IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


චීන පොහොර නැව ආයෙත් අනිවාර්යෙන්ම ලංකාවට එනවා

(අංජුල මහික වීරරත්න)

චීන පොහොර නැව අනිවාර්යෙන්ම නැවත ලංකාවට එන බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන  උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

කලින් වතාවේ එම පොහොර නැවට ගෙවීම් කර ඇති බැවින් මෙවර ගෙවීමක් කිරීමට අවශ්‍ය නොවන බව කී රාජ්‍ය අමාත්‍යවරයා චීන සමාගමේ නිර්දේශ අනුව ලෝකය පිළිගත් පර්යේෂණාගාරයක ද ලාංකික   පර්යේෂණාගාරයකද පරීක්ෂණ  කටයුතු කොට එම පොහොර ගෙන්වීමට කටයුතු කරන බව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ලාංකික  පර්යේෂණාගාරවල පොහොර පරීක්ෂා කොට අසමත් වුවහොත් එම පොහොර ගෙන්වන්නේ නැතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා මුලින් ගෙවූ ගානටම නැවත පොහොර ලබාදීමට එම සමාගම එකඟ වූ අතර එයින් ලංකාවට ලොකු ලාභයක්ද ලැබෙන බව සඳහන් කළේය.

මෙවර ඝන පොහොර නොව මුලට යෙදිය හැකි දියර පොහොරක්  ගෙන් වීමට අවධානය යොමු වී තිබෙන බවද ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

දින විසි හයක් ඇතුළත එම පොහොර ගෙන්වීමට කටයුතු කරන බව ද කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.



අදහස් (2)

චීන පොහොර නැව ආයෙත් අනිවාර්යෙන්ම ලංකාවට එනවා

Lalith M Monday, 21 March 2022 09:37 PM

ජරාව කාලා ඒවා මහජනතාව පිට පටවන කාලකන්නි. කිසිම ලැජ්ජාවක් නැතිව කතාකරන විදියට කොතරම් රාජ්‍ය ධනය අවභාවිතා කරනවාදැයි පේනවා...!!! 

:       0       0

wahaldeepe Monday, 21 March 2022 11:16 PM

කොහොමද එහෙම වෙන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 592 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site