රට වටේ සිටින පිරිසක් අද (29) ජංගම හලෝවෙන් අමු කැලෑවක් ගිනි තිබ්බාලු. හරියටම බලාගෙන සිටියා වගේ විස්තර කිව්වාලු. පල්ලෙබැද්දේ සංඛපාල පැත්තේ කන්දකට හෙලිකොප්ටරයක් කඩාගෙන වැටුණු බව ඒ කථාවලින් කිව්වාලු.
කන්ද උඩින් පියාසර කළ යානයක් ගින්න දෙසට පහත් වුණාලු. සංඛපාලය ඇත්තේ කොහේදැයි නොදන්නා පිරිස් ඒ විදියට අමු කැලෑ ගිනි තිබ්බාලු. අද පස්වරු 1 - 2 වනතුරු මේ කටකතාව නිසා ත්‍රී රෝද යතුරු පැදි හා වෙනත් වාහනවලින් ඇඹිලිපිටිය - රත්නපුර පාර පිරී තිබුණාලු.
වාහන තදබදයකුත් තිබුණාලු. මේ කථාවේ ඇත්ත නැත්ත සෙවීමට අපේ ඇඹිලිපිටි කණ්ඩායමක් කන්ද තරණය කළහ. පොලිස් මූලස්ථානය මෙන්ම ගුවන් හමුදා මූලස්ථානයද පළාතේ පොලිසිය මේ කථාවේ ඇත්තක් නැතැයි කීවත් වැඩක් වුණේ නැතිලු. එයින් සිදුවූ එකම දේ ඔවුන්ගේ දුරකතන බිල් ඉහළ යෑමත් කඩකරුවන්ගේත් තෙල් හල් හිමියන්ගේත් හොද්ද බොර වීමලු.
යුද හමුදාව හා පොලිසිය ද කඳුවැටිය තරණය කළේය. ඔවුන් දුටු එකම දෙය අක්කර 10ක පමණ කැලෑවක් ටික ටික පිළිස්සී යන බවයි. හේන් වගාවටත් සතුන් දඩයමටත් අනවසර ගොවීන් හා දඩයක්කරුවන් හැබෑවටම කැලෑ ගිනි තබද්දී ගුවන් අනතුරක පුවතකින් උඩවලව කොළඹගේආර උණුසුම්වී ගියේය.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජංගමෙන් අමු කැලෑවක් ගිනි තියයි
නන්දලාල් ප්‍රංශය Tuesday, 01 March 2016 09:52 AM
දැන් කාලේ ජංගම දුරකතන වලින් කරන්න බැරි වැඩක් නැහැ. අපේ සීයලා ඉස්සර කිවුවේ "හොඳට නරකට දෙකට කටමය" කියලා. එක ඇත්ත නේන්නම් බලාගෙන යනකොට. කටක් නැත්නම් ඔය සක්කරවට්ටමෙන් වැඩක් නැහැ කියලා ආච්චි කියනවා.. (ර)
හිතෛෂ Friday, 04 March 2016 04:50 AM
මේක වැරදිලා, අද අප්‍රේල් 1 වැනිදා නොවෙයිනේ. (බ)