IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


ගොවිතැන හදන්න නොමිලේ දුන් බඩු විකුණලා

(අංජුල මහික වීරරත්න)

තරුණයන් කෘෂිකර්මට ආකර්ෂණය කර ගැනීම සඳහා ඇරැඹූ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වලට නොමිලේ දුන් කෘෂි උපකරණ  විකිණූ පවුල් වලට මින් පසු කිසිදු ප්‍රතිලාභයක් නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය  තීරණය කර තිබේ.

විශාල මුදලක් වැය කර  ලබා දී ඇති එම ප්‍රතිලාභ නිසි ලෙස වගාව සඳහා යොදා නොගන්නා පවුල් සම්බන්ධව වහාම විමර්ශනයක් සිදු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය .

ඇතැම් ගම්මානවලට දුන්  පැළ හා බීජ නිසි ලෙස ප්‍රයෝජනයට නොගෙන විනාශ වෙන්නට ඉඩ හැර ඇතැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට  තොරතුරු ලැබී තිබේ.

හම්බන්තොට, වව්නියාව, මොනරාගල, ගාල්ල හා කුරුණෑගල මෙන්ම අනුරාධපුර ඇතුළු  දිස්ත්‍රික්ක කිහිපයක ගම්මාන 11ක්  තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි. 

සෑම කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයකම පිහිටි වැව්  ප්‍රතිසංස්කරණය කරන අතර ගොවිපළ වලට ජලය ගැනීම සඳහා වාරි පහසුකම් ද ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි අමාත්‍යාංශය කියයි.

මීට අමතරව ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීම, විසිරි ජල තාක්ෂණික උපකරණ, බින්දු ජල තාක්ෂණික උපකරණ මෙන්ම දුරස්ථ පාලනය මගින් ක්‍රියාත්මක කළ හැකි  ආරක්ෂිත ගෘහ හඳුන්වා දීම ද මෙම වැඩ පිළිවෙළ යටතේ මෙම ගම්මාන වල තරුණ ප්‍රජාවට ලබා දී ඇත. 

මෙම ගම්මාන වල කාෂි පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 5000 ක් වැය කර ඇතැයි අමාත්‍යාංශය පවසයි.

රජයේ  ප්‍රතිලාභ  සාර්ථක ලෙස ව්‍යාපෘතිවල යොදවා ආදායම් උපයන පවුල් විශාල ප්‍රමාණයක් ද වාර්තා වන නිසා ඔවුන්ට දෙන ප්‍රතිලාභ තවදුරටත් ඉහල නැංවීමට පියවර ගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (0)

ගොවිතැන හදන්න නොමිලේ දුන් බඩු විකුණලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අයිස්‘සැකසුම් මධ්‍යස්ථානයක් යාපනයෙන් වටලයි
2024 මැයි මස 15 11 0

යාපනය නුනාවිල්හීදී අයිස් මත්ද්‍රව්‍ය සැකසුම් මධ්‍යස්ථානයක් වැටලු බව යාපනය පොලිසිය සදහන් කරයි.


වැස්ස අඩු නොවන හැඩ
2024 මැයි මස 15 240 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්ත


ඉන්දීය ‘‘කැන්ඩි සෑමි කණ්ඩායමේ‘‘ මූල්‍ය විධායකට අධි චෝදනා
2024 මැයි මස 15 238 0

පල්ලෙකැලේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දියාවේ කැන්ඩි සෑම


විජයදාසට එරෙහිව දුමින්දගේ නඩුවේ ප්‍රකාශය අද
2024 මැයි මස 15 248 0

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේක


මන්ත්‍රීවරුන් ඉල්ලූ රක්ෂණය දෙන්න කතානායක බෑ කියයි
2024 මැයි මස 15 335 0

මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණ ආවරණය ලබාදෙන ලෙස පසුගිය (10) වැනිදා සිකුරාදා පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී දැඩිව ඉල්ලීම් ක


තරුණියකට අරක්කු පොවා අමුතු මෝස්තරයක් කියා දුන් මෝස්තර ශිල්පියාට මාංචු
2024 මැයි මස 15 908 0

මාවතගම නගරයේ ගොඩනැගිල්ලක කාමරයක් තුළදී අවුරුදු 19ක් වයස තරුණියක අරක්කු පොවා වෙරි වූ පසු දූෂණය කළේ යැයි කියන විලාසිතා නිර්මාණ ශිල්පියකු මාවතගම පොලිසිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 703 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2225 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1916 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site