IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


චේතනාගේ අලුත්ම සින්දුව 'සඳ නොමැති රැයක'

20160323-ent-46

දෙරණ "ඩ්‍රීම් ස්ටාර්" රියලටි තරගාවලියේ පළමු අදියරේ අවසන් තරගකරුවන් අතරට එක්වූ චේතනා රණසිංහ මේ වනවිට ලාංකේය සංගීතය ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් යොවුන් ගායිකාවක් බවට පත්ව සිටින්නීය. දැනට ගීත කිහිපයක්ම එළිදක්වා ඇති චේතනා ඉකුත් 21 වැනිදා) සිය අලුත්ම ගීතය වූ "සඳ නොමැති රැයක" එළිදැක්වූවාය. ආදර ගීතයක් ලෙස නිර්මාණය වී ඇති මෙම ගීතය පිළිබඳව චේතනා "සාරවිට" අපට මෙසේ තොරතුරු පවසා සිටියාය.

"මගේ අලුත්ම ගීතය "සඳ නොමැති රැයක" එළිදැක්වුවා. මේ වනවිට මෙම ගීතය බොහෝ එෆ්.එම්. නාළිකාවල ප්‍රචාරය වෙනවා. ඒ වගේම අන්තර්ජාල වෙබ් අඩවිවලිනුත් ඕනෑම කෙනෙකුට අහන්න පුළුවන්. ගීතය ලිව්වේ ඉසුරු වීරසිංහ. සංගීතය නිර්මාණය කළේ සංඛ දිනෙත්. මේ ගීතය ආදර ගීතයක්. මා විසින් තනිවම ගායනා කළ පස්වැනි ගීතය මේක. දැනට මේ ගීතයට හොඳ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මම ගීතයක් එළිදැක්වූයේ කාලයකට පස්සෙ නිසා මගේ "සඳ නොමැති රැයක" ගීතයට රසික ප්‍රතිචාර ඉහළ මට්ටමකින් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් ලැබෙන රසික ප්‍රතිචාරත් එක්ක මේ ගීතයට ඉදිරියේදී මියුසික් විඩියෝවක් නිර්මාණය කරන්නත් දැනට අදහසක් තියෙනවා. ඉතින් "සඳ නොමැති රැයක" ගීතයේ විඩියෝවත් එළිදක්වලා තමයි ආයෙත් අලුත් ගීතයකට සූදානම් වෙන්න හිතාගෙන ඉන්නේ. ඊට අමතරව මම ඉදිරියේදී විකාශය වෙන්න නියමිත අලුත් ටෙලි නාට්‍යයක තේමා ගීතයක් සඳහා දායක වෙලා ඉන්නවා."

 

20160323-ent-45

 



අදහස් (0)

චේතනාගේ අලුත්ම සින්දුව 'සඳ නොමැති රැයක'

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 24 March 2016 03:22 AM

චේතනාගේ සඳ නොමැති රැයක් ගීතය ශ්‍රවණය කළා. එහි නාද මාලාව පද රචනය හා ගායනය උසස් මට්ටමක තියෙනවා. පැහැබර ඉදිරි ගමනකට චේතනා රණසිංහ නවක ගායනා ශිල්පිනියට සුබ පැතුම් පිරි නමමි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site