IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


‘ඡන්දෙට ආවොත් මනාප 300000 ගන්නවා’

තමා ඡන්දයකට ඉදිරිපත් වුවහොත් කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද තුන්ලක්ෂයක් ලෙහෙසියෙන් ගත හැකි බව බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා  කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී අද පැවසීය.

ඔහු එසේ පැවසුයේ තමාගේ පැමිණිල්ල විභාග කිරීමට ඔහු හවුල් කර නොගන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති  උපුල් ජයසුරිය මහතා කැර ඇති ඉල්ලීමක් සඳහන් කරමිනි.

අනුර සේනානායක මහතා මෙසේ ද කීවේය.

‘මම අවුරුදු සීයයක් ජීවත් වුණත්  පොලීසිය වෙනුවෙන් මා සේවය කරනවා. මහජනයා  එය අගය කරනවා.ඔහුගේ පැමිණිල්ල  ගැන මා කරන පරීක්ෂණයට ඔහු අකමැති වීම ගැන මා බලවත්සේ කම්පාවට පත් වුණා.මා කියන්නේ ඇත්තයි.මේ සිද්ධිය ගැන අහවල් විදියට පරීක්ෂණ කරන්නැයි කිසිවකුගෙන් මා උපදෙස් ගත්තේ නෑ.කිසිවකු මට උපදෙස් දුන්නෙත් නෑ.පෞද්ගලික හේතු මත මේ පරීක්ෂණයෙන් ඉවත් විය යුතු බව මා පොලිස්පතිට ලියා දැන්වූවා.ඉන්පසු පරීක්ෂණය  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්නට බාර දී තිබෙනවා‘.

  



අදහස් (0)

‘ඡන්දෙට ආවොත් මනාප 300000 ගන්නවා’

බුද්ධික Tuesday, 12 August 2014 02:31 AM

කොහොමත් මෙයා අදටත් කරන්නේ දේශපාලනය තමයි. ඒක මෙයා ගැන දන්නා අය දන්නවා. මනාප ලක්ෂ 3ක් දෙන්න නම් මේ රටේ ඡන්ද දායකයෝ බුරුවො වෙන්න ඕනි (නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 12 August 2014 09:45 AM

ලාල් සුරන්ජිත්, බොහෝ විස්තර ඇතුළු කරුණු අන්තර්ජාලයේ විස්තර සහිතව තිබෙනවා.පුලුවන් නම් බලන්න.පුදුමයි. (නි)

:       0       0

සෙනරත් Tuesday, 12 August 2014 09:46 AM

ගොඩක් අය ඔහොම තමයි තමන් ගැන හිතාගෙන ඉන්නේ. ඡන්දෙකට ඇවිල්ලාම බලන්න ඕනෑ නියම තත්ත්වය. (නි)

:       0       0

සමන්ති Tuesday, 12 August 2014 02:44 AM

නිළියන්ටත් ඡන්දෙ දී දිනවන රටක ගායකයෙකුට ඡන්දය නොදෙන එකක් නැත. හැබැයි ජනප්‍රිය ගායකයෙක් පසුගියදා බස්නාහිරදී පරාදයි. (නදී)

:       0       0

ගොඩකදෙනිය Tuesday, 12 August 2014 03:18 AM

අපි මෙයාගේ හොඳ ටීවී එකෙන් දැකලා තියෙනවා. වර්ජනයකට සභාගි උන විශ්ව විද්‍යාල සිසුන්ගෙන් ඇහුවා නම් මෙයාගේ හොද කියයි. ලංකාවේ මිනිස්සු ඉක්මනටම අතීතය අමතක කරන එක තමයි මේ හෙනේ. (නදී)

:       0       0

කුමාර ජයරත්න Tuesday, 12 August 2014 03:30 AM

සභාපති තුමාට ඇමරිකාවෙන් උපදෙස් ලැබෙන්න ඇති ඒ මහත්තයව අයින් කර ගන්න කියලා. මොකද වැඩෙි පත්තු උනොත් ඇමරිකාවටත් මඩනෙ. (නදී)

:       0       0

ලසන්ත ද සිල්වා Tuesday, 12 August 2014 03:30 AM

සින්දු කියල වෙන්න ඇති නේද.(නදී)

:       0       0

සංජීව Tuesday, 12 August 2014 03:33 AM

විශ්‍රාම ගියාම දේශපාලනයට එනවද නැත්නම් තානාපති කමක් අරගෙන යනවද (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 12 August 2014 03:51 AM

ආණ්ඩු පක්ෂෙන්ම වෙන්න ඇති ඡන්දෙ ඉල්ලන්නෙත්. ඔව් ඉතින් දේශපාලනය කරන එකත් දැන් හොදට හම්බ කරන්න පුළුවන් රක්ෂාවක් නේ. (නදී)

:       0       0

අචිනි Tuesday, 12 August 2014 03:56 AM

වෙන කෙනෙක් මෙහෙම කිව්වා නම් හෙට සිට වැඩ තහනම්. කොහොමද කඩේ යාමේ රඟේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 12 August 2014 11:29 AM

නලු නිළියන්ට මන්ත්‍රීලා වෙන්න පුළුවන් රටේ අවංක ජනප්‍රිය පොලිස් නිලධාරියෙකුට මේ කියන මනාප ටික ගන්න බැරිවෙන එකකුත් නැහැ.ඒ වුණාට ඔබතුමා ඔය කරන දේ කරගෙන ඔතන ඉන්න. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 12 August 2014 04:20 AM

නීල්, වෙන මොනවත් අගය කරන්නේ නැද්ද? මොලේ අමාරුවක් තියෙනව නම් ඉක්මනින්ම ගිහින් බෙහෙත් ටිකක් ගන්න (නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 12 August 2014 04:23 AM

බුද්ධික, ඔබ හරි ලංකාවේ ඉන්නේ ඔක්කොම මෝඩයෝ කියල වෙන්න ඇති හිතන් ඉන්නේ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 12 August 2014 04:25 AM

රටට රටේ ජනතාවට මොන තරම් සේවයක් කරලා තියෙනවා කියල කියන්නේ අර නැති වුන රත්තරන් කඩු වලට "කන් ගැට්ටෙක්" හොයා ගත්තා. මාද්‍යවේදිනිය මරපු එකට "තීන්ත බාස්" කෙනෙක් හොයා ගත්තා. නීති අංශයේ ලේකම්ට අධි ආරක්ෂිත කලාපයේදී පහර දුන්නු එකට දුරකථන අංක ලක්ස 5 ක් පරික්ෂා කළා. අනේද කියන්නේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 12 August 2014 04:32 AM

සේනානායක මහත්තයට කාට ආරක්ෂාව දෙන්න පුළුවන් උනත් මේ වගේ අයටනම් දෙන්න ටිකක් අමාරු වේවි. මෙයාට ආරක්ෂාව අවශ්‍ය වෙන්නේ මෙයාගේ හෘද සක්ෂියෙන්ම තමයි. (නදී)

:       0       0

කුමාරි Tuesday, 12 August 2014 04:35 AM

මට හිතා ගන්න බැරි එක කාරණයක් තියනවා. ලංකාව තුල මොන තරා තිරමක සිටින කෙනෙක් උනත් අන්තිමට පතන්නේ මැති ඇමති වෙන්නද? නිකන් එ්ක මට පෙනෙන්නේ නිවන් පතනවා වගේ. අනේ මම මෙතුමාට අපහාස කළා නෙමේ. මෙතුමා හොඳ පෞර්ශයක් තියන බුද්දිමත් මහත්මයෙක්.(නදී)

:       0       0

රොබින් Tuesday, 12 August 2014 04:36 AM

දැනට අවුරුදු තිහකට පමණ පෙර අනුර සේනානායක මහතා උප පරීක්ෂක වරයෙක් වශයෙන් සේවය කරනකොට එක්තරා පළාතක අවමගුල් පෙරහැර කට කරන ලද ගෞරවාන්විත උත්තමාචාරය එක්තරා පුවත්පතක ඉහලින් වර්ණනා කරලා තිබුන හැටි මට තවම මතක තියෙනවා. (නදී)

:       0       0

වසන්ති Monday, 11 August 2014 01:52 PM

පොලිසිය දේශපාලනය කරනවා කියන්නේ ඕක තමා. පොලිසියේ මහත්වරු දැන් ඒගොල්ල ගන්න මනාප ගානත් දන්නවා. ජය වේවා (නදී)

:       0       0

අමිල Tuesday, 12 August 2014 04:45 AM

මම නම් හිතන්නේ ලක්ෂ 3 නෙමෙයි ඊට වැඩිය ගන්න පුළුවන්. (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Monday, 11 August 2014 01:58 PM

එක කාලෙකට මටත් ඔහොම හිතුනා (නදී)

:       0       0

නීල් Monday, 11 August 2014 02:03 PM

මහත්මා ගති පැවතුම් තියෙන හොඳ මහත්මයෙක්. මම ගොඩක් අගේ කරනවා ඔහු ගැන. ඒ වගේම ඔහු සතු පැහැදිලි කටහඬ හා වචන හැසිරවීම ගොඩක් අගේ කරනවා (නදී)

:       0       0

ගාමිණී Tuesday, 12 August 2014 04:48 AM

කරුණාකර එතුමා ගැන නොදන්නේ නම් අදහස් දාන්න එපා.අපේ පොලිස් දෙපාර්මේන්තුවේ සිටින ඉතා වැදගත් ,දක්ෂ මහත්මයෙක්. (නි)

:       0       0

නිමල් Monday, 11 August 2014 02:42 PM

ජය වේවා පොලිසියට .(දිල්)

:       0       0

කේ.නීල්.රන්ජන්. Monday, 11 August 2014 02:56 PM

රතු කොළ නිල් මොන පාටින්ද මහත්තයෝ ?(දිල්)

:       0       0

සිල්වා Tuesday, 12 August 2014 05:06 AM

මෙතුමාගේ අවංක සේවය ගැන දන්නෝ දන්නවා (නි)

:       0       0

සදුනි Monday, 11 August 2014 03:20 PM

දක්ෂ අවංක නිලධාරියෙක්...මොන පක්ෂයෙන් ඉල්ලුවත් දිනනවා..අනේ දේශපාලනේටනම් එන්න එපා.(දිල්)

:       0       0

ෂෙහාන් Tuesday, 12 August 2014 05:12 AM

මෙහෙම ගියොත් තව කවුරු කවුරු ඡන්දෙ ඉල්ලාවිද දන්නෙ නැහැ (නි)

:       0       0

සුරේන් Tuesday, 12 August 2014 01:08 PM

ඇත්තටම අනුර සේනානායක මහතා මිනිසුන්ට හිතවත් හොඳ නිලධාරියෙක්. (නි)

:       0       0

ජගත් Tuesday, 12 August 2014 05:13 AM

මා දන්නා විදියට ලංකාවේ දේශපාලනය කියන්නේ මඩ ගොහොරුවක්. (නි)

:       0       0

අජිත් Tuesday, 12 August 2014 05:18 AM

මෙතුමා මේ ප්‍රකාශය හරහා මොනවද බලාපොරොත්තු වෙන්නේ? (නි)

:       0       0

මහින්ද Monday, 11 August 2014 03:44 PM

ඔබතුමාට මිනිසුන් කොහොමත් මනාපයි (නි)

:       0       0

ජොහාන් Tuesday, 12 August 2014 05:18 AM

හරි. නිල ඇඳුම පැත්තකින් තියලා කොච්චර ඡන්ද ගන්න පුලුවන්ද එතකොට? (නි)

:       0       0

කමල් Monday, 11 August 2014 04:01 PM

ලංකාවේ හැමෝම එකම විදියට හිතන්නේ නැහැ (නි)

:       0       0

ටිරෝන් Tuesday, 12 August 2014 05:27 AM

කොහොමද දන්නේ නැහැ ඒ තරම් ගන්නේ? (නි)

:       0       0

කුමාර් දේ සිල්වා Tuesday, 12 August 2014 01:27 PM

අපේ රටේ දේශය පාලනය කරන්න යන අය කරන්නේ අපේදේශය පාලු කරන එකයි.තමන් පාලනය කරගන්න තමන්ට බැරිනම් මේ බොහෝ දෙනෙකු කොහොමද රටක් හෝ පලාතක් පාලනය කරන්නේ.ලොව පොලිස් සේවාවන් ගෙන් ශ්‍රී ලංකාවේ පොලිස් සේවයට හිමි වන්නේ කුමන ස්ථානයක් කියල හොයලා බලන්න. (අ)

:       0       0

සත්‍යයා Monday, 11 August 2014 04:03 PM

පොලිසියට අමුතුවෙන් දේශපාලනයට එන්න ඕනෑ නැහැ කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

කාලිංග Monday, 11 August 2014 04:05 PM

දන්නෝ දනිති (නි)

:       0       0

මිනිපෙ Monday, 11 August 2014 04:17 PM

පොලිසියේ අය මෙතරම් ජනප්‍රියද? (නි)

:       0       0

මිගිද Monday, 11 August 2014 04:25 PM

නීල් , මම හිතන්නේ වෙන කෙනෙක් ගැන වෙන්න ඇති (නි)

:       0       0

ගාමිණී - සිරිවර්දන Monday, 11 August 2014 04:27 PM

මොනතරම් අවංක, නිහතමානි උසස් ගතිගුණ තිබුනත් පොලිස් සේවයේ ඉන්නතුරු තමයි කාගේත් සැළකිල්ල. විශ්‍රාමයෙන් පසු , බොහෝ දෙනෙකුට ඔය හිතන සැළකිලි නැහැ (නි)

:       0       0

ප්‍රනීත් Monday, 11 August 2014 04:53 PM

අනේ අම්මෝ! උඩ තිබෙන අදහස් වලින්ම අපේ රටේ මිනිසුන්ගේ බුද්ධි මට්ටම පෙනෙනවා (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 12 August 2014 06:21 AM

අනිවාර්යයෙන්ම එහෙම වෙයි (නි)

:       0       0

රෝහිත Monday, 11 August 2014 05:06 PM

මෙහෙම ගියොත් ලංකාවේ සියල්ලෝම මන්ත්‍රීලා, ඇමතිලා වෙනවා. මේ අහිංසක අපිට මොකද වෙන්නේ? (නි)

:       0       0

කණිෂ්ක Monday, 11 August 2014 05:05 PM

එඩිතර ප්‍රකාශයක් (නි)

:       0       0

චාන්දනී Monday, 11 August 2014 05:05 PM

නියම මහත්තයෙක් (නි)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 11 August 2014 05:08 PM

සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වැව් ඉස්මත්තේ.... මනාපයන් එගොඩ නොවන්නේ.... ඔබත් එහාටම කැඳවා යන්නට යාවී..... ඔබත් අපේ කෙනෙක් කියාලා.... (නි)

:       0       0

සෙනෙවි Monday, 11 August 2014 05:19 PM

දැන් කොහොමද ඔය තිස් දාහ ගන්නේ? (නි)

:       0       0

බන්දුල ‍ Monday, 11 August 2014 05:30 PM

ඡන්ද ලක්ෂ 3ක්? ඒකත් බලනකොට ලේසි නැහැ (නි)

:       0       0

සුනෙත් Monday, 11 August 2014 05:35 PM

පොලිසියේ මහතුන්ට ජනතාව හරි ආදරෙයිනේ (නි)

:       0       0

ධම්ම Monday, 11 August 2014 05:39 PM

කවුද කියන්නේ සේනානායක මහත්තයාට බැහැ කියලා මනාප ගන්න? (නි)

:       0       0

සමන්ත Monday, 11 August 2014 05:48 PM

මේ වගේ පොලිස් නිලධාරීන්ද අපිට ඉන්නේ? (නි)

:       0       0

අරවින්ද Tuesday, 12 August 2014 07:02 AM

හොඳයි. ඒ ගාණ අරගෙන පෙන්වන්නකෝ (නි)

:       0       0

රන්ජි Monday, 11 August 2014 05:52 PM

එතුමා දේශපාලනයට ආවොත් මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 11 August 2014 05:58 PM

සේනානායක මහතා ගැන නොදැන අපහාසයට ලියන්න එපා. එතුමා හොඳ නිලධාරියෙක් (නි)

:       0       0

ද සිල්වා Tuesday, 12 August 2014 07:05 AM

අනේ මහත්තයෝ, ප්‍රවේශමෙන්. නිකන් අමාරුවේ නම් වැටෙන්න එපා (නි)

:       0       0

වසන්ත Monday, 11 August 2014 06:11 PM

ඔබතුමා හිතාගෙන ඉන්න විදියටම ඔය ඡන්ද ලැබෙයිද? (නි)

:       0       0

ලොකුලියන Tuesday, 12 August 2014 07:15 AM

බන්දුල පෙරේරා, ඔබතුමා නටන්නේ නැතුව ඉන්නකෝ. (නි)

:       0       0

ලසන්ත Monday, 11 August 2014 06:25 PM

හැමෝම දන්නවා මේකෙ තිබෙන රහ. (නි)

:       0       0

සෑම් Tuesday, 12 August 2014 07:23 AM

ඔහොම යමුකෝ (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 12 August 2014 07:34 AM

මනාප ඉල්ලලා දේශපාලුවෝ අමනාප කරගත්තොත් ,අන්තිමට ඔබතුමාට සිදුවෙන්නේ දේශද්‍රෝහී ලේබලය අලවාගන්නයි (නි)

:       0       0

සංජීව Monday, 11 August 2014 07:11 PM

බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

විතාරණ Monday, 11 August 2014 07:25 PM

අවංක සහ නියම එඩිතර නායකයෙක් (නි)

:       0       0

හේවාවිතාරණ Monday, 11 August 2014 07:28 PM

එඩිතර මහත්මයෙක් (නි)

:       0       0

හේමා Tuesday, 12 August 2014 03:56 PM

මමත් මගේ ඡන්දය දෙනවා (නි)

:       0       0

චමින්ද Monday, 11 August 2014 08:05 PM

හොඳ මහත්මයෙක්. තමයි.ඒ වුණාට පොලිසියේ නීතිය, හරියට ක්‍රියාත්මක කරන්න යාමේදී ප්‍රවේශම් වන්න (නි)

:       0       0

දිනාර Monday, 11 August 2014 08:38 PM

මමත් එතුමා ගැන හොඳට දන්නවා.දක්ෂ නිලධාරියෙක්. (නි)

:       0       0

රසික සම්පත්. Monday, 11 August 2014 08:50 PM

ඇයි මහත්තයෝ, හොඳ නැද්ද දැන් කරන රස්සාව? (නි)

:       0       0

හැරිසන් Monday, 11 August 2014 09:01 PM

අනේ! මම නම් විශ්වාස කරන්නෙ නැහැ (නි)

:       0       0

ජගත් Monday, 11 August 2014 09:25 PM

දක්ෂ, අවංක කියන වචන වල තේරුම සමහර අය දන්නෙ නැහැ (නි)

:       0       0

චන්දන Monday, 11 August 2014 09:50 PM

මොනවද මහත්තයෝ මේ කියන්නේ? (නි)

:       0       0

අපොන්සු Tuesday, 12 August 2014 08:13 AM

පොලිස් සේවයේ රාජකාරි කටයුතු කරමින් සිටියදීම පක්ෂ දේශපාලනය ගැන කටයුතු කිරීමෙන් පොලිස් සේවයේ අපක්ෂපාති භාවය මොනවට විදහා පෑම වෙනුවෙන් මේ උත්තමයට ශ්‍රී විභූෂණ පදක්කම පිරිනැමිය යුතුයි. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 11 August 2014 10:39 PM

අනේ මෙන්න වැන්ඳා, පාඩුවේ ඉන්න මහත්තයෝ! (නි)

:       0       0

මොහාන් Tuesday, 12 August 2014 08:15 AM

පොදු අපේක්ෂකයා කලොත් නරකද ? (නදී)

:       0       0

නෙත්රූ Monday, 11 August 2014 10:46 PM

සදුනි,එයා ගැන අපි දන්නවා (නි)

:       0       0

උපාලි Monday, 11 August 2014 11:02 PM

වසන්ති ඔබ හරි. මේක පොලිස් නිලධාරියෙක් කිවයුතු කතාවක් නෙමෙයි (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 12 August 2014 08:30 AM

මෙතුමටත් හොඳට සල්ලි ඇතිනේ ඡන්දෙට වියදම් කරන්න. මනාප ගන්න හොඳ ප්‍රචාරයක් අවශ්‍යයි නේ. නැත්නම් මට හිතා ගන්න පුළුවන් මෙතුමා මනාපේ ගන්න හැටි ඉතින් එතුමා ශ්‍රී ලංකා අාශ්චර්යේ තියෙන පොලිසියට අයිති කෙනෙක් නේ. හිතාගන්න බැරි එවැනි දේ උසාවියකදී කියන්නේ අැයි කියලා (නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 12 August 2014 12:16 AM

ඒ කියන්නේ දැනටම පාර කපා ගනිමින් යනවා දේශපාලනයට එන්න. එහෙමද? (නි)

:       0       0

සමන්ත Tuesday, 12 August 2014 12:45 AM

ඕකට ඉතින් අමුතුවෙන් ඡන්දෙ ඉල්ලන්න ඕන නැහැ. දැන් ඔබතුමාලා කරන්නෙත් ඔය ටිකම තමා (නදී)

:       0       0

චාන්දනී Tuesday, 12 August 2014 01:08 AM

හැමෝම තමන් ගන්න ඡන්ද සංක්‍යාව ගැන කලින් දන්නවා නම් දැන් මොකටද ඒවා ගණන් කරන්න කියලා කට්ටියක් වෙනමම යොදවන්නේ ? (නද)

:       0       0

ජිලෝ Tuesday, 12 August 2014 01:10 AM

මාගේ මනාපේ සොයා යන්නේ (නදී)

:       0       0

කැලුම් Tuesday, 12 August 2014 01:25 AM

කසිප්පු ජාවාරම්කාරයන්ගේ මනාපෙ නම් හම්බවෙයි (නදී)

:       0       0

හේමා Tuesday, 12 August 2014 01:31 AM

තමන් ගන්න ඡන්ද සංක්‍යාව කලින් දන්නා එක නම් ආශ්චර්යයක්ම තමයි. (නදී)

:       0       0

බිමල් සංජීව Tuesday, 12 August 2014 01:33 AM

ඔක්කොම දේශපාලනය කිට්ටු වෙන්නේ ඔය වර්ණපාල තියරිය පාවිච්චි කරලා තමයි. මෙතනත් ඒකේ කිසිම වෙනසක් නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 102 0

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 273 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට
2025 මැයි මස 13 659 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 420 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 2243 3

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 572 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1273 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1535 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site