(ඩයනා උදයංගනී)
ආණ්ඩුව මැතිවරණ නොපවත්වන්නේ මුදල් නොමැති නිසා නොව ඡන්ද නොමැති නිසා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම මන්දා මාමාගේ අඩි පාරේ යමින් මැතිවරණ සිතියම අකුලන්නට තීරණය කර ඇති බවත්, ආණ්ඩුව මැතිවරණ නොදෙන නිසා එය ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ කොළඹ දී ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහි නීතිමය ගැටලුවක් ද ඇතැයි කී මන්ත්‍රීවරයා අයවැයෙන් මැතිවරණයට වෙන්කළ මුදල ලබාදීමට ආණ්ඩුවට නොහැකිවීම අයවැය පැරදුණා හා සමාන බව ද කීවේය.
අයවැය පරාජයට පත් වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බැවින් අයවැය ක්‍රියාත්මක කරන්නට නොහැකි බව ප්‍රායෝගිකව ඔප්පු කළ ආණ්ඩුව අයවැය පරාජය වුණා සේ සලකා වහාම ඉල්ලා අස්විය යුතු බව ද ගම්මන්පිල මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දය නොතියන්නේ ඡන්ද නැති නිසායි
Sisira Gunasekera Wednesday, 15 February 2023 12:24 PM
මේගොල්ලෝ තමයි රාජපක්ෂලාට රට පාවා දුන්නේ .මේගොල්ලන්ට චන්දය දෙන අයට වෙයිද මොනවා වෙයිද දන්නේ නැහැ
fairoos Wednesday, 15 February 2023 01:12 PM
කතාව නම් ඇත්ත... ඒත් අද රට මේ තත්වයට පත්වෙලා... ඔයාලා තමයි මුල. ඡන්දයක් තිබ්බොත් ඔයාලත් නැත්තටම නැතිවෙනවා.
සත්‍ය ගවේෂී. Wednesday, 15 February 2023 03:21 PM
රට බංකොලොත් කළ අයත් එක්ක එක නැවේම ඉඳලා නැව ගිලෙන කොට පැන්න ඔබලාටත් ඡන්ද තියෙනවා කියලා හිතන්න එපා.
sharm warn Wednesday, 15 February 2023 05:27 PM
ඡන්ද නෑ තමයි... එයාටත් නැහැ. ඔහේටත් නැහැ.