
(අංජුල මහික වීරරත්න)
ගංවතුරෙන් පීඩාවට පත් වූ සෑම නිවසකටම රුපියල් 10,000ක දීමනාවක් ලබා දෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
නිවස පිරිසිදු කර ගැනීම ආදී කටයුතු වෙනුවෙන් එම මුදල ලබා දෙන බවත්, ආපදා තත්ත්වයෙන් අර්ධ හා පූර්ණ හානි සිදු වූ සියලු නිවාස හා ගොඩනැගිලි පිළිබඳ තක්සේරු වාර්තා ලබා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් රත්නායක මහතා සඳහන් කළේය.
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවගේ සුව දුක් සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට අද (07) එක් වෙමිනි.
ගං වතුරෙන් විනාශ වු ප්‍රදේශයේ නිවාස දැක බලා ගත් සාගල රත්නායක මහතා විපතට පත් ජනතාව වෙනුවෙන් කොළොන්නාව ශ්‍රී සම්බුද්ධරාජ පුරාණ විහාරයේ පැවති වෛද්‍ය සායනය වෙත ද ගොස් එම කටයුතු නිරික්ෂණය කළේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගං වතුරෙන් පීඩා වූ සෑම ගෙදරකටම 10000ක්
Prabha Saturday, 08 June 2024 05:15 PM
ජනාධිපති සේවා වනිතා ඒකකයේ ප්‍රජා සේවයක්...!
Pradeep Kumara Sunday, 09 June 2024 08:36 AM
දෙයියනේ එච්චර මුදලක්?? වැඩි නැද්ද?? දස දහසක් කියන්නේ සුළුපටු මුදලක්ද?