මහින්ද, ගෝඨාභය හා බැසිල් යළිත් දේශපාලනයට එන ලකුණු ඇතත් ඔවුන්ගේ වැඩිමල් සොයුරු හිටපු කථානායක චමල් විශ්‍රාම ගැනීමට යතියි රාවයක් පවතී.
ඔහු සන්ධානයේ අගමැති අපේක්ෂක ලෙස නම් කිරීමේ අදහසක් ඇතැයි දේශපාලන උපක්‍රම හා ක්‍රමෝපාය පිළිබඳ විශාරදයකු වන ආචාර්ය සරත් අමුණුගම කියා ඇතත් එය මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඈත් කර තැබීමට ගත් අසාර්ථක උත්සාහයකි.
සිය සුළු පියා වූ හිටපු ජනපති අනුග්‍රහයෙන් හා විශේෂ වරප්‍රසාද යටතේ රුහුණු කතරගම දෙවොලේ බස්නායක නිලමේ ධූරය දශකයකට ආසන්න කාලයක් දැරූ ශෂීන්ද්‍ර රාජපක්ෂ සිය පියාට උපදෙස් දී ඇතැයි කියනුයේ අමුණුගමගේ ලණුව නොකන ලෙසයි.
ශෂීන්ද්‍රගේ සොයුරු සමීන්ද්‍ර හම්බන්තොටින් මහ ඡන්දයට ඒමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
115
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චමල් විශ්‍රාම ගනී : පුංචි පුතාත් ඡන්දෙට
නන්දලාල් Sunday, 05 July 2015 08:39 AM
එතකොට නාමල් කොහෙන්ද එන්නේ ? (ම)
විජේතුංග Sunday, 05 July 2015 03:53 PM
අපි බලමුකෝ පුංචි පුතා කොහොමද කියලා (නි)
කපිල Sunday, 05 July 2015 03:54 PM
මට නම් මේ කිසිම කෙනෙක් පෙන්නන්න බැහැ (නි)
වසන්ත Sunday, 05 July 2015 03:55 PM
තව කවුද දන්නෙ නැහැ ඉන්නේ? (නි)
රණසිංහ Monday, 06 July 2015 06:08 AM
දූ දරු මුණුපුරු මිණිපිරියෝ ඉන්න අයට විතරනේ ගෙන්න පුළුවන්. නැති අය ඉතින් අද ගැන විතරක් හිතල ජොලි කරනවා .(ම)
සසන්ති Sunday, 05 July 2015 04:09 PM
ඇත්ත තමයි. සමහරුන්ට නම් තිබෙනවා මුණුපුරු පරම්පරාවක්. (නි)
අශෝක Sunday, 05 July 2015 05:33 PM
මේ හැමෝගෙම කතාව දෝලාවෙන්, ගමන පයින්! කියන්නේ පවුල් දේශපාලනය නැහැ කියලා? (නි)
සේන Sunday, 05 July 2015 10:23 AM
මුණුපුරු මිණිපිරියෝ එහෙම නැද්ද දන්නේ නැහැ දේශපාලනයට ගෙන්න (ම)
පිටබැද්දර ජයා Sunday, 05 July 2015 09:10 PM
මී මුණුපුරෝ මිණිපිරියෝ කට්ටියකුත් හදලා තියාගමු 2030,2040 වෙනකොට ඒ දාන්න (නි)
චන්දන ගමගේ - මාතර Sunday, 05 July 2015 11:21 AM
ආයෙත් පවුල් හවුල් බැහැ නේද? (නි)
අජිත් කරුණාරත්න Monday, 06 July 2015 03:04 AM
රාජපක්ෂ පවුලේ නම්බුව පිළිබඳව ඉතා ඉහළින් සිතා සිය දේශපාලනය කරගෙන ගිය එකම ශ්‍රේෂ්ඨ පුත්‍රයා චමල් රාජපක්ෂ මැතිඳුන් බව ඉතිහාසයට එක්වීම ස්ථිරයි. ඔබතුමාට දීර්ඝායුෂ පතමි.ඩ (නි)
ලලිත් Sunday, 05 July 2015 01:09 PM
රට රකින්න තව රුහුණු පුත්තු ඕනි. හෙළයිනි ජනවාරි 8 දා කලදේ නොකරව්. (නදී)
අජිත් Monday, 06 July 2015 03:40 AM
බොහොම හොඳ ආදර්ශවත් පවුලක් (නි)