IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඡන්දෙට රජයේ වාහන ගත් මන්ත්‍රීන්ට දඬුවම් ඉල්ලයි

ඉකුත් මහ මැතිවරණයේදී වාහන භාරදිය යුතුව තිබූ එහෙත් භාරනොදුන් මහජන නියෝජිතයින්ට එරෙහිව රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ වරද යටතේ ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලමින් පැෆරල් සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් එවා ඇත.

රජයේ අමාත්‍යවරුන් හා වාහන භාවිතා කිරීමට සුදුසුකම් ලබාසිටි අපේක්ෂකයින් භාවිතා කර ඇත්තේ ඔවුන්ට හිමි වාහනද යන්නත්,එකී වාහන සඳහා රුපියල් ලක්ෂය බැගින් ගාස්තු ගෙවා ඇතිද යන්නත් සොයා බලන ලෙසද එම සංවිධානය ඉල්ලා තිබේ.

මැතිවරණයේදී රජයේ වාහන භාවිතයට සුදුසුකම් නොලද පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්,පළාත් පාලන ප්‍රධානීන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් භාවිතා කළ රථවාහන පිළිඹදවද සොයාබලන ලෙස එම සංවිධානය ඉල්ලා ඇත.

රාජ්‍ය වාහන අවභාවිතය පිළිඹදව ඉතා විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබී තිබූ බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවද පැෆරල් සංවිධානයේ ලිපියේ සඳහන්ය.



අදහස් (0)

ඡන්දෙට රජයේ වාහන ගත් මන්ත්‍රීන්ට දඬුවම් ඉල්ලයි

අස්මිත් Sunday, 06 September 2015 03:14 AM

කැනඩා දිසා, ඔබ හරි. නමුත් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ටිකක් එතනින් ඔබ්බට ගිහින් විශේෂ වූ යමක් කළයුතුය‍ි (ටික කාලයක් හෝ ) (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 05 September 2015 03:50 AM

හිටපු ජනපතිට දුන් වාහන නැවත දුන්නාද? දැන් ඔහුට වාහන කොපමණක් සහ ආරක්ෂාවට කොපමණ බලඇණියක් තියෙනවාද? දැන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී පමණයි. එසේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට අදාළ වාහන සහ ආරක්ෂාව පමණයි ඔහුට හිමිවිය යුත්තේ. ඔහු හිටපු ජනපති හැටියට, නැවත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් අපේක්ෂා නොකර සිටියා නම් ඔහුට හිටපු ජනපති වරප්‍රසාද හිමිකම ලැබිම සුදුසුයි (නි)

:       0       0

චන්න බුවනක Friday, 04 September 2015 04:59 PM

ඕවා කෙරෙන වැඩද? (නි)

:       0       0

විකුම් Saturday, 05 September 2015 01:09 AM

මැති ඇමතිවරුන්ට වාහන දෙන එක නවත්වන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 305 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site