
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඡන්දෙට කෝටි 40 වියදම් කරලා මෙතනට එන මන්ත්‍රීවරුන් සිටින බව පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
ඒ විදියට වියදම් කරලා ඇවිත් ඒ වගේ පස් ගුණයක් හම්බ කරන බවද ඔහු සඳහන් කළේය.
රණසිංහ මහතමෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය.
අපි ගෝඨාභය බලයට ගෙනාවේ දූෂණයෙන් තොර රටක් හදන්නයි. විවිධ අඩුපාඩු නිසා ඔහුට ගෙදර යන්න සිද්ධ වුණා. මේ රටේ කඩා වැටීමට සියලු දේශපාලන පක්ෂ වගකිව යුතුයි. අසූ අට අසූ නවය යුගයක් ඒකට වග කියන්න ඕන.
මේ රට කඩා වැටෙන්න ප්‍රධාන වශයෙන් හේතු වුණු විධායක ජනාධිපති ධූරය අහෝසිවිය යුතුමයි. කෝටි 40 වියදම් කරන අපේක්ෂකයන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. කෝටි 40 වියදම් කරලා මොකටද පාර්ලිමේන්තුවට එන්නේ. කවුද ඒ කියලා ඔබතුමා දන්නවා. ආපු වෙලාවේ ඉඳලා වියදම් කළා වගේ පස් ගුණයක් හම්බ කරන්න උත්සහ දරනවා. රට කඩා වැටීම ඒකෙ ප්‍රතිඵලයක්. ආසනයට වග කියන මන්ත්‍රීවරයකු හදන්න ඕන. රජය එක මැතිවරණයක් සඳහා කෝටි දාහක් වියදම් කරනවා. මේ මුදල් වලින් විශ්ව විද්‍යාල කීයක් හදන්න තිබුණද. විශ්ව විද්‍යාල පහළොවක් හදන්න තිබුණා. අපේක්ෂකයන් කොච්චර සල්ලියක් නාස්ති කරනවද.
මේ මැතිවරණය සාධාරණද. මැතිවරණ කොමිසමම මුලින්ම අසාධාරණයක් කරනවා. අපේක්ෂකයන් තිස්නවයක් ඉද්දි අපේක්ෂකයන් හතර දෙනෙකුට පමණක් තැන් හතරකට ජනතාව ගෙන්වන්න අවස්ථාව දෙනවා. ඒකම අසාධාරණයක් නේ.
මේ විධායක ජනාධිපති ක්‍රමය තියෙනකම් රට හදන්න බැහැ. පොල් ගහට දෙල් ගහ කියන ක්‍රමය නැවැත්විය යුතුයි. මේ මන්ත්‍රීවරුන් 225 දෙනා අද රූකඩ.
මම ඉදිරිපත් කරන මේ ව්‍යවස්ථා සංශෝධන ටික කරන්න.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දෙට කෝටි 40 වියදම් කරන අපේක්ෂකයන් ඉන්නවා
යෝගා Wednesday, 21 August 2024 02:01 PM
දේශපාලන පක්‍ෂයක සහයෝගය නැතුව ජනාධිපති වෙන්න බැරිබව දැන දැනම නිකං දොඩවනවා. වෙනත් අරමුණක් නැති නම් ප්‍රයෝජනවත් වැඩක යෙදෙන්න...
සෙනෙවිරත්න Wednesday, 21 August 2024 03:49 PM
88/89 යුගයට රට ඇද දැමුවේ හිතුවක්කාර විධායක ක්‍රමය බව කියන්න දිව නැමෙන්නෙම නැහැ නේද? කළ ලාම්පු සෙල්ලම, පක්ෂ තහනම, චිට් මන්ත්‍රී, විරුද්ධ වාදින් මර්දනය, මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම එිකට හේතු වුණා. ඒක නිසා 88/89 ජවිපෙට දොස් තියන අය කණ්නාඩියක් ඉදිරියට යන්න...!
UPALI Wednesday, 21 August 2024 04:03 PM
රටවල් 5ක සින්නක්කර ඉඩම් තියෙන බව පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒක ගැනත් කියන්නකෝ...!