IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


චීනයේ තවත් ප්‍රබලයෙක් අගමැතිනි හරිනි හමුවෙයි

(යොහාන් භාසුර)

චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි කින් බොයොන්ග් මහත්මිය  පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙ⁣නෙවිය හමුවූවාය.

බොයොන්ග්  මහත්මිය ඇතුළු දූත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරිය දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කරමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

රෝග පාලනය, තිරසාර සංවර්ධනය සහ බහුවිධ ක්ෂේත්‍රයන්හි වෙළඳ සහ කාර්මික සම්බන්ධතාවන් ශක්තිමත් කිරීම පිළිබඳ මෙම හමුවේ දී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොංග්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජිතා බස්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාව පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් එස්. රුවන්ති දෙල්පිටිය සහ එම අංශයේ අධ්‍යක්ෂ උදානි ගුණවර්ධන යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 



අදහස් (5)

චීනයේ තවත් ප්‍රබලයෙක් අගමැතිනි හරිනි හමුවෙයි

v Wednesday, 18 December 2024 09:17 AM

මේ සැරේ ඇමරිකාවට ස්තුති කරයිද දන්නේ නැහැ

:       3       35

හසක Wednesday, 18 December 2024 10:38 AM

අලුත් නමට චීනෙ ඉන්න සමහරු ආසයි වගේ. යකඩ අතකින් නිදහස් වුණාම නිදහස, ජීවිතය දැනෙනවා ඇති...!

:       16       1

බකල ජයා Wednesday, 18 December 2024 10:42 AM

රෝග පාලනෙත් තියනව බොලේ. වූහාන් වගේ හොඳටම කරන්න ඉගෙනගන්න අවශ්‍යයයි.

:       12       0

Geetha Wednesday, 18 December 2024 12:11 PM

දැන් වැඩ පටන් ගන්නත් කල් හරි හැබැයි . සාකච්චාව විතරක් මදි

:       4       12

prasanna Wednesday, 18 December 2024 03:10 PM

අපි නම් හිතුවේ මේ අය බලයට පත්වුණාම ගහලා පන්නයි කියලා. පසුගිය කාලේ කරපු විවේචන හැටියට. දැන්නම් මාර ලව් එකක් තියෙන්නේ...

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site