IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඡන්දෙට සිල්රෙදි බෙදීමේ නඩුව පෙබරවාරි 12 විභාගයට

පසුගිය ජනපතිවරණ සමයේ රුපියල් හැට කෝටියක සිල්රෙදි බෙදීමෙන් විදුලි සංදේශ නියාමන කොමිසමට වංචා කළැයි හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට එරෙහි නඩුව ලබන පෙබරවාරි 12 වැනිදා විභාගයට ගන්නා බව කුසලා සරෝජිනී වීරවර්ධන කොළඹ මහාධිකරණ විනිසුරුවරිය අද (9) ප්‍රකාශ කළාය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයේදී 2014 ඔක්තෝබර් 30 හා 2015 ජනවාරි 5 අතර කාලයේදී සිල්රෙදි බෙදීමෙන් එම වංචාව කළැයි නීතිපති විසින් එම නඩුව පවරනු ලැබ ඇත.

මුල් සාක්කිකරුවන් 5 දෙනා නඩුවට කැඳවන ලෙසත් පැමිණිල්ලේ නඩු වාර්තා විත්තියේ නීතිඥ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාට ලබාදෙන්නැයි විනිසුරුවරිය රජයේ නීතිඥ තුසිත මුදලිගේ මහතාට නියෝග කළේය.

සැකකරුවෝ රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් දස ලක්ෂය බැගින්වූ ශරීර ඇප 3ක් මත මුදාහරිනු ලැබ සිටිති.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පැවැත්වීය.



අදහස් (0)

ඡන්දෙට සිල්රෙදි බෙදීමේ නඩුව පෙබරවාරි 12 විභාගයට

පෙරුමාල් Monday, 09 November 2015 11:57 AM

‘ඇසීම‘ මත හැම දෙයක්ම රඳා පවතිනු ඇත. (අ)

:       0       0

රෝහණ Tuesday, 10 November 2015 08:10 AM

ලසන්ති , සිල් රෙදි බෙදපු එක නෙමෙයි වැරැද්ද. ඒවා අපේ සල්ලි වලින් බෙදූ එකයි වැරැද්ද. (නි)

:       0       0

විමලසිරි Monday, 09 November 2015 05:01 PM

අපි බලමු මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)

:       0       0

ලසන්ති Tuesday, 10 November 2015 04:08 AM

සිල්රෙද්දත් ඡන්ද ප්‍රචාරක අංගයක් හැටියට යොදාගන්න තරම් අපේ දේශපාලඥයෝ පිරිහිලානේ? (නි)

:       0       0

ලයනල් Tuesday, 10 November 2015 04:08 AM

මෙම සිල්රෙදි ඇඳි බෞද්ධ බැතිමතුන් මෙම පුවත බැලුවිට ඉමහත් සන්තාපයකට පත්වන්නට ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site