විධායක ජනාධිපතිධූරය අහෝසි කරන මුවාවෙන් චොක්ලට් දවටනයක ඔතා ගෙනෙන්නට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විෂකුරු බෝල ඇතුළත් කිරීමට රජය උත්සාහ කළොත් ඊට ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රටට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ඇතත් එක්සත් ජාතික පක්‍ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හවුල් ආණ්ඩුව ගෙන ඒමට යන ව්‍යවස්ථාව රටේ ඉදිරි සමාජීය හා ආර්ථික අව්‍යශතාවන්ට සරිලන අයුරින් ගෙනෙතියි විශ්වාසයක් තැබිය නොහැකි බව ද ජවිපෙ නායක කීවේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂනායක රැුස්වීම්වලදී හැසිරෙන්නේ සියලූ මන්ත‍්‍රීවරුන්ට සාධාරණය ඉටුවන ආකාරයෙන් නොව බලහත්කාරී හා අත්තනෝමතික අයුරින් බව කී දිසානායක මහතා කෙසේ වෙතත් රටට අවශ්‍ය ආකාරයේ ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම ස`දහා හැකි උපරිම අයුරින් කටයුතු කරන බව ද කීවේය.
විපක්‍ෂයේ අය පසුගිය කාලයේ තමන් අතින් සිදුවූ වැරදි හා දූෂණ වසා ගන්නටත්, ආණ්ඩුව තම නොහැකියාව වසා ගන්නටත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නැමති කඩමල්ල උපයෝගී කරගනිමින් සිටින බව ද කී ජවිපෙ නායකයා ජනතාව ඒ බව තේරුම් ගත යුතු යැයි ස`දහන් කළේය.
ජවිපෙ නායකයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පක්‍ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘චොක්ලට් දවටනයේ විසකුරු බෝල‘
සේනක Monday, 11 January 2016 02:55 PM
හැන්සාර්ඩ් වාර්තා වල තියන මෙයාගේ කතා කියවන අපිටත් නානා ප්‍රකාර භීතිකා මතුවෙයි ද කියල බයකුත් දැනෙනවා. (බ)
රොෂාන් Monday, 11 January 2016 12:29 PM
මේයා පිස්සෙක් කරන දේකුත් නෑහෑ වාචාල කට විතරයි (කෞ)
දුම්න්ද Monday, 11 January 2016 12:31 PM
අගමැති තුමා දකින හෙට දකින්නට පින් මදය ඔබ හට (කෞ)
ආර්. වික්‍රම Tuesday, 12 January 2016 01:39 AM
දුමින්ද, ඔබ දකින හීනය සදාකල් දකින්නට ඔබට නම් පින් ඇතිය! (නි)
දීපිකා Monday, 11 January 2016 01:02 PM
මුළු පාර්ලිමේන්තුවම ව්‍යස්ථාදායක සභාවක් කරනවා කිවනේද ඉතින් ඔබේ පක්ෂය ඇතුළු සියලුම පක්ෂවලට පුලුවන්න තම අදහස් හා යෝජනා ඉදිරිපත්කර එකගතාවයකට එන්න.(කෞ)
හර්ෂ Monday, 11 January 2016 01:27 PM
රනිල් බලෙන් ගේන එකක් නෙවෙයිනේ, මහජන අදහස් විමසන කමිටුවක් තියෙනවා, පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදන කමිටුවක් කරනවා.හැම රෙද්දටම විරුද්ද නොවී, එකට ගිහින් සහයෝගය දෙන්න නිකන් බොරු වචන දාල මාධ්‍ය සන්ධර්ශන නැතුව.(කෞ)
යසස් Monday, 11 January 2016 01:27 PM
හැම එකකටම විරුද්ධ නොවී රටට වැඩදායක දෙයක් කරන්න සහයෝගයක් දෙන්න බැරිද මෙයාලට. හැම තිස්සෙම සෘණ දේවල් විතරයි හිතන්නේ.(කෞ)
ලහිරු ජයකොඩි Tuesday, 12 January 2016 03:15 AM
ආර්. වික්‍රම ඔබ වැන්නවුන් ඇත පෙරදින ගොහොරු මඩේ! (බ)