IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


චීන පොහොර නැවට ගෙවූ මුදල නැවත ගැනීමේ උත්සාහයන් අසාර්ථකයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

චීන පොහොර නැවට ගෙවූ ඩොලර් මිලියන 6.9ක මුදල හෝ ඒ වෙනුවට රසායනික පොහොර ලබා ගැනීමට කළ උත්සාහයන් අසාර්ථක වී ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද (1)පැවසීය.

මේ සම්බන්ධව ගත ගත යුතු පියවර පිළිබඳ නීතිපති උපදෙස් ලබාගෙන තිබෙන අතර නුදුරේදීම ඒ ගැන ක්‍රියාමාර්ග ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

මේ ප්‍රශ්නය පිළිබඳ වැඩිදුර සොයා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.

අපේ ජන බල පක්ෂයේ  මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව කීය.



අදහස් (9)

චීන පොහොර නැවට ගෙවූ මුදල නැවත ගැනීමේ උත්සාහයන් අසාර්ථකයි

Abilin Thursday, 01 September 2022 10:47 AM

ජනතා මුදල් නාස්ති කරන්න දෙන්න බැහැ .වහාම අසූචි ගෙන්වීම කල අයගෙන් ,කාබනික පොහොර ප්‍රවර්ධන දෙතුන් දෙනාගෙන් සහ ගෙවීමට බලය දීම අනුමත කල හා ගෙවීම් කල අයගෙන් එම මුදල් ක්ෂනිකව අයකිරීම කරන්න

:       2       17

sena Thursday, 01 September 2022 11:04 AM

අනේද කියන්නෙ ගෙවපු මුදලක් චිනය ආපහු දෙයිද? - අර උපදේසකයො කියලා තවත් හෙන්චඉයො කිපදෙනකුට කොටි ගානක් කපා ගන්න පාර හදලා දීලද කොහෙද?

:       1       16

Amara Thursday, 01 September 2022 11:09 AM

මෙම දූෂණයට වගකිවයුතු මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගත යුතුයි

:       1       21

Hafeel Thursday, 01 September 2022 12:37 PM

මහින්දානන්දට අමතරව ශෂින්ද්‍ර රාජපක්ෂත් ඉන්නවා මෙම ගනුදෙනුවට. ඔවුන් දෙදෙනාම රනිල්ව ජනාධිපති කළ 134ට අයත් නිසා මේ අපරාධය යටපත් වෙනවා. පාඩුව ජනතාවට...

:       0       0

SAMAN Thursday, 01 September 2022 12:01 PM

අමතිතුමො ඔයගෙ ඔලුවෙ දෙපැත්තෙන් පොඩ්ඩක් අතගාල බලන්න මොනව හෝ උල් දෙකක් එමින් තියෙනවද කියල. එ වගෙම කොන්ඩෙ ටිකක් වවල බදින්න බලන්න. ඔව ගිහින් කියන්න බයියන්ට.

:       1       16

fairoos Thursday, 01 September 2022 12:31 PM

නන්දසේනගෙන් අයකරගන්න බැරිද?

:       1       0

Hafeel Thursday, 01 September 2022 12:53 PM

කව්රුත් දන්නවා බාරනොගත්තු මෙම පොහොරට අනවශ්‍ය අන්දමට අසාධාරණ ලෙස මුදල් ගෙව්වයි කියලා. ඉතින් මොකට මෙහෙම විශේෂඥ කමිටුවක් පත් කරන්නේ? කමිටු පත්කරලා සහ නීතිපති උපදෙස් අරන් මොනවා කරන්නද? මේ මහින්ද අමරවීරට උපරිම කළ හැක්කේ කමිටු පත්කරන එක සහ වාර්තාව ඉල්ලන එක පමණයි. අර චමල්, මගීපාලලාගේ ගෙවල්වල ඉඳන් අහුවුණු පොහොරවලටත් සහ මේ දවස්වල සිදුවන පරිසර විනාශවලටත් මෙයා වාර්තාව ඉල්ලුවා. මොනවද වුනේ?

:       0       0

ravin Thursday, 01 September 2022 01:24 PM

කොමිස් ගහපු අර අහවල් දේවාලයෙන් ගසා කාපු එක්කෙනා හොදින්ම දන්නවානෙ? මෑන්ස්ට කියන්න මුලු මුදලම ආපහු ගෙවන්න කියලා. මුලු පවුල ලංගම හොරාකාපු සල්ලි තියනවා.

:       1       6

wedage Thursday, 01 September 2022 04:00 PM

බොරුවට ඉල්ලල පස්සෙ කොමිස් එකක් කඩා ගන්න නේද මාන බලන්නෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 413 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site