
(මහින්ද නිශ්ශංක)
ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජන්දදායකයින් වෙත තැපැල් මගින් බෙදා හැරීම අදින් (14) අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජන්දදායකයින් වෙත තැපැල් මගින් ගෙන්ගෙට බෙදා හැරීම පසුගිය 3 දා සිට ආරම්භ කෙරිණි.
මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 80 ක් පමණ ජන්දදායකයින් වෙත තැපැල් මගින් බෙදා හැර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
තැපැල් මගින් බෙදා හැරීමේ කාලය තුළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයින්ට ලබන 18 දා සිට 21 දා දක්වා තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට පහසුකම් සලසා ඇතැයි ඒ මහතා සඳහන් කළේය.
තැපැල් කාර්යාලයට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමේදී තම අනන්‍යතාව තහවුරු කිරීම ඉතා වැදගත් බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද පත්‍රිකා බෙදීම අදින් අවසන්