IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඡන්ද වැඩට පොලිසියෙන් 54,000ක්

(ගයාන් සූරියආරච්චි)

ජනාධිපතිවරණ මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් යොදවන බව ප්‍රජා පොලිස්, සංචාරක, ආයෝජන සහ මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අද 29 පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

දිවයින පුරා ස්ථාපිත 13,000 කට වැඩි ඡන්ද මධ්‍යස්ථාන සහ 45 කට වැඩි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ මැතිවරණ කාල සීමාව තුළ ක්‍රියාත්මක කෙරෙන ජංගම රථ 3200 ක් සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වන බව කරවිට මහතා පැවසීය.

නීති විරෝධී පෝස්ටර් , කටවුට්, බැනර් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවාගෙන ඇති අතර මේ වන විටත් නීති විරෝධී කටවුට් ඉවත් කිරීම සිදුකරන බවද අසංග කරවිට මහතා කීය.

නීති විරෝධී කටවුට් 169,358 ක් ඉවත් කර ඇති අතර නීති විරෝධී පෝස්ටර් 61,062 ක් පොලිස් භාරයට ගෙන ඇත,

එමෙන්ම නීති විරෝධී බැනර් 613ක් ඉවත් කර ඇති අතර නීති විරෝධී බැනර් 510 ක් පොලිස් භාරයට ගෙන ඇති බව අසංග මහතා කීය.

නීති විරෝධී කටවුට් 766 ක් ඉවත් කර ඇති අතර කටවුට් 793 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අනෙකුත් නීති විරෝධී ප්‍රචාරණය ඉවත් කිරීම් 2351 ක් සිදුකර ඇති අතර නඩු භාණ්ඩ වශයෙන් 6336 ක් බාරයට ගෙන ඇති බව කරවිට මහතා පැවසීය.

ජනාධිපති අපේක්ෂකයන් තිස් අට දෙනා පිළිබඳව බුද්ධි වාර්තා මේ වන විටත් ලබාගෙන ඇති අතර එම බුද්ධි වාර්තාවලට අනුව ඒ ඒ අපේක්ෂකයන්ට ඇති තර්ජන වල තක්සේරු අනුව පොලිස් නිලධාරීන් 260 ක් ඔවුන්ගේ සෘජු ආරක්ෂාව සඳහා යොදා ඇති බවද කරවිට මහතා කීය.

යම් තර්ජනයක් සහිත අපේක්ෂකයන් පවත්වන රැස්වීම් සඳහාද පොලිස් ආරක්ෂාව ලබාදීමට මේවන විටත් කටයුතු කර ඇති බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පැවසීය.

 



අදහස් (1)

ඡන්ද වැඩට පොලිසියෙන් 54,000ක්

Niranga Friday, 30 August 2024 07:09 AM

කටාන පොලිසියේ ඉන්න ගුණතිලකවත් ගන්නවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site