ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ ක්‍රියාශීලී තානාපති නිලධාරියෙකු ලෙස කාගේත් සිත් දිනාගනිමින් සිය සේවා කටයුතු කාර්යක්ෂම අන්දමින් ඉටුකළ චමින්ද කුලරත්න සිය සේවා කාලය අවසන්කොට ශ්‍රී ලංකාව වෙත ආපසු යාමට නියමිතය.
ලන්ඩන් නුවර සිටි කාලයේ ඔහුගෙන් සිදුවූ සේවය සඳහා කෘතඥ තාවය පළකිරීම මෙන්ම ඔහුගේ ඉදිරි රාජකාරි කටයුතු සඳහා සුභ පැතීමත් අරමුණු කරගත් විශේෂ මිතුරු හමුවක් පසුගියදිනක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පවත්වනු ලැබිය.
මෙම විශේෂ මිතුරු හමුව සංවිධානය කර තිබුනේ ඊස්ට්හැම් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටීවන් ටිම්ස්, ඊස්ට්හැම් නගර සභා මන්ත්‍රීනි ලක්ෂ්මි ෂා සමඟ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ බ්‍රිතාන්‍ය නියෝජිත නලින් පෙරේරා විසිනි.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, සහකාර මහා කොමසාරින් නෙවිල් ද සිල්වා, ලන්ඩන් නුවර සේවය කරන විවිධ රටවල තානාපති නිලධාරීන් . පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාල නිලධාරීන්, විදේශ අමාත්‍යංශ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලාංකික ආරාධිතයින්ද විශාල ප්‍රමාණයක් සහභාගී වුහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටීවන් ටිම්ස් සහ නගර සභා මන්ත්‍රීනි ලක්ෂ්මි ෂා ට අමතරව දොස්තර ක්‍රිස් නෝනිස්, නලින් පෙරේරා, අනුර හැගොඩ, ප්‍රදීප් කන්දප්පා, අම්ජාඩ් සලීම් සහ ක්‍රිස්ටීනා මැක්ඩොනල්ඩ් යන අයද චමින්ද කුලරත්නගේ සේවය අගයමින් කතා පැවැත්වුහ.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චමින්ද කුලරත්නට ලන්ඩන් සුභපැතුම්
ගාමිණී නිස්ඩන් Thursday, 05 December 2013 07:34 PM
වැඩ කළාට පඩි දුන්නා පහසුකම් රාශියකුත් සමග. මේගොල්ලන්ට පඩි ගෙව්වේ දුප්පතාට ගහන බදු මුදල් වලින්. .(නදී)
කමනී Thursday, 05 December 2013 07:37 PM
මෙච්චර කරන්න වැඩ තියෙද්දී ලන්ඩන් වල අයට වෙන වැඩක් ඇත්තෙම නැද්ද? කඩේ යන තරමක්. .(නදී)
නවීන් Friday, 06 December 2013 07:52 AM
සුභ පැතුම්! (නි)
සිරී Thursday, 05 December 2013 08:38 PM
එහෙම කියන එක වැරදියි සරත්. ලන්ඩන් නුවරට අදාළ අතිගරු ජනාධිපති තුමාගේ වැඩකටයුතු සියල්ලක්ම ඉතාමත් ඉහලින් ඉටුකිරීමට කටයුතුකළ එකම මදිද?.(නදී)
ක්‍රිෂාන්ත පැරිස් Friday, 06 December 2013 07:57 AM
මම නම් කියන්නේ මෙය අනවශ්‍ය දෙයක් කියලයි (නි)
සරා Friday, 06 December 2013 08:00 AM
හොද වැඩක්. (නි)
සෝමදාස Friday, 06 December 2013 08:05 AM
චමින්ද කුලරත්න මහතා ඉතා නිහතමානි, අනෙකුත් අයගේ අදහස් වලටද ගරුකරන මහත්මා ගතිගුණ ඇති අයෙකි. ඔහු සමග සේවය කර ඇති මා ඒ බව මැනවින් දනිමි. කුලරත්න මහතාණෙනි, ඔබට සුබ අනාගතයක්! (නි)
ය.උපාලි රන්ජිත් Thursday, 05 December 2013 09:15 PM
මේක මොකක් හරි විශේෂ හේතුවක් ඇති ,තවත් විදෙස සේවයේ අය ඉන්නවා ,එතුමාලටත් මෙවන් උපහාර හරසර පුදන්න ඕනේ නේද .(දිල්)
ගමරාල Thursday, 05 December 2013 09:45 PM
කොච්චර දක්ෂ, වැදගත්, උගත්, වෘත්තිමය විදේශ සේවයේ නිලධාරීන් අපි අතර ඉන්නවද? ඒ අයටත් මේ වගේ උපහාර පැවැත්විය යුතුයි (නි)
එඩ්මන් වීරරත්න Thursday, 05 December 2013 09:51 PM
ඉහත ලිපියේ මෙම හමුව පවත්වපු අයගේ නම් වලින්ම තේරෙනවා කවුරු කවුරුත් පිට කසා ගන්නා ලස්සන. තවත් හතලිහක පමණ කාර්ය මණ්ඩලයක් මහා කොමසාරිස් කාර්යාලයේ සේවය කරනවා. බොහෝ අදාළ අධ්‍යාපන සුදුසුකම් ලත් සහ මහන්සි වී වැඩ කරන අයයි. ඒ අයව අගයන්නේ කවුද? (ස)
ධර්ම පෙරේරා Friday, 06 December 2013 08:53 AM
ඇයි දේශපාලන පත්වීම් වලට ඇවිත් වැඩ කරන අයට විතරක් සම්මාන? අපි දන්නවා හේතුව. ඉගෙනගෙන, විභාග පාස් කරලා සුදුසුකම් වලට එන වෘත්තිමය විදේශ සේවා නිලධාරීන්ටත් ඇයි මේ වගේ සම්මාන නොදෙන්නේ? ඒකට හේතුවත් අපි දන්නවා. (නදී)
මනෝජා ලන්ඩන් Thursday, 05 December 2013 10:06 PM
සමහර දක්ෂ නිලධාරින් එනවා, දන්නෙත් නැහැ, මහන්සි වී සේවා කාලය අවසන් කරලා යනවා. මේ රටේ නීතියේ සහ පොදු පිළිගැනීමේ හැටියට ආයතන ප්‍රධානියා මධ්‍යස්ථව හැමෝටම එක හා සමානව සැළකිය යුතුයි. (නි)
නලින් පෙරේරා ලන්ඩන් Thursday, 05 December 2013 10:12 PM
ලංකාවේ සිරිත අකුරටම සිදුවෙනවා (නි)
මහවැලි Thursday, 05 December 2013 03:17 PM
මෙතුමා මහා කොමසාරිස් කාර්යාලයේ සහෝදර නිලධාරීන් අතර පමණක් නොව එංගලන්තයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ නොමද ප්‍රසාදයට ද ලක්වූ ඉතාම කාර්යශුර නිලධාරියෙකි. නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයටම අනුයුක්තව තව දුරටත් උදාර සේවයක් කිරීමට ඉඩ හසර ලැබේවායි පතමි.(දිල්)
සෝමදාස Friday, 06 December 2013 09:44 AM
මෙවැනි අයට සම්මාන දීම ඉතා යහපත් ක්‍රියාවකි. උගත්කම තිබුනත්, සුදුසුකම් තිබුනත්, මනුස්සකම නැත්නම් පලක් නැත. (ස)
නලින් කින්ස්බරි Thursday, 05 December 2013 10:44 PM
කුලරත්න මහතා නම් ඉතාමත්ම හොඳ කෙනෙකි. උගත්, දක්ෂ, කල් නොමරා වැඩක් නිම කරන අවංක මහජන සේවකයෙකි. (නි)
සුනිල් විමලසූරිය Thursday, 05 December 2013 03:59 PM
නියමයි චමින්ද කුලරත්න මහත්මයාණෙනි, අපගේ සුභ පැතුම්. (ස)
මතින් Friday, 06 December 2013 10:19 AM
මෙයාල කරපු දේවල් වලට සම්මානය දීල ගියා බ්‍රිතාන්‍ය අගමැතිතුමා ලංකාවට ආව වෙලාවේ. චීනය, රුසියාව වගේ අපිට උදව් කරපු රටවල් වල තානාපති නිලධාරීන් කොච්චර වැඩ කරලා ඇත්ද?ලංකාවට ගෙන්වලයි ජනතා උපහාර දෙන්න ඕන එයාලට. (ස)
රවී ද සොයිසා මිලානෝ Friday, 06 December 2013 10:45 AM
චාමින්ද මට හමු උනේ 2001 දී. නීති ශිෂ්‍යයෙක් ලෙස නිරහංකාර සරල ඔහු මට හැමදාම සහෝදරයෙක්. ඔහුට හැමදාමත් මගේ ආශීර්වාදය තියෙනවා. ඔබට සුබ අනාගතයක් . (ස)
සරත් ලන්ඩන් Thursday, 05 December 2013 05:17 PM
මොකක්ද ඔහු කළ විශේෂ සේවය? (නි)
ශාන්ත Thursday, 05 December 2013 05:23 PM
ලන්ඩන් මහා කොමසාරිස් කාර්යාලය තුළත් ඉන් පිටතදීත් ඔබකර ඇති මෙහෙයට අපෙන් සුබ පැතුම්! (නි)
සරත් Thursday, 05 December 2013 05:34 PM
චමින්ද කුලරත්න මහතාණෙනි,අපට අවශ්‍ය ඔබ වගේ අය තමා. (නි)
ශාන් Friday, 06 December 2013 01:54 AM
වැඩ කරන සමහර කට්ටිය ගැන නොදන්නා අය මේ වගේ විවේචන කරන්න එපා. තමන්ගේ හැම තප්පරයක්, ක්‍රියාවක් තමාගේ සේවය අවශ්‍ය අය ගැන හිතලා හොඳ හිතකින් කරන අය ඉන්නවා. මේ අය තමන්ගේ වාසිය ගැන හිතන්නේ නැහැ. බුද්ධිමත් අයට විනාඩි කීපයක් කතා කරනකොට මේ වගේ අය අඳුනාගන්න පුළුවන්. මොකද මේ අය කතා කරන සෑම වචනයකම ක්‍රියාවකම ප්‍රමිතිය තිබෙනවා. මේ වගේ අය කොහේ ගියත් ගරුසරු ලබනවා (නි)
ශ්‍රීනා Friday, 06 December 2013 04:03 AM
චමින්ද කුලරත්න මහතා ලංකාවටම පහනක් (නි)
රජිත් Friday, 06 December 2013 04:12 AM
මෙන්න අපෙනුත් සුභ පැතුම්! (නි)
ශිරාන් ලන්ඩන් Friday, 06 December 2013 12:53 PM
කුලරත්න මහතා වගේම දක්ෂ නිලධාරියෙක් සිටියා පෙර දිනක උප මහකොමසාරිස් ලෙස. ඔහුට දුන් සම්මානේ නම් 'පල නොකියා පලා බෙදීමයි'. දක්ෂ විදේශ සේවකයකු වූ ඔහු වහාම තම කැමැත්තෙන් ලංකාවට ගියා. එය මුලු ලන්ඩනයටම පාඩුවක් වුනා. (ස)
සමන් Sunday, 08 December 2013 08:21 AM
පිදිය යුත්තන් පුදන්න ඕනේ. (නදී)
ශ්‍යාමලී ජයසූරිය Monday, 13 January 2014 04:57 PM
ඔහු නියම මහත්මයෙක්.(නදී)