(විමුක්ති එස් රුද්‍රිගු)

තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුවෙන් විවෘත කළේය. පසුගිය වසරේදී ආරම්භ කළ රාජාභිෂේක ආහාර ව්‍යාපෘතිය කොටසක් ලෙස තෙවැනි චාල්ස් රජු මෙම ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙක විවෘත කර ඇත.
චාල්ස් රජුගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් බකින්හැම් මාළිගය ඇතුළුව රටපුරා තුවක්කු ආචාර වෙඩි මුරද පවත්වා තිබේ. එහිදී අශ්වයකු කුලප්පු අශ්වයා මත සිටි හමුදා නිලධාරියා බිම දමා පැන ගිය පුවතක්ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රාජාභිෂේක ආහාර ව්‍යාපෘතිය යටතේ විවෘත කළ එක් ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක පැවැති "අතිරික්ත ආහාර උත්සවයකට" සහභාගී වෙමින් තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය සැමරුවේය. "අතිරික්ත ආහාර උත්සවයක්" යනු අපතේ යා හැකි ආහාර ද්‍රව්‍ය වලින් ආහාර වේල් පිළියෙළ කර ජනතාව වෙත පිරිනමන උත්සවයකි.
තෙවැනි චාල්ස් රජු 1948 වසරේ නොවැම්බර් 14 වැනිදා උපත ලබා ඇති අතර සම්ප්‍රදායක් ලෙස රජුගේ උපන්දිනය වසරකට දෙවරක් සමරනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චාල්ස් රජුට 76 යි
වික්‍රම විදුර Thursday, 14 November 2024 08:57 PM
අම්මට උඩු අපිව හූරගෙන කාපු අවුරදු ගානමයි..
සනත්Friday, 15 November 2024 02:07 AM
එංගලන්තෙ සුද්දො ලංකාවට ආවේ 1797 දී. සම්පූර්ණ රට අල්ලා ගත්තේ 1815. උන් අපිව සූරාගෙන කාලා තියෙනවා අවුරුදු 130 ක් විතර.