IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඝාතන රැසක වෙඩික්කරුවෙක් මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි)

2024 වසරේ මාර්තු මස දිනකදී අම්බලන්ගොඩ වෙළඳ සලක් ඉදිරිපිටදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් තිදෙනකුට තුවාල කිරීම, ඉකුත් මැයි මස දිනකදී මීටියාගොඩ අවන්හලක් තුළදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කළ බව කියන වෙඩික්කරු  අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවූම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන සැකකරුවකුගෙන් ලද තොරතුරක් මත එම ඝාතන වල වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇත.

රත්ගම ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ බෙල්ජියම් වර්ගයේ පිස්තෝල ගිනි අවියක්ද පොලිසිය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම වෙඩික්කරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ දැනට විදේශගතව සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන එස්. ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා, එස්. සනත් ද සිල්වා නොහොත් රාජු, සජිත් සමන් ප්‍රියන්ත නොහොත් සමන් කොල්ලා සහ කළුමිත් රොෂාන් නොහොත් බෙජී නැමැත්තන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් මෙම ඝාතන සිදු කර ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (0)

ඝාතන රැසක වෙඩික්කරුවෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site