පිස්සුද? මේ අයට පිස්සුද දන්නේ නෑ.. මොවුන් ගෝඨාභය වගේම වැඩ බැරි කට්ටියක්... මොවුන් එළිපිට ජනතාව රවට්ටනවා. මේවා කරන්නේ කාව තියාගෙනද? ඒක වැඩකරපු මුහුණක් මෙතන පෙන්නන්න...

:       96       94

Rata Perata Monday, 26 August 2024 04:37 PM

සම්පූර්ණ ඇත්ත. නීතියේ ආධිපත්‍යය පිරිහුණු රටකට දියුණුවක් ගැන හිතන්නවත් බෑ. එක එක සමාජ තලවලට එක එක විදිහට නීතිය ක්‍රියාත්මක කිරීම වහාම නැවැත්විය යුතුයි.

:       26       100

Malimavata Jaya Monday, 26 August 2024 04:51 PM

ඔය නාකින්ව එලවන්න...

:       65       50

යෝගා Monday, 26 August 2024 06:14 PM

මේ මවන සුරංගනා ලෝකයටත් බුද්ධිමත් කියන පරම්පරාව රැවටෙයිද බලමු...!

:       0       1

සෙනෙවිරත්න Tuesday, 27 August 2024 06:41 AM

මම හිතන්නෙ ඉතාම ඉක්මනින් වැදගත් විදියට තමන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයක් එලිදැක්කුවෙ මාලිමාව, ඒක ඉවසගන්න බැරිව මෙතන සුපුරුදු මඩ ලියනව. කාටවත් කරන්න බැරි දේ කලාට ආශිර්වාදය නොකර නොදැක්ක ලියවිල්ලක් විවේචනය කරනව කුහකයො. හැබැයි සමහරු ප්‍රතිපත්ති ප්‍රකාශනයට බාලගිරි.දෝසෙ රැස්වීම් වල පොහොර පන්දාහට, දදුප්පත් පවුලට විසිදාහක්.තව අරව මේව දෙනව කියල තැන තැන කියාගෙන යනව,

:       10       24

සෙනෙවිරත්න Tuesday, 27 August 2024 06:44 AM

නියත ජය ලබන මාලිමාවට , සමහර පක්ෂ වලට තවමත් එළිදැක්වීමට නොහැකිවූ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ගෙන ඒමට හැකිවීම ගැන අපගේ උනුසුම් සුභ පැතුම්!

:       11       27

සෙනෙවිරත්න Tuesday, 27 August 2024 06:46 AM

සජබෙ ප්‍රතිපත්ති ප්‍රකාශයකට බාලගිරි දේසෙද? නැත්නම් ලොක්ක කටට එන වචන මිනිස්සු රැස් කරල ගිරිය පුප්පල දෙන පොරොන්දුද?

:       5       26

Bamunuarachchi Wednesday, 28 August 2024 12:12 PM

මොවුන්ගේ ප්‍රතිපත්ති අපි 71/87/88/89 කාලේ සිටම දන්නා නිසයි, අවුරුදු 58 ම ඡන්දේ නොදුන්නේ. දැන් ඉන්න මිනිස්සු එල්ලෙන්න වැලක් නැති නිසා මොවුන්ගේ ඇඟේ එල්ලෙනවා...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 2455 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 660 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 859 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 1199 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 707 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 451 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 376 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site