ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ , හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩි බණ්ඩාරනායක මහතාගේ 57 වැනි ගුණ සැමරුම් උළෙල නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධි භූමියේදි අද (26) පැවැත්විණ.හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා සුනේත්‍රා බණ්ඩාරනායක දියණියෝ සිය පියාණන් සිහි කරමින් සමාධියට පුෂ්පෝපහාර දැක්වූහ.හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක , හිටපු කතානායකවරයකු මෙන්ම අමාත්‍යවරයෙකු වූ අනුර බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන්ද සිහි කරමින් ඔවුන්ට සෙත් පතමින් මහා සංඝරත්නයට පිරිකර පූජා කෙරිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
චන්ද්‍රිකායි සුනේත්‍රායි මව්පියන් සමරති
අමාලි Monday, 26 September 2016 09:39 AM
දෙමව්පියන්ගේ ගුණ සමරන එක නම් බොහොම හොඳයි එත් ඒ දෙමව්පියන් දෙන්නට නිගා දෙන වැඩ කරන එක තමයි කැත. (ම)
ලෙස්ලි ජයවර්ධන Monday, 26 September 2016 10:14 AM
එතුමාගේ උතුම් පක්ෂය කඩාදමන්න ඉඩ නොදෙමු (බ)
දිසානායක Monday, 26 September 2016 12:27 PM
ශ්‍රීමත් බණ්ඩාරනායක වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ නැවත ඉපදීම ඉතා දුර්ලබයි.(හේ)