IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඡන්ද නිරීක්ෂකය හෘදයාබාධයෙන් මරුට

(අජිතලාල් ශාන්තඋදය)

රත්නපුර හිදැල්ලන සීවලී මධ්‍ය විද්‍යාලයේ ශාලා අංක එකේ සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඡන්ද නිරීක්ෂණයට ආ 68 හැවිරිදි පුද්ගලයකු හදිසියේ හෘදයාබාධයක් වැළදිමෙන් ජීවිතක්ෂයට පත්වු බව රත්නපුර පොලිසිය පැවසීය.

මියගොස් ඇත්තේ රත්නපුර නවනගරයේ, ර්‍ශී සුමනගම පදිංචි වයි.ඒ. වන්නිආරච්චි (68) යන අයයි.

සිද්ධිය වි ඇත්තේ පෙරවරු අටට පමණ බව පොලිසිය කීවේය. මියගිය තැනැත්තා තමන්ගේ පපුව රිදෙන බව පවසා ඇති අතර වහාම ඔහු රත්නපුර ශික්ෂණ මහ රෝහලට ඇතුළත් කර ඇත. එහෙත් ඒ වනවිටත් ඔහු මියගොස් තිබු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ ය.

ඔහුගේ අසනීප තත්ත්වය ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතුවලට කිසිදු බාධාවක් නොවු බවත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද කටයුතු බාධාවක් නොමැතිව සිදුවු බවත් රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී කාර්යාල ප්‍රකාශකයෙක් කීවේය.

 



අදහස් (0)

ඡන්ද නිරීක්ෂකය හෘදයාබාධයෙන් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site