මාරුවීම් හෝ චෝදනා පත්‍ර ලැබෙතියි සිතන විදුහල්පතිවරුන් කිහිප දෙනෙකු ඒ සඳහා ආදි සිසුන් හා සංවර්ධන සමිති සාමාජිකයන් ලවා පිළියම් සොයමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
එම විදුහල්පතිවරුන්ට තවමත් මාරුවීම් හෝ චෝදනා පත්‍ර ලබා දී නැත.
දකුණේ පාලසක විදුහල්පතිනියක් තමා පාසලේ තබා ගන්නැයි කියමින් ලිපියක් සකස් කර ඊට දෙමාපියන්ගෙන් හා ආදි සිසුන්ගෙන් අත්සන් ගනිමින් සිටින බවත්, ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලක විදුහල්පතිවරයකු ආදි සිසුන් ගෙන්වා තමාට එරෙහි යමක් මාධ්‍යවල යෑම වැලැක්වීමට මාධ්‍ය හිතවතුන් සම්බන්ධ කරන ලෙස දන්වා ඇති බවත් කියති. එම පාසලේ විදුහල්පතිට හිතවත් ගුරුවරයකු සිසුවකුට පහර දුන්නැයි අත්අඩංගුවට ගත් අතර එය වාර්තා කළ මාධ්‍යවේදියාට එම පාසලේ ප්‍රධානියකු කිහිප දෙනකු සමග අසභ්‍ය ලෙස බැණ වැදී ඇතැයි ද පාසලේ ආරංචි කියයි.
මේ පාසල් දෙකේ පරිපාලනය ගැන විමර්ශන කරන ලෙස එම පාසල්වල ආදි සිසුහු පිරිසක් හා දෙමාපියෝ පිරිසක් පසුගිය සතියේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් ද කළහ.
චක්‍රලේඛ හා නීති රීති උල්ලංඝණය කළ විදුහල්පතිවරුන් කිහිප දෙනකු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ වන විට එක් විදුහල්පතිවරයකුගේ වැඩ තහනම් කර ඇති අතර තවත් දෙදෙනකු ස්ථාන මාරු කර තිබේ.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ දූෂණ වංචා අවම කිරීම සඳහා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි දිගටම විමර්ශන සිදු කරන බව අමාත්‍යංශය කියයි.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චෝදනා එන්නත් පෙර දිගටම ඉන්න පිඹුරුපත් හදති