IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


චීන ඉන්ධන ගාන අඩුවෙන්

(යොහාන් භාසුර)

‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (15) පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කිරීමට කිසිඳු බාධාවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

‘සිනෝපෙක්’ සමාගම සැප්තැම්බර් මස සිට එම සමාගමේ වෙළෙඳ නාමය යටතේ ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් ඒ වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් කරන බවත් අමාත්‍යවරයා කීය. 



අදහස් (10)

චීන ඉන්ධන ගාන අඩුවෙන්

Bamunuarachchi Tuesday, 15 August 2023 09:43 PM

අලුතෙන් බිස්නස් පටන්ගන්නකොට ඔහොම තමයි. ටික දවසකදී කස්ටිය ඔක්කොම එක ගානට ගණන් උස්සනවා. එත් කමක් නැහැ ටික දව්සකට හරි අඩු ගනනට ඉන්දන ලැබෙනවානෙ

:       11       27

AJITH Wednesday, 16 August 2023 06:06 AM

වෙළදපල තරග කාරිත්වයක් ඇති කලයුතුවේ, එවිට නිරායාසයෙන්ම අනෙක් සමාගම් තෙල් මිල පහත දමනු ඇත..

:       8       39

sene Wednesday, 16 August 2023 12:25 PM

මා රුපියල් 3 ආත්මය විකුනන්නෙ නැහැ, එදත් අදත් සිපෙට්කෝ . සිය රට දේ සිරිසැප දේ .

:       28       5

Bamunuarachchi Thursday, 17 August 2023 03:56 AM

Sena සිපෙට්කෝ තෙල් ගන්නේ ගෙදර ළිඳෙන් නොවෙයි.

:       0       1

අරවින්ද මොනරවිල Wednesday, 16 August 2023 03:44 PM

සිපෙට්කෝ එක වනසන කුමන්ත්‍රණයක් මේ ක්‍රියාත්මක වෙන්නේ, රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලියට උවමනාවෙලා තියෙන්නේ රටේ සම්පත් බහුජාතික සමාගම් වලට කුණු කොල්ලයට විකුණලා තමන්ගේ සාක්කුවට කොමිස් කුට්ටියක් දා ගන්නයි... ඊළග ආණ්ඩුවට රට කරවන්න බැරි තත්වයක් උදා කරවන්නයි. මේවාට උඩගෙඩි දෙන මෝඩයින් හිතාගෙන ඉන්නේ හැමදාම සිනෝපෙක්ලාගෙන් අඩුවට තෙල් ගහන්න පුළුවන් කියලා. සිපෙට්කෝ එක වැහුණු දවසට සිනොපෙක්ලා ඉන්දියන් ඔයිලා බල්ටි ගහන හැටි කාටත් බලාගන්න පුළුවන්...

:       12       13

කයියWednesday, 16 August 2023 06:31 PM

එකත් ඇත්ත කයියලගේ ආණ්ඩුවක් ආවම සිපෙට්කෝ එක විකුණලා තිබුණොත් හෙන්චයියන්ට ජොබ් ටිකක් දීගන්න බැරි වෙනවනෙ.

:       0       1

PremalathaWednesday, 16 August 2023 06:59 PM

ඕක තිබ්බා කියලා වැඩක් තියේද?මෙහෙ යුරෝප් වල ඕවා ඔක්කොම කරන්නේ ප්‍රයිවට් කම්පැනි .ඕවා හොඳයි යූනියන් කාරයන්ට

:       0       1

උපාලි Wednesday, 16 August 2023 05:43 PM

මහ ලොකුවට කිව්වට රුපියල් පහක් දහයක් ඕන නම් අඩුකරයි.

:       2       3

නාලක Wednesday, 16 August 2023 05:55 PM

මු එතකොට ඛනිජ තෙල් ඇමතිද නැත්නම් සිනෝපෙක් එකේ පචාරක ඇමැතිද? කොහෙන් හරි ගානක් එනවා ඇති. එ්කනෙ මෙි ආන්ඩුවෙ එක පැත්තක දාලා පරයිවටි ඒවට ක⁣ෙඞි යන්නෙ

:       1       0

Sampath Wednesday, 16 August 2023 07:56 PM

වෘර්තිය සමිති දැන්වත් හැදෙන්න ඕනේ කොහොම උනත් අඩුවට තෙල් දීලා අනෙක් ඔක්කොම වැහුවම වැඩි කරයි.සිපෙට්කෝ එකනම් වහන්නම ඕනේ .වහලා අලුතින් පටන් ගත්තට කමක් නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site