ශ්රී ලංකා කැරම් සම්මේලනය මෙහෙයවන 44 වැනි ජාතික කැරම් ශුරතාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් දැන් අයැදුම්පත් කැඳවයි. තරගාවලිය පෙබරවාරී මස 18 වැනිදා මහරගම නේෂන්ස් ට‍්‍රස්ට් බැංකු පරිශ‍්‍රයේ උඩු මහලේ පිහිටි ශාලාවේදී ආරම්භවේ. පසුගිය වසරේ පැවැති තරගාවලියේදී චමිල් කුරේ පිට පිටම අට වරක් පිරිමි කේවළ ශුරතාව දිනා ගනිමින් වැඩිම වරක් ශූරතාව දිනාගත් ක‍්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීය. වසර අටක් පුරා ජාතික කැරම් ශූරතාව රැක ගෙන සිටින චමිල්ට මෙවරත් එය දිනා ගැනීමට හැකි වේවිද යන්න මෙවර තරගාවලියේ වඩාත් අවධානය යොමු වන සිදුවීම වනු ඇත. විවෘත පිරිමි හා කාන්තා කේවළ, යුගල හා මිශ‍්‍ර යුගළ ඉසව්වලින් සමන්විත මෙම තරගාවලියට වයස 40 ට වැඩි ප‍්‍රවීණයන්ගේ ඉසව්වක් ද ඇතුළත් කර තිබේ. තරග අයැදුම්පත් බාර ගැනීම පෙබරවාරී මස 6 වැනිදා අවසන්වන අතර තරගාවලිය පිළිබඳව විමසීම් 0112725896 යන දුරකතන අංකයෙන් ලබාගත හැකිය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
චමිල් කුරේ පිට පිට නව වැනි වතාවටත් පිරිමි ශූරතාව දිනා ගැනීමේ උත්සාහක