IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


‘චැම්පියන්ස් ලීග් විස්සයි/20’ ක‍්‍රිකට් ශූරතාව මුම්බායි ඉන්දියන්ස් පිලට

ඉන්දියාවේදී පැවැති ‘චැම්පියන්ස් ලීග් විස්සයි/20’ ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හර්බජාන් සිං ගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන් පිල සමත්විය. ඩැනියල් විටෝරි මෙහෙය වු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව ඊයේ (9) චෙන්නායි නුවරදී පැවැති අවසන් මහා තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 31 ක විශිෂ්ට ජයක් ලැබුහ. මුම්බායි ඉන්දියන්ස් පිලට කී‍්‍රඩා කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග මෙම තරගාවලියේදී තුන් ඉරියව් දස්කම් දක්වමින් තරගාවලියේ වීරයා සම්මානය ලැබීය. ජයග‍්‍රාහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල  ඕවර 19.2 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 108 කි. ලසිත් මාලිංග යවන ලද යෝකර් පන්දුව හමුවේ වේගවත් පිතිහරඹයක නිරතවෙමින් සිටි තිලකරත්න ඩිල්ෂාන් දැවී ගියේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි. තරගාවලිය පුරා ලකුණු අතර සිටි ක‍්‍රිස් ගේල් (5) සහ විරාට් කෝලි (11) අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගත් හර්බජාන් සිං මුම්බායි පිල ජයග‍්‍රාහී මාවතට ගෙන ඒමට සමත්විය. හර්බජාන් සිං ලකුණු 20 ට කඩුලූ 3 ක් ලබා තරගයේ වීරයා විය. මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 20 කදී සියලූ දෙනා දැවී 139 (අම්බටි රයිදු 22, ජෙම්ස් ෆෑන්ක්ලින් 41, සුරේකුමාර් යාදේව් 24, ලසිත් මාලිංග 16, ඩැනියල් විටෝරි 30/2, රාජු බට්කාල් 21/3) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල  ඕවර 19.2 කදී සියලූ දෙනා දැවී 108 (තිලකරත්න ඩිල්ෂාන් 27, සුරාබ් තිවාරි 17, ලසිත් මාලිංග 23/2, අබු අහ්මඞ් 26/2, හර්බජාන් සිං 20/3, යුස්වේන්ද්‍ර චාහල් 9/2)



අදහස් (0)

‘චැම්පියන්ස් ලීග් විස්සයි/20’ ක‍්‍රිකට් ශූරතාව මුම්බායි ඉන්දියන්ස් පිලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 527 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2255 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site