IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


චීන ජනරාල් ලංකාවේ

චීන රජයේ දේශපාලන මණ්ඩලයේ මධ්‍යම කමිටුවේ සාමාජික  සහ ආරක්ෂක  මධ්‍යම කමිටුවේ උප සභාපතිවරයා වන ජනරල් සූකී  ලියෑන්ගේ  නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිසක්  සතියක නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියහ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ජගත් ජයසුරිය මහතා ඇතුලූ ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් මොවුහු ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබුහ.

මොවුහු  කාමිබෝජය හා  බංගලාදේශයේ සංචාරය කර අවසානයේ  ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා  පැමිණ ඇත.

මොවුන්ගේ සංචාරය සඳහා සියළු පහසුකම්  ශ්‍රී  ලංකා ගුවන් හමුදාව විසින් සපයන අතර  ඔවුන් මෙරට රැඳී සිටින කාලය  තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකමි ගෝඨාභය රාජපක්ෂ,  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජගත් ජයසුරිය,  හමදාපති මේජර් ජනරාල් දයා රත්නායක, නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලන යන මහත්වරුන්ව නිල වශයෙන්  හමුවීමට නියමිතය.


මීට අමතරව මෙම පිරිස ශ්‍රී  දළදා මාළිගාව, ශ්‍රී  ලංකා ග්‍රවන් හමුදා විද්‍යා පීඨය, චීනවරාය කඳවුර, ශ්‍රී ලංකා නාවික සාගර විශ්ව විද්‍යාලය, ත්‍රිකුණාමලය ගුවන් හමුදා මුලික කඳවුර, කොළඹ වරාය, ඇතුළු ස්ථාන රැසක සංචාරය කිරීමට  නියමිතය.

 



අදහස් (0)

චීන ජනරාල් ලංකාවේ

සුනිල් විමලසුරිය Wednesday, 14 May 2014 03:38 PM

මේ අය ලංකාවට එන්නේ අපට තියෙන ආදරයට නෙමෙයි.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 14 May 2014 04:02 PM

චීන ජෙනරාල් ඇරෙන්න වෙන කවුරු එන්නද ඉතින්. (ස)

:       0       0

හේවා Wednesday, 14 May 2014 04:22 PM

අපේ පිහිටට ඉන්නේ මේ අය පමණි.(නදී)

:       0       0

භානු Thursday, 15 May 2014 08:08 AM

කෝ මේ බන්දුල පෙරේරා? කට ඇරියොත් විදේශ රටවල් වලටයි ඒවායේ වෙසෙන ලාංකිකයන්ටයි බැණගත්ත ගමන් නේද? දැන් මොකද කියන්නේ? මේ පැමිණීම ගැන වීරයෙක් නම් විවේචනය කරන්නකෝ. (නි)

:       0       0

වරුණ සමරසිංහ Thursday, 15 May 2014 09:15 AM

සීරුවෙන් සිටින්.(නදී)

:       0       0

රන්ජිත් Wednesday, 14 May 2014 01:13 PM

මෑතක ඉඳලා මේ ජාතියේ අය නිතරම යනවා එනවා. ප්‍රවේසමෙන් කෙල්ල ගෙටගන්.(නදී)

:       0       0

මිලානෝ ජයන්ත Wednesday, 14 May 2014 01:50 PM

සමහරවිට අපේ රටේ එයාල කරපු වැඩ ගැන හොයන්න බලන්න එන්නඇති,(දිල්)

:       0       0

බිහාර Wednesday, 14 May 2014 01:57 PM

මොකද මේ හදිස්සියේම? (නි)

:       0       0

සරත් Wednesday, 14 May 2014 01:57 PM

මොනවාහරි බලලා යන්න එන්න ඇති (නි)

:       0       0

ධම්ම Wednesday, 14 May 2014 02:15 PM

බටහිරෙන් නිමක් නැති කෙණෙහිලි. ඉතින් අපි චීනය රුසියාව පැත්තට නැඹුරු වුණහම මොකෝ? (නි)

:       0       0

චානක මධුසංඛ Wednesday, 14 May 2014 02:25 PM

චිනය රුසියාව නිසා තමයි අද අපේ රටට බටහිර රටවලින් එල්ල වන බලපැම් අඩු. අල්ලපු රට උන ඉන්දියාවත් ලංකාවට කෙනහිලිකම් කරද්දි චිනය වැනි ලෝකයේ ඉහලම රටක් අපේ රටට ‍හිතවත් විම අපිට ආඩම්බරයක්. චින මිනිස්සු කවදාවත් අන් රටවල් වලට බලපැම් කරලා නැහැ. බටහිර රටවල් වලින් එල්ලවන බලපැම් වලට එරහි උනොත් ඇරෙන්න.(නදී)

:       0       0

දයාන් Wednesday, 14 May 2014 02:34 PM

සමහරවිට කිසියම් ගිවිසුමකට එළඹීමට ප්‍රථම කරුණු අධීක්ෂණය කිරීමකට විය හැකියි. (නි)

:       0       0

සිල්වා Wednesday, 14 May 2014 02:45 PM

බටහිරයන් අප රට අවුල්කර විනාශ කිරිමට නිතරම මේ මොහොත දක්වාත් එලිපිටම ක්‍රියා කරමින් සිටියි. ඔවුන්ගේ මෙවන් අමන ක්‍රියා වැලකී ඇත්තේ මේ චීනා නිසා බව යැයි මගේ හැඟීමයි. ඉදිරියේදීද මොවුන් අප වෙනුවෙන් ඉදීරිපත්වනු ඇත.(නදී)

:       0       0

අශෝකා Wednesday, 14 May 2014 02:45 PM

පුසෝ බල්ලෝ ටික හංගාපල්ලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site