IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ඡන්දෙට එනවනම් විභාග සහතික අනිවාර්යයි?



(සුජිත් හේවාජුලිගේ )

මැතිවරණ වලට තරග කිරීමට පෙර අපේක්ෂකයන්   අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකම් සම්බන්ධයෙන් දත්ත පත්‍රිකාවක් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීම අනිවාර්ය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළයුතු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ  වෙනත් බහුජන සංවිධාන රැසක්  මැතිවරණ කොමිෂන් සභා ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

සමහර මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් රටේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවීම සැලකිල්ලට ගෙන එවැනි තත්ත්වයක් ඉදිරියට ඇතිවීම වැළැක්වීමේ අරමුණ ඇතිව බව ෆැෆරල්  සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් අපේක්ෂකයන් තෝරා ගැනීමට ඡන්දදායකයන්ට පිටුවහලක් වන බවද  ඔහු කීවේය. එම ක්‍රමවේදය මැතිවරණ කොමිෂන් සභාව හරහා ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ඒ ඒ දේශපාලන පක්ෂවලට අන්තර්ජාලය හරහා එය ක්‍රියාවට නැංවීමට හැකි බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි .පසුගිය මහ මැතිවරණයේදී සියලු අපේක්ෂකයන්ගේ මූලික  දත්ත රැස් කිරීමට උත්සාහ දරුවත් තොරතුරු ලබා දුන්නේ අපේක්ෂකයන්ගෙන්  දහසකට අඩු ප්‍රමාණයක් බව රෝහණ හෙට්ටිආරච්චි මහතා කීය

හිටපු කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන්ද  තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන්ද පසුගිය දිනවල ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවිය.



අදහස් (14)

ඡන්දෙට එනවනම් විභාග සහතික අනිවාර්යයි?

AB Friday, 27 December 2024 08:41 AM

ඩී එස් සේනානායක ඔක්ස්ෆඩ් සරසවියෙන් පැමිණි බණ්ඩාරනායකට වඩා ලංකාව හොදින් පාලනය කළේය. අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වේ. නමුත් දේශපාලනයේ දී උගත්කමට වඩා බුද්ධිමත්කම වැදගත්වේ. උගත්කම සහ බුද්ධිමත්කම දෙකම ඇත්නම් එය ඉතාම වටිනේය. මේ දෙකම ඇතත් වාසනාවද තිබිය යුතුමය. උගත්කම, බුද්ධිමත්කම සහ වාසනාව මේ සියල්ල ඇතත් අවංකකම මනුෂ්‍යතත්වයක් නොමැතිනම් ඔවුන් කුමන දක්ෂයන් උවද රටට සේවය කිරීමට දේශපාලනයට නොපැමිණ ඔවුන්ගේ පුද්ගලික රාජකාරියක් හෝ වියාපාරයක් කිරීම ඔවුන්ටත්, රටටත් කරනාවූ හොදම සේවය සහ යහපත වේ.

:       5       111

බුද්ධික මග්ගොන Saturday, 28 December 2024 02:00 PM

ඔයා නම් හරියටම කියලා තියෙනවා. ගොඩාක් මිනිස්සු හිතන්නේ උගත්කම තියෙනවා නම් අනිත් ඔක්කොම සම්පුර්ණයි කියලා. නමුත් බුද්ධිමත් කම කියන්නේ වෙන එකක්... පසුගිය රජයේ හිටපු ආචාර්ය, මහාචාර්ය වරුන්ගෙන් සැදුම්ලත් බුද්ධි බලකාය කරපු ගොන් වැඩ දැක්කනේ...

:       0       0

Chaminda Friday, 27 December 2024 09:21 AM

පොහොට්ටුවෙ බොහොමයකට තමයි වරදින්නේ අධ්‍යාපන සුදුසුකම් සමඟ ගමේ ඉස්කාගාර හා කසිප්පු හා මත්ද්‍රව්‍ය වෙළදාම ගැන පොලිස් වාර්තාත් ගන්නවා නම් හොදයි ඒවා ගැන සාමාන්‍ය ජනතාවටත් රහසිගතව හෝ තොරතුරු දෙන්න අවස්ථාව තිබේනම් පොලිසියට මඟහැරෙන තොරතුරු ලැබේවි...

:       78       38

ravin Friday, 27 December 2024 09:55 AM

එක හොඳයි... නැතිනම් සමහරුන්ගේ එකම සුදුසුකම කසිප්පු පෙරීම මත්ද්‍රව්‍ය අලවිය හා බෙදාහැරීම ආදී වේ....

:       68       35

manjula Friday, 27 December 2024 12:11 PM

අධ්‍යාපන සහතික තියන එක හොඳයි.... නමුත් අධ්‍යාපන සුදුසුකම් නැති නමුත් නායකත්වයට සුදුසු බොහෝ දෙනෙක් ඉන්නවා...

:       8       65

ජයනාත් Friday, 27 December 2024 01:54 PM

රාජ්‍ය සේවයට එනකොට තියෙන ක්‍රමවේදය මෙහිදීත් ක්‍රියාත්මක කළ යුතුයි.

:       3       28

abeygunasekarasampath95 Friday, 27 December 2024 04:12 PM

හොඳ තීරණයක්

:       0       0

ගමේ එකාලා Friday, 27 December 2024 04:41 PM

හොඳ අදහසක්.. මෙච්වර කල් ආපු අයට තිබුනේ, අට පාස්, මාල කැඩීම් , හොරකම්, වන්චා, දූෂණ, දූෂිත පවුල් පාලනේ කෙනෙක් වීම, බොරුව, රැවැටිලි, මැරකම්, ජඩකම්, මිනීමරුවෝ, ස්ත්‍රී දූෂකයෝ වීම. හොරට ලියලා විභාග පාස්වෙච්චි අයනේ පහුගිය කාලවල පුරාවටම හිටියේ...!

:       27       14

amda Friday, 27 December 2024 05:41 PM

ඕවා චෙක්කරන්න වෙනම දෙපාර්තමේන්තුවක් ඕනේ... නැත්නම් නීතිය තද කරන්න ඕනෙ වැරැදි හෝ අසම්පූර්ණ තොරතුරු ලබා දීම දේපල රජයට පැවැරෙන බවට...!

:       1       8

විපරමා Friday, 27 December 2024 11:01 PM

කීයක් හරි වියදම් කෙරුවේත් හොරට සහතික වුණත් ගන්න බැරිවෙන එකක් නැහැ. හොර සල්ලි, රියැදුරු බලපත්‍ර, හොර අයි.ඩී., හොර පාස්පෝට්, උප්පැන්න පවා හොරට ගත්තු අය ඉන්නවා.

:       0       0

chandima Saturday, 28 December 2024 12:54 AM

මේ යන විදියට කම්කරුවෙකුට ජනතා නියොජිතයෙන් වෙන්නට බැරි වෙයිද?

:       0       1

Perera Saturday, 28 December 2024 09:16 AM

අද දේශපාලනයට එන බොහෝ දෙනා ගමාකන්න එනවා මිසක් රටක් ගැන හිතලා නෙවෙයි එන්නේ. ඒකට උගත්කම, බුද්ධි මට්ටම් අදාල නැහැ.

:       1       0

Nishan Saturday, 28 December 2024 09:36 AM

හොර උපාධිකාරයින්ට එන්න දීලා ගේට්ටුව වහලා වැඩක් නෑ.

:       0       1

Vidya Saturday, 28 December 2024 10:39 AM

ගණිතය, ඉතිහාසය, භූගෝල විද්‍යාව, සමාජ විද්‍යාව පිළිබඳව ප්‍රශ්න පත්‍රයක් පිළියෙළ කොට දැනුම පරික්ෂා කිරීමේ විභාගයකට ඉදිරිපත්වී සමත් ලකුණු ලබාගත් අයට පමණක් ඡන්දයට ඉදිරිපත් කිරීමට ඉඩ දිය යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 303 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 790 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site