IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


චීන ජනාධිපති යුරෝපා සංචාරයක් අරඹයි

චීන ජනාධිපති ෂී ජින්පින් යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියේය. චීන ජනාධිපතිවරයා මෙසේ යුරෝපා සංචාරයක් ආරම්භ කළේ වසර පහකට පසුවය.

ජනාධිපති ආර්යාව පෙංග් ලුවාන් ද මෙම සංචාරයට එක් වී සිටින්නීය. ඊට අමතරව, චීන රජයේ නියෝජිතයන් පිරිසක් ද ව්‍යාපාරික ප්‍රධානීන් පිරිසක් ද සංචාරයට එක් වීම විශේෂත්වයකි.

ප්‍රංශ සංචාරය අතරතුරේ ජනාධිපති ෂී ජින්පින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ද ලින් ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

පසුගිය කාලයේ රුසියාව සහ යුරෝපා රටවල් අතරේ සබඳතා පළුදු විය. ඒ, රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙනි. චීනය රුසියාව සමඟ සමීප මිතුදම් පවත්වයි. කොන්දේසි විරහිතව රුසියාවට සහාය දෙන බවට ද චීන ජනාධිපතිවරයා ප්‍රතිඥා දී ඇත. මෙය යුරෝපා බටහිර රටවල විරෝධයට හේතුවක් විය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (1)

චීන ජනාධිපති යුරෝපා සංචාරයක් අරඹයි

samanali gamage Monday, 06 May 2024 05:58 PM

සමාජවාදී බෝඩ් එක ගහගෙන කොයි නායකයා යන්නෙත් ධනවාදීන් හොයාගෙන මුදල් හොයන්න. ඉතින් රනිල් ජනාධිපතිගේ... ලිබරල් ධනවාදි ප්‍රතිපත්තිය ඔය හොඳයි කියන්නේ... මොකද සමාජවාදී රටවල්වල නොයන්නේ යන්න පුළුවන්, යන්නේ නැහැ... මොකද ඔවුන් දුක් විඳිනවා. ඒකයි ඇත්ත කතාව.

:       2       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගු ලොක්කන්ට කෝටි 2400ක සන්තෝසම්
2024 මැයි මස 19 85 0

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක් 2012 ව


සුරක්ෂා දෙන්න කැබිනට් අනුමැතිය
2024 මැයි මස 19 50 0

ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ’’සුරක්ෂා’’ සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ති


බදුල්ලේ අවහිර වී තිබූ ප්‍රධාන මාර්ග දෙකම විවෘත කරයි
2024 මැයි මස 19 127 0

නාය යාම හා පස් කඳු කඩා වැටීම හේතුවෙන්ව අවහිර වී වැසී තිබූ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග දෙකම අද( 19 ) විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.


දිස්ත්‍රික්ක හතකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 මැයි මස 19 92 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 37 කට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ


වැස්ස තව තවත් වැඩිවන ලකුණු
2024 මැයි මස 19 387 0

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත


නැගෙනහිර මුහුදේ අනතුරක්
2024 මැයි මස 19 842 0

මඩකලපුව ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 42 ක් පමණ දුරින්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට ලක් වූ අස්වර් නමැති මෙරට බහුදින ධීවර ය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 794 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2347 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2013 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site