දඹදිව වන්දනා සඳහා පැමිණ සිටිටදී ගංවතුර හේතුවෙන් චෙන්නායි නුවර දක්වා දුම්රියෙන් යෑමට නොහැකිව නවදිල්ලියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 310 දෙනකු අඟහරුවාදා (8) නැවත එවීමට කටයුතු කරන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඇසල වීරකෝන් මහතා පැවසීය.
ගංවතුර තර්ජන නිසා චෙන්නායි නුවර සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 35 දෙනකුද ඉදිරියේදී මෙරටට එවීමට පියවර ගන්නා බවද ඔහු කීය. ගංවතුර නිසා චෙන්නායි නුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 120 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් පසුගියදා දිවයිනට පැමිණියේය.
වසර සියයකට පසු තමිල්නාඩුවට ඇතිවු විශාලතම ජල ගැල්මෙන් යට වී තිබූ චෙන්නායි ගුවන් තොටුපළ වාණිජ ගුවන් ගමන් සඳහා මේ වනවිට විවෘත ඇති අතර ඇණහිට තිබූ දුම්රිය සේවාවන්ද අද (07) පස්වරුවේ සිට යළි ආරම්භ කරනු ඇතැයි වීරකෝන් මහතා සඳහන් කළේය.
මේ අතර චෙන්නායි නුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මියගොස් ඇති බවත් ඔවුන් මියගොස් ඇත්තේ ගංවතුරට හසුවීමෙන් නොව හදිසි අසනීප තත්ත්වයන් හේතුවෙන් බවත් චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් වඩුවේල් ක්‍රිෂ්ණමූර්ති මහතා පැවසීය.
ඔවුන්ගේ දේහයන් ද කඩිනමින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චෙන්නායි ගංවතුරට අසුවූ ලාංකිකයෝ අඟහරුවාදා එති