ගායන ක්ෂේත‍්‍රයට පැමිණ ඇය ගෙවූ කාලය තිස්වසරකට සමීපය. ඒ ගෙවී ගිය කාලයේදී ‘‘සිංහල’‘ ගීත ගොන්නක් ගායනා නොකළත් චාන්දනී හෙට්ටිආරච්චි යන ඒ ශිල්පිණිය පුන්සඳක් ලෙසම ගී ලොව සැරි සරන්නීය. මාල ගිරවුණේ, විලාසිතා, සඳ නැගෙනා, සල්මල් පීදුනු (පියල් සමග) ඇය විසින් ගායනා කරන ලද ජනප‍්‍රිය වූ ගීත කීපයකි. චාන්දනී එදා මෙන්ම අදත් එකලෙස ජනප‍්‍රියත්වයක් ලබා සිටින්නේ, ඇය සතු නොවෙනස් වූ වඩාත් ආදරණීය වූ හඬ නිසාමය. ඇයගේ අනන්‍ය වූ ඒ හඬට සමකළ හැකි නොවූවත්, ඇයගේ ආදරණීය රිද්මයට සම වූ හඬකින් ගීත ගයන තවත් ශිල්පිණියක දැන් ක්ෂේත‍්‍රයට අවතීර්ණව සිටින්නීය. ඒ වෙන කවුරුවත් නොවේ චාන්දනීගේ දියණිය ජැකලීන්ය. රසිකයින් කියන විදියට වඩාත් රොමෑන්ටික් හඬකට උරුමකම් කියන ඒ ‘‘අම්මයි - දුවයි’’ අපට හමු වූ මොහොතකි මේ.
‘‘චාන්දනී’’ තවමත් ඔබ හරිම තරුණ පෙනුමෙන් යුතුයි. කොහොමද එහෙම වුණේ?
කොහොමද කියන්නෙ. මම දන්නෙ නැහැ. එහෙමද කියලා.
ඔබට හැඟෙන විදියට?
මට ජීවිතේ ප‍්‍රශ්න තිබුණා. ප‍්‍රශ්න තිබියදී මම ඒවා විසඳෙන්න කාලයට ඉඩ දුන්නා. නමුත් ඒවා ඇඟට ගත්තෙ නැහැ. මගෙ යුතුකම් වගකීම් දරමින් සංගීත ලෝකයේ රැුඳී සිටිනවා. අමුතුවෙන් රුව ලස්සන කර ගන්න කියලා සැලෝන්වලට ගියෙත් නැහැ. හැබැයි කොණ්ඩයනම් හදාගන්න ගියා. ඔබ එදාටත් වඩා අද කාර්යබහුලයි.
මගේ සංගීත කණ්ඩායම වන චාන්දනී විත් C&C නිසා අපි ඇත්තටම අතිශය කාර්ය බහුලයි.
C&C සංගීත කණ්ඩායම වැඩිපුර දායක වන්නෙ?
එක් එක් කාලවලදී අපි කොළඹ ප‍්‍රකට හෝටලවල සංගීත කණ්ඩායම ලෙස ගිවිසගෙන කටයුතු කළා. වත්මනෙහි කිංස්බරි, ගලධාරී සහ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. :ක්‍ඍ සහ ත්‍ක්* සමග ගිවිසගෙන කටයුතු කරනවා. ඒවායේදී අපි බටහිර සම්ප‍්‍රදායේ විවිධ ශෛලීන්ට අනුව අපේ සංගීත රසය ලබා දෙනවා.
බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි ඔබගෙ කටහඬ හරිම ‘‘පේ‍්‍රමාන්විතයි’‘ කියන දේ? ඔච්චරටම ඒ හඬ පේ‍්‍රමාන්විත වුණේ කොහොමද?
මම මගේ ජීවිතයම මියුසික්වලට කැපකළා. ඊට ආත්මයෙන්ම ආදරය කළා. ඔබ කියන විදියට මට එවැනි හඬක් ඇත්නම්? එය දෙවියන්ගෙන් ලැබුණු දායාදයක්. මගේ මුළු ජීවිතයම වෙනස්කරන්න, සතුටු කරවන්න, සියල්ලට මුල්වුණේ මියුසික්. පොඩි කාලයේ ඉඳලාම වෙන දෙයක් ගැන මම දැනගෙන හිටියේ නැහැ. දන්නෙ ඔච්චරම තමා. ඒ මියුසික්ම විතරයි. බිරිඳක් - මවක් ලෙස ඒ යුතුකම් ඉටු කරමින් දරු දෙදෙනාගේ කටයුතු ගැනත් සොයා බලමින් ජීවිතය ගෙවනවා.
දියණිය ජැකලීන් ගැන හිතන්නෙ කොහොමද?
ඇයගෙ කුඩා කාලයේදී මම මගේ සංගීත කටයුතුවලට ඇයවත් රැුගෙන ගියේ. ඒ හැර වෙන විකල්පයක් මට තිබුණෙත් නැහැ. මොකද ඇයව දාලා යන්න කෙනෙක් හිටියෙ නැහැ. මේ වටපිටාව එක්ක තමයි එයා හැදී වැඩුණේ. පසුව අවුරුදු 16 දී විතර හිල්ටන් එකේ අපි ප්ලේ කරද්දී ඇයත් ගායනයට එක්වුණා. එතැන් සිට පටන් ගත්ත ගමන ඇය දිගටම පවත්වාගෙන යනවා.
‘‘චාන්දනී’’ නිතර ඔබට රූපවාහිනියේ පෙනෙන්නට - දකින්නට නැති වුණත් ජනප‍්‍රියත්වයේ අඩුවක් නම් නැහැ නේද?
බොහෝ දුරට මම නිතරම පෙනී සිටීම්වලට කැමති නැති කෙනෙක්. ඒ මගේ හැටි. නමුත් ජාතික රූපවාහිනියේ මා නොවන මම සහ සිහිනයකි ? වැඩසටහන්වලට දායක වුණා. ඒ වැඩ සටහන්වලට කොහොමටත් මම හරි කැමතියි.
හොඳට ‘‘හිට්’’ වෙන අලූත් ගීතයක් කළොත් හොඳයි කියලා නේද හැමෝම කියන්නෙ?
මගේ සැමියා චමින්ද විසින්ම නිර්මාණය කළ ගීතයක් තියෙනවා. එය හරිම අපුරුයි. ඇත්තටම ඒ ගීත නිර්මාණ එළියට දාන්න ඕනෑ. රසිකයින්ට ඒක අපූරු ගීත තිළිණයක් වේවි.
ජැකලින්
ජැකලීන් අපට ඇත්ත කියන්න. ඔබගෙ අරමුණ වුණේ මොකක්ද?
අම්මා කිසිදාක මාව සංගීතයට පෙළඹුවේ නැහැ. අම්මා කියනවා වගේම මම හැදුණේ සංගීත පරිසරයක. පාසලේදී ගායනා කණ්ඩායමේ පවා හිටියා. බටහිර සංගීතය කළා. ඉතින් ඒක පසුකලෙක සුන්දර ගමනක් වුණා.
ඔබගෙ අම්මා ගැන හිතන්නෙ කොහොමද?
හරිම සුන්දර කාන්තාවක්. උතුම් මවක්. අම්මට තියෙන්නෙ යුනික් වොයිස් එකක්. ඒ ශෛලියට සමව ගයන්න මට හැකියාවක් නැහැ. අම්මා යනු මට නම් සංගීත ක්ෂේත‍්‍රයේ එක්තරා පරිච්ෙඡ්දයක්.
අම්මගෙ ගී අතරින් ඔබ වඩා ප‍්‍රිය?
‘‘මාල ගිරවුණේ’’ ගීතයට හරිම ආසයි.
මේ සංගීතය හැර අම්මා ගැන වූ වෙනත් දක්ෂතාවයක් ගැන අපට කිව්වොත්?
අපෙ අම්මට ඇත්තටම පුදුම රසට උයන්න පුළුවනි. ලෝකයේ කොහේ ගිහින් කෑමක් කෑවත් අම්මා උයන කෑම පරදවන්න තරමට මම වෙන කොහෙවත් කාලා නැහැ. ඇත්තටම අම්මගෙ කෑම හරිම රසයි.
‘‘ජැකලීන්’’ දැන් විවාහ වෙන්නත් වයස හරි නේද? එහෙම හිතෙන්නෙ නැද්ද?
දැන් අවුරුදු 26 යි. තවම හිතන්නෙ මම මගේ සංගීත ගමන ගැනයි. මා කළ යුතු ගීත නිර්මාණ ගැනයි. අද මගේ ජීවිතය ගෙවෙන්නෙ එහෙමයි.
අම්මගෙයි - දුවගෙයි ප‍්‍රසංගයක් කරන්න සූදානම් නැද්ද?
අම්මා කොහොමටත් වසරකට වතාවක් ප‍්‍රසංගයක් පවත්වනවා. පසුගිය වසර දෙකක කාලයේදී මම ලංකාවේ හිටියෙ නැහැ. ඒ නිසා ඒවාට දායක වෙන්න බැරි වුණා.
සඳුන් ගමගේ
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
'චාන්දනී සහ ජැකලීන්'