
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාදැලකට හසුවි නාවක්කාඩු වෙරළකට ආ දැවැන්ත මීනිමුතු මෝරකු නාවික හමුදා වෝටර් ජේට් යාත්‍රාවකින් ධීවරයන්ගේ සහයෝගයෙන් නැවත මුහුදට යැවිමට කටයුතු කළ බව නොරෝච්චෝල පොලිසිය 30 කියයි.
අඩි 38 කට ආසන්න දිගකින් යුතු කිලෝ 4000 කට වඩා බරකින් යුත් දැවැන්ත මීනිමුතු මෝරේකු මෙසේ පැමිණ ඇති බව කියයි.
ගොඩට ආ මෝරා මාදැලේ හිමිකරුවන් හා ආසන්නයේ සිටි ධිවරයින් පිරිසක් මෙම මීනිමුතු මෝරා මුහුදට යැවිමට කටයුතු කර තිබුණද නොහැකි විය.
එම ස්ථානයට පැමිණි නොරෝච්චෝල පොලිසිය හා ඉලන්තඩිය වනජීවි නිළධාරි කාර්යාලයේ නිළධාරින් නාවික හමුදාව දැනුවත් කිරීමේන් පසු මෙම මිනිමුතු මෝරා මුහුදට රැගෙන ඇදගෙන යාමට වෝටර් ජේට් යාත්‍රාවකින් කඹ ආධාරයෙන් පැය තුනකට පසු මහ මුහුදට රැගෙන යාමට හැකිවු බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහය වු සියල්ලන්ටම පිං
මනුස්ස කම තියෙන මිනිස්සු.