IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජංගමේ ‘රින්ගින් ටෝන්‘ කර්තෘ භාගය ඉල්ලයි

බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය වන ලෙස ජංගම දුරකතන සඳහා විවිධ ගීත ඇතුළත්  ‘රින්ගින් ටෝන්‘ සේවා සපයන ආයතන පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ ලේකම් ආචාර්ය චරිත හේරත් පවසයි.

එම ගීත නිර්මාණකරුවන්ට හිමි කර්තෘභාගය ලබා නොදී එකී සමාගම් අධික ලෙස ලාභ ලැබීම වළක්වාගැනීම සඳහා ඉදිරියේදී නව ක්‍රමවේදයන් හදුන්වාදීම නියමිත බව ද ඒ මහතා සඳහන් කරයි.



අදහස් (0)

ජංගමේ ‘රින්ගින් ටෝන්‘ කර්තෘ භාගය ඉල්ලයි

පිටබැද්දර ජයා Friday, 27 September 2013 04:04 PM

බොහොම හොඳ වැඩක්. ගීතය ලීව කෙනාට, ගායකයාට, සංගීතය සැපයුවට සමාන ලෙස මේ මුදල බෙදෙන්න ක්‍රමයක් පමා වෙලා හරි හොයනවා නම් බොහොම හොඳයි.... (ස)

:       0       0

අමිල Friday, 27 September 2013 04:35 PM

ඒ වගේම ඔය සංගීත සංදර්ශන වලට එක එක නම් වලින් එන සංගීත් කණ්ඩායම් කියන්නෙම අනුන්ගේ ගීතමයි. ඒකත් නවතන්න ඕනෑ (නි)

:       0       0

චමත් Friday, 27 September 2013 04:44 PM

සමහර රිගින් ටෝන් අහගෙන ඉන්න අප්‍රසන්නයි. ටෝන් එක ඇහුනහුම නොදැකපු කෙනෙකුටත් හිතා ගතහැකි ජංගම දුරකතය හිමි තැනැත්තා මොන වගේ කෙනෙක්ද කියලා (නි)

:       0       0

රන්ජි Saturday, 28 September 2013 03:04 AM

ගීතයක අයිතිය රචකයා,සංගීතඥය, ගායකයා, යන තිදෙනාටම තිබිය යුතු බව මගේ හැගීමයි. එලෙස නීති හැදේවායි පතමු. (නි)

:       0       0

මොහමඩ් - බේරුවල Friday, 27 September 2013 05:49 PM

අර අහවල් තේමා ගීතය දාලා කෝටි ගණන් මුදල් එයාලට ගෙවනවා කියලා ආයතනයක් අනාගත්තා ළගදී. එතකොට අනෙක් ගීත වලට අදාල ගායකයන්ට කිසිදු ගෙවීමක් කරන්නෙම නැද්ද? ලේකම්තුමනි, අපේ කලාකරුවන් රැක ගන්න ඔබ ගන්නා උත්සාහය අගය කරමි. (නි)

:       0       0

චමත් Saturday, 28 September 2013 05:55 AM

නිල්මිණි, ඔයා නිකන් දෙනවයි කිවුවත් රිගින් ටෝන් ගන්න එපා. සාමාන්‍ය ටෝන් එක කනට කොතරම් මිහිරිද වැදගත්ද කියලා බලන්න. පිටරට ඉදලා ලංකාවට කතා කරන අයට මේ බහුබූත සද්ද ඇහුණාම මොලේ කොලොප්පන් වෙනවා. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 27 September 2013 07:40 PM

සමහරු සුපර් ස්ටාර්ලා වෙන්නේ අනුන්ගේ ගීත නිසා (නි)

:       0       0

නිල්මිණි Friday, 27 September 2013 07:56 PM

ඔය රින්ග් ටෝන් සල්ලි දීලා ගන්නේ නැතුව නිකන් ගන්න ක්‍රමයක් නැද්ද ඇත්තටම,දන්නා කෙනෙක් කියන්නකෝ (නි)

:       0       0

වසන්ත කුමාර Saturday, 28 September 2013 09:58 AM

ගොඩාක් හොද අදහසක් නැත්නම් තමන්ගේ සින්දුව තමන්ට අහන්නත් සල්ලි ගෙවන්න වෙලා තියෙන්න දැන් (දී)

:       0       0

පද්මිණි Friday, 27 September 2013 08:26 PM

දවසක් මම ලංකාවේ අපේ අසල්වැසි බසුන්නහේ කෙනෙක්ට කෝල් කරද්දී. ඇහුනේ " ඔයලොකු ඇස් දෙක ලියාගන්න සින්නක්කර... කියල ඔන්න ඔහොම සින්දුවක්. අපේ මහත්තය මගෙන් අහනවා දැන් ලංකාවේ ඇස් කන් නාසා වලටත් ඔප්පු ලියනවද කියල...(අ)

:       0       0

ට්‍රියෝනි සෙනවිරත්න Friday, 27 September 2013 03:31 PM

දැන්ද ක්‍රම හදන්නේ. හෙට අනිද්දට ජංගම දුරකතනවලට වැඩිය දියුණු සන්නිවේදන ක්‍රම එන්නත් ලගයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 591 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site