මාතර ගුරුවරුන් රැසකට අද (23) උදේ වරුවේ තැපැල් ඡන්දය දැමීමට නොහැකි විය. ඒ ගැන ඡන්ද කොමසාරිස්ට පැමිණිලි කළ බව ලංකා ගුරු සංගමය කියයි.
මාතර අධ්‍යාපන කාර්යාලයයේ තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරිනිය වන අධ්‍යාපන අධ්‍යක්ෂිකා කමලා මීගහවත්ත මහත්මිය වැලිගම අධ්‍යාපන කාර්යාලයේ තැපැල් ඡන්ද භාරව එහි යෑම ඊට හේතුවයි.
මීගහවත්ත මහත්මිය පැවැසුවේ මාතර ඡන්දය බදාදාට (24) නියම කළ වැලිගම ඡන්දය අදට යොදා ගත් බවයි.ඒ ගැන ඡන්ද දායකයිනට දන්වන ලෙස උපදෙස් දී තිබුණත් එය නිසි පරිදි සන්නිවේදනය වී නැති බව ද ඕ කීවාය.
මාතර සහකාර මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව් එච් ආර් විජයකුමාර මහතා පැවැසුයේ මේ ගැන පැමිණිලි ගණනාවක් ලැබුණු බවයි.
මාතරට අලුතින් නිලධරයකු පත්කර දහවල් 12ට තැපැල් ඡන්දය දැමීම පහසුකම් සළසා දුන් බවද ඔහු කියයි.
මේ ගැන පරික්ෂණයක් බවත් බවද ඔහු කියයි.
ගාල්ල, මොණරාගල, හම්බන්තොට, කරාපිටිය, නිට්ටඹුව, ත්‍රිකුණාමලයෙන් පැමිණිලි කිහිපයක් වාර්ථා වූ බවද නිරීක්ෂණ ආයතන පවසයි.
දේශිය නිරීක්ෂකයෝ 2600 දෙනෙකු පමණ තැපැල් ඡන්ද නිරීක්ෂණයේ යෙදී සිටිති.
2025 දෙසැම්බර් මස 18
34
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද නිලධාරිනිය නෑ. මාතර ඡන්ද පැය 4ක් පමාවෙයි
චන්දිම Tuesday, 23 December 2014 09:26 AM
වෙලාවට තැපැල් ඡන්දයක් වත් තියා ගන්න බැහැ. ඒ තරමටම බංකොලොත් වෙලා. (නදී)
සුදේශ් Tuesday, 23 December 2014 09:58 AM
ජන්දය දාන්න පුලුවන් උනා නම් වෙලාව මොකටද? බැරිවුනානම් තමයි ගැටලුව. (ර)
නිමල් Tuesday, 23 December 2014 10:16 AM
ඇත්ත සිදුවීම නම් මෙම ඡන්දය 24 වෙනිදා පැවත් වෙන බව පාසල් වලට හා මාතර සහකාර මැතිවරණ කොමසාරිස්ට දන්වා තිබියදී එක්තරා දේශපාලන කණ්ඩායමකට අයත් ගුරුවරු පිරිසක් පිරිසක්(40) පමණ ඡන්දය දැමීමට අවශ්‍ය බව දන්වමින් පැමිණිලි කිරීමයි. මේ නිසා දහවල් 12ට තැපැල් ඡන්දය දැමීමට පහසුකම් සළසා දීමට සිදුවීමයි. (නදී)
ගයානි Tuesday, 23 December 2014 10:24 AM
පටු දේශපාලන අරමුණු වලින් සිදුවන මෙවැනි සිදුවීම් වලින් අවසානයේ සිදුවන්නේ අසරණ රඡයේ සේවකයන් අපහසුතාවට ලක්වෙන එක විතරයි. (නදී)
ගයානි Tuesday, 23 December 2014 10:28 AM
පටු දේශපාලන අරමුණු වලින් සිදුවන මෙවැනි සිදුවීම් වලින් අවසානයේ සිදුවන්නේ අසරණ රඡයේ සේවකයන් අපහසුතාවට ලක්වෙන එක විතරයි. (නදී)
ලසන්ත Tuesday, 23 December 2014 10:43 AM
ගුරුවරු ඡන්දෙ දාන්න තියෙන උනන්දුවම ළමයින්ට උගන්වන්නත් තිබුණොත් තමා හොඳ... (නි)