IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


චැනල් ෆෝ කට්ටිය කුලිය දුන්නේ නැතිලු

චැනල් ෆෝ කණ්ඩායම කොළඹට රැගෙන ආ තමාට වාහනයේ කුලිය වන රුපියල් තිස්දහස නොදුන් බව කියමින්  අනුරාධපුරයේ එස් කේ සංජීව නම් රියදුරෙක් කොම්පඤ්ඤවීදිය පොලීසියට පැමිණිලි කළේය.

උතුරට යන්නට ගිය  මොවුන් ඊයේ (13) ජනතාවගේ විරෝධය මත පොලිසිය විසින් වාහනයක නංවා කොළඹට එවීය.ඔවුන් එන අතරමගදී කණ්ඩලමේ හෝටලයේ රැය ගත කර ඇත.



අදහස් (0)

චැනල් ෆෝ කට්ටිය කුලිය දුන්නේ නැතිලු

අසංග Thursday, 14 November 2013 05:51 PM

මේ අය මට්ටු වෙන්නේ ලංකාවෙන් තමයි.. (නි)

:       0       0

දොන්සේතං Thursday, 14 November 2013 05:51 PM

බයවෙන්න එපා. ඒ අයට ගුවන් තොටුපලින් ලංකාවට එන්න අනුමැතිය දුන්නා නම් ඒ මුදලුත් රජයෙන් ගෙවන්න ඕනෑ. (නි)

:       0       0

හෆ්සාල් Thursday, 14 November 2013 05:52 PM

ඇසල, මම නම් කියන්නේ මේකට සිංහලයා විතරක් නෙමෙයි ජාති බේද නැතුව ශ්‍රී ලාංකිකයෝ වශයෙන් සැවොම එකතු වී හොද පාඩමක් උගන්නන්න ඕනෑ. හැබැයි මොළේ පාවිච්චි කරලා හරි විදියට (නි)

:       0       0

සුගීෂ්-මලාවි Thursday, 14 November 2013 05:53 PM

කෝ මේ ඊයේ එක් කෙනෙක් කෑගහලා කිවුවා නේද අර ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගන්න කියලා. කෝ අද ඒ සද්දේ නැහැනේ. (නි)

:       0       0

ඉන්ද්‍රකීල Thursday, 14 November 2013 10:44 PM

සල්ලි දුන්නේ නැහැ කියලා අත්අඩංගුවට ගන්න පුලුවනේ පොලිසියට? රටකට ආවම ගරුකරන්න දන්නේ නැත්නම් උගන්නන්න වෙනවා. (දී)

:       0       0

රංග Friday, 15 November 2013 09:14 AM

දෙකේ පන්තියේ වැඩ කරලා පුරුදු මිනිස්සුන්ට ඕව වැඩ ද? සමුළුවෙන් පස්සේ ගිහින් තව දෙකේ පන්තියේ ෆිල්ම් එකක් හදල පෙන්නාවි. (ස)

:       0       0

රෙමා Thursday, 14 November 2013 06:10 PM

ප්‍රභා, ඔයත් චැනල් 4 එකට ආවඩන කෙනෙක්ද? එහෙම නම් අර අපේ ජනාධිපති ලන්ඩන් ගිය වෙලාවේ ආපහු අා එයාගේ ගමන් වියදම ගෙව්වද එංගලන්තෙන්? (නි)

:       0       0

ජූඩ් Thursday, 14 November 2013 06:20 PM

රෙමා, ඒ ගමන උතුමාණෝ ගියේ පුද්ගලික සංචාරයක් විදිහට. ඒ නිසා ඒ පාඩුව තමන්ම විද දරා ගන්න ඕනෑ. මෙතැනදී එතුමානොම කිව්වා රටේ ඕනෑ තැනකට ගිහින් බලන්න කියලා. (නි)

:       0       0

සමන් Thursday, 14 November 2013 06:21 PM

කොළඹ ඉදලා යාපනේට ටිකට් අරගෙනනේ යන්න ගියේ. නමුත් යන්න දුන්නෙ නැහැනේ. ඒ ටිකට් ගාස්තුවට ඔය කියන වෑන් ගාස්තුව හරි (නි)

:       0       0

කුමාරන Thursday, 14 November 2013 06:25 PM

බලාගෙන. හෝටලේ බිල? (නි)

:       0       0

ශාන්ත හෝමාගම Friday, 15 November 2013 09:53 AM

කවුරුත් රණ්ඩු වෙන්න එපා. මල්ලි, ඔයාගේ බැංකු ගිණුම් අංකය එවන්න. මම දාන්නම් 30000 ක් ඔයාගේ පොතට.මොන කරදරයක්ද මේක?ඉවරයක් නැති අදහස්. (නි)

:       0       0

සමන් Thursday, 14 November 2013 06:26 PM

අැයි යන්න දුන්නෙ නැත්තේ? (නි)

:       0       0

ශානක වීරසින්ග්හේ Sunday, 17 November 2013 01:50 AM

හෝමාගම ශාන්ත හරි.රටේ වෙන ප්‍රශ්න නැතුවාද? (නි)

:       0       0

ලලිත් අපොන්සු Thursday, 14 November 2013 06:47 PM

කෝ අර සේනාව කොහෙද? (නි)

:       0       0

බෙන් සිල්වා මකරා ස්විස් Thursday, 14 November 2013 07:09 PM

මේකත් මානුෂික කඩකිරීමක් නොවේද ? දුප්පත් මිනිහෙකුගේ වාහනයක ඇවිල්ලා මුදල් නොගෙවා පැන යෑම. යන්න කලින් චැනල් 4 එකේ කැමරාවක් අරන් විකුණලා හරි මේ මිනිහගේ මුදල ගෙවලා යන්න කියන්න. නැත්නම් මේකත් ඔවුන්ගේ වාර්තාගත සිද්ධියක් වෙනවා (නි)

:       0       0

උපාලි Friday, 15 November 2013 12:59 AM

පොලිසිය මේ කට්ටිය වෑන් එකට දානකොට කියන්න ඇතිනේ රියදුරුට සල්ලි ගෙවන්නේ කවුද කියලා. එහෙම නොකිව්වා නම් රියදුරුට පාඩුව දරාගන්න වෙනවා, චැනල් 4 කට්ටිය තමන් හිතලා කුලිය දුන්නේ නැත්නම්. (නි)

:       0       0

අරුණ ශාන්ත Friday, 15 November 2013 01:16 AM

ඔය වගේ ප්‍රශ්න පොලිසියට පැමිණිලි කරන්න එපා. මේ දවස්වල ඒ අයට රාජකාරි බොහොමයි. (නි)

:       0       0

ආරියසේන Friday, 15 November 2013 01:18 AM

රටින් පිටවෙන්න ප්‍රථම රුපියල් 30000.00 බේරුමක් කරයි.ලංකාවේ රුපියල් නෝට්ටු කොළ පර්ස් එකේ තිබෙන්න නැතුව ඇති. (නි)

:       0       0

නුවන් Thursday, 14 November 2013 07:58 PM

අයියෝ සල්ලි! (නි)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Thursday, 14 November 2013 04:17 PM

මෙයාල ආපු දුර සහ​, වාහනය (ලංකාදීප චායාරූප අනුව​) බැලුවහම "වාහනයේ කුලිය වන රුපියල් තුන්දහස" යන්න විශ්වාස කරන්න අමාරුයි...... හම සුදු නිසා, අඩුවට ගියාද​....? (ස)

:       0       0

ජෝන් Thursday, 14 November 2013 04:17 PM

කට්ටිය චැනල් 4 විලුවට ගත්තද ? (ස)

:       0       0

දිල්කි Thursday, 14 November 2013 08:56 PM

හම සුදු හින්දද සල්ලි නුදුන්නේ ? පොලිසිය සල්ලි අරන්දෙයිද ?පව් (අ)

:       0       0

අබ්දුල් Thursday, 14 November 2013 04:37 PM

ඉන්දු අම්බලන්ගොඩ, වාහනේ කුලිය තුන්දහසක් නෙවෙයි තිස්දහසක්. චැනල් 4 එකේ කට්ටිය කොහොමත් ලංකාවෙන් යනකොට චොර වෙලා තමයි යන්න වෙන්නෙ.ඉන්දු පොඩ්ඩක් චොර වෙන්නැතුව ඉන්න. (ස)

:       0       0

තරූ Thursday, 14 November 2013 04:37 PM

රුපියල් තුන්දහසක් නෙවෙයි ඉන්දු, රුපියල් තිස්දහසක්... (ස)

:       0       0

ශාන්ත Thursday, 14 November 2013 04:38 PM

අනේ මල්ලි ඔයාගේ වෑන් එකේ නොම්මරය දෙන්නකෝ.ටිකක් අඩුයි වගේ ඔයාගේ ගණන් (නි)

:       0       0

කපිල Thursday, 14 November 2013 04:40 PM

දැන් මේකෙන් මානව හිමිකම් කඩවුණේ කාගෙද? (නි)

:       0       0

වෙදමහත්තයා Thursday, 14 November 2013 04:49 PM

ඉන්දුට පෙනීමේ හෝ කියවීමේ අබාධයක් තියෙනවා . කුලිය වාහනයේ 30000 ක් රුපියල් . ඒකටත් පොල්ල තියලා වාගේ සුද්දෝ ටික. (ස)

:       0       0

රංග Thursday, 14 November 2013 05:00 PM

ඉතින් මේ අය වෑන් එකෙ එව්වෙ පොලිසියනේ.නැත්නම් මේ අය යන්න ගියේ දුම්රියෙනේ.ඒක නිසා පොලිසියෙන්ම ඉල්ල ගත්තා නම් මොකද ?? (නි)

:       0       0

එදිරිසිංහ Thursday, 14 November 2013 05:13 PM

කණ්ඩලම හොටෙල් එකටත් නොගෙවා ඇවිල්ලා නම්...? (නි)

:       0       0

සී.කේ.lලංකාපුත්‍ර Friday, 15 November 2013 07:27 AM

පොලිසියේ මහත්වරු විශේෂ වාහනයකින් නාලිකා හතරේ අය පිටත් කල බව ලංකාදීප ඉංගිරිසි පත්තරේ තිබුණා. ඉතින් මේ මොන බහුබූතද. සල්ලි ගෙවනවා නම් ගෙවන්න ඕනේ පොලිසියි. (දී)

:       0       0

අජිත් Thursday, 14 November 2013 05:20 PM

ඉන්දු-අම්බලන්ගොඩ, ඔයාට වයර් මාරු වෙලා. හොදට බලන්න, "රුපියල් තිස්දහස" කියලා තියෙන්නේ. හොද වැඩේ පැමිණිල්ලක් දාපු එක. ඔය සල්ලි කොහොමහරි ගන්න තියෙන්නේ. (නි)

:       0       0

ප්‍රභා Thursday, 14 November 2013 05:21 PM

මේකට ගෙවන්න ඕනෑ චැනල් 4 අය නෙමෙයි. ජනමාධ්‍ය අමාත්‍යංශය. එන්න, කැමති තැනකට යන්න කියලා උද්ඝෝෂණයක් හින්දා උතුරට යන්න බැරි වුණ ඒ අයගේ ආරක්ෂාව සළසනවා කිව්වේ අපේ ඇමතිතුමා නේද? පොලීසිය මේ අයව වාහනයක දාලා කොළඹ එව්වා කියලා තමයි කිව්වේ.අන්තිමට පොලීසියෙ වැඩ කරලා පුරුදු විදියට රියදුරාට තමන්ගෙ පාඩුව දරාගන්න වෙන හැඩයි. මීට වඩා හොඳයි මේ මිනිස්සුන්ට එන්න වීසා නොදී හිටියා නම්. මේ වගේ මෝඩ වැඩ නිසා මේ මිනිස්සු තව පහර ගහනවා. (නි)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Thursday, 14 November 2013 05:24 PM

චැනල් 4 එකේ කට්ටිය කොහොමත් ලංකාවෙන් යනකොට හොද පැඩමක් ඉගෙනගෙන යන්න ඕනෑ.. නමුත්, අපි මෝඩ නොවී, එම දේවල් කරන්න කල්පනාකාරී වියයුතුයි. ආවේගශීලීව ගන්නා තීරණ​, නිවැරදි නොවිය හැකියි (නි)

:       0       0

රසිකා Thursday, 14 November 2013 05:26 PM

ගමන සංවිධානය කළ අයගේ වැරැද්ද.මේක අන්තර්ජාතිකව කොහොම බලපාවිද? අපේ ශිෂ්ටාචාරයේ නොදියුණුකමද මේකෙන් පෙන්නුම් කරන්නේ? (නි)

:       0       0

ගුණේ Thursday, 14 November 2013 05:29 PM

ඔන්න අත් අඩංගුවට ගන්න නියම වෙලාව. (නි)

:       0       0

සිරිපාල Thursday, 14 November 2013 05:29 PM

"පොලිසිය විසින් වාහනයක නංවා කොළඹට එවීය" එහෙනම් පොලිසිය නේද වාහනේ ගාස්තු ගෙවන්න ඕනෑ. (නි)

:       0       0

වසන්ත Thursday, 14 November 2013 05:38 PM

අපේ අය හොදටම වරද්දාගෙන තමයි මේ ගමන නවතින්නේ ! (නි)

:       0       0

ඇසළ Thursday, 14 November 2013 05:40 PM

සිරිපාලත් සුද්දන්ට ආවඩනවනේ. රජ කාලේ ඉදලාම අපේ සම හරක් කළේ හම සුදු නම් ආවඩන එක තමයි. සිංහලයා එකාවගේ වැඩ කළ දවසට තමයි සුද්දට අපිට පාඩමක් උගන්වන්න වෙන්නේ. ඒ දවස කවදා එයිද දන්නේ නැහැ මේ වගේ බෙදිලා ඉන්නකම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site