IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඡන්දෙට බාධා උත්සව 30ක් නවත්වයි

(සුජිත් හේවාජුලිගේ)

නිදහස් මැතිවරණයකට බාධාකාරී වූ දේශපාලන මැදිහත්වීමෙන් කෙරුණු උත්සව සහ වැඩසටහන්   තිහකට ආසන්න ප්‍රමාණයක් කොමිසමේ නියෝගයෙන්  නතර කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

කොමිසමට ලැබුණු  පැමිණිලි අනුව,  දේශපාලන මැදිහත්වීමෙන්  ඡන්ද දායකයන්ට භාණ්ඩ බෙදාදීම්  සහ පත්වීම් ලබාදීම් ඇතුළු වැඩසටහන්  කිහිපයක් මෙසේ නතර කෙරුණු බවද  ඔහු සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණ තවමත් ක්‍රියාත්මක වෙමින් පැවතීම  සහ  ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය ආසන්නවීම  යන කරුණු සැලකිල්ලට ගෙන   කොමිෂන් සභාව මෙම පියවර ගෙන  ඇත.

නිදහස් මැතිවරණයකට බාධාවන සිද්ධීන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ දිනවල දැඩි විමසිල්ලෙන් පසුවන බව පැවසූ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මකවීමට නිලධාරී කණ්ඩායම් සූදානමින් තබන බවද ප්‍රකාශ කළේය.
මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාවන සිද්ධීන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන්  සභාවට  දැන් දැන්  පැමිණිලි  ගලා එමින් තිබෙන බව මැතිවරණ කොමිෂන්  සභාව පවසයි.

මේ අතර ඡන්ද අල්ලස් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා   විමර්ශන කොමිෂන් සභාවද මේ දිනවල  විමසිල්ලෙන් පසුවන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

 



අදහස් (3)

ඡන්දෙට බාධා උත්සව 30ක් නවත්වයි

Nanda Thursday, 25 July 2024 08:39 AM

හොඳයි

:       2       13

de silva Thursday, 25 July 2024 11:31 AM

තවම මැතිවරණයට දින නියමකරලා නැතුව කොහොමද කියන්නේ උත්සව තියන්න එපා කියලා ?

:       2       5

upul Thursday, 25 July 2024 05:43 PM

මේ මොන කොමිසමයමක්ද ? අනුන් කරන රෙද්දවල් ගැන හොයන්න කලින්, තමන්ගෙ ජොබ් එක කළොත් තමයි හොඳ.... ඡන්දෙ ප්‍රකාශ කරනවා හලෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site