
(රංජන් කස්තුරි)
ගුරුවර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරයි.
අමාත්‍ය අනුකමිටුවේ වැටුප් යෝජනාව එකවර ක්‍රියාත්මක කරනතුරු ගුරු වර්ජනය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන බවද ගුරු විදුහල්පති වෘත්තීය සංගම් කියයි.

(රංජන් කස්තුරි)
ගුරුවර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරයි.
අමාත්‍ය අනුකමිටුවේ වැටුප් යෝජනාව එකවර ක්‍රියාත්මක කරනතුරු ගුරු වර්ජනය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන බවද ගුරු විදුහල්පති වෘත්තීය සංගම් කියයි.
COMMENTS
මේ කාලකන්නි ගුරු හොරු ටික අස්කරලා දාන්න තියෙන්නේ .ස්ටාර්ලින් ඇතුළු නඩය යුතුමයි
මීට විසඳුමක් එස්.බී. ප්‍රකාශ කළා දැක්ක.
මේ වෘත්තීය සමිති වල ඉන්න කට්ටිය රස්සාවෙන් අයින් කරල දාමු. හෘදසාක්ෂියක් නැති ඔවුන් උගන්නන්න කැපවුණු අය නෙවෙයි... ඉස්කෝලෙ හිටියත් නෑ වගේ. ඊට පස්සෙ පඩි වැඩි කරමු. සමස්ථ ගුරුවරුන්ගෙන් 80%-85% ක් ඔය සමිති වලට සම්බන්ධ නෑ.
අපේ යුද විරුවාණන්ගේ කෙරුවාව තමයි මේ පේන්නේ...
රැකියාව අත හැර ගියා සේ සලකන්න වෙනවා. නැත්නම් මේ කාලකන්නි ටික ගෙදරට වෙලා නිකම් පඩි අරගෙන රටම වලපල්ලට දාන්න හදන්නේ... රජයක් හැටියට තද තීරණයක් ගත යුතුව තියෙනවා.
ආමි එක දාමු... උගන්වමු...
මේ සෑම අවස්ථාවකින්ම පැහැදිලි වන්නේ ස්ටාලින් ප්‍රමුඛ "ගුරුහොරු" රැල හිතාමතා රාත්තලම ඉල්ලන බව නොවේද? එසේ රාත්තලම දුන්නත් ඊළඟට හිඟ මුදල් ඉල්ලයි. "1948" සිටම බව නම් විශ්වාසයි. කවුරු කෙසේ කිව්වත් මේ නම් එල්ලෙන්න වැලේ වැල් නැති උගත්, මෝඩයන්ගේ න්‍යායයන් වලට නටන රූකඩ බව දැනෙන්නේ අපට පමණක්ද...? අප රටේ මුල් පුරවැසියාගෙන් නැවතත් අප මෙසේ ඉල්ලීමක් කරන්නෙමු. රජයේ සේවකයාට ඕනෑම අවස්ථාවක වර්ජනය කළ හැකි අතර ඒ සඳහා ඔවුන්ට සම්පූර්ණ අයිතියක් ඇති බවත් එනමුත් වැඩවර්ජන කරන කාල වකවානුව තුළදී "වර්ජකයන්ට වැටුප් හා වෙනත් දීමනාවලට කිසිඳු අයිතිවාසිකමක් නැති බවට" පැහැදිලි ලෙස විග්‍රහ වෙන පනතක් ඉතාමත්ම ඉක්මණින්ම සම්මත කරගෙන ආයතන සංග්‍රහයට පුළුවන් ඉක්මණින් ඇතුළත් කරන මෙන්ය. එමගින් අනාගතේදී රට පාලනය කරන කිසිඳු කණ්ඩායමකට රජයේ සේවකයන්ගේ වර්ජන තර්ජන වලට නැවතීමේ ලකුණ තැබිය හැක. අවසාන වශයෙන් අප මෙසේ සඳහන් කරන්නෙමු. අනේකවිධ දුක් ගැහැට විඳිමින් වෙනත් රටවල වහල් සේවයේ යෙදී සිටින අප තරයේ විරුද්ධ වෙනවා මහජන මුදලින් වැඩ නොකර වැටුප් ලබා ගන්නා "අයට." වැටුප් ගෙවීම් කරනවට. එබැවින් ගුරුවරු වේවා...
ඉතිහාසයේ ම්ලේච්ඡම වර්ජනය...
පළමුව, පාසැල් දරුවන්ගේ අයිතිවාසිකම්, රටේ ආර්ථික තත්වය, මෙම වැටුප් වැඩිකිරීමෙන් අනෙකුත් සේවාවන් වලට සිදුවන බලපෑම නොසලකා හැර නියෝග නිකුත් කිරීමේ ඉඩ ඇති බැවින් 2/3 බලය යොදාගෙන ශක්තිමත් පණතක් සම්මත කර ගන්න. මෙවැනි ඕනෑම වැඩ වර්ජනයකදී වහාම ක්‍රියත්මක වන පරිදි වැටුප් ගෙවීම නැවතිය හැකි පරිදි නීතිමය ප්‍රතිපාදන සකසන්න. ඒහෙම නැතුව මේ රට කවදාවත්ම දියුණු කරන්න බැහැ. හැමදාම තුන්වෙනි ලෝකයේ රටක් තමයි. ඒහෙම වෙන ඒකට මෙයාලා කැමතියි. ඒතකොට තමයි මෙයාලගේ පැවැත්ම තහවුරු වෙන්නේ. දෙවනුව, පාසැල් ක්‍රමානුකූලව පටන් ගන්න. ගුරුවරු සේවයට පැමිණ නැත්නම් සේවය හැරගියා සේ සලකන්න. සේවය හැරයාම ගැනත්, නැවත සේවය ඉල්ලීමකදී නිදහසට කරුණු විමසීම අවශ්‍ය නොවන බවත් දැක්වෙන ආයතන සංග්‍රහයේ වගන්ති ප්‍රසිද්ධ කරන්න. මෙය සදාකාලිකවම සමස්ථ රාජ්‍ය සේවයටම අදාල කර ගන්න.
ඇයින් කරලම දාන්න. විශ්‍රාමික ගුරු දෙවිවරුන් වැටුප් රහිතවම ඇවිත් උගන්වාවි.
මේ ගුරුනායක නඩය නටන්නේ ගුරුවරුන්ගේ පදයට නොවන බව හොඳටම පැහැදිලියි. වැඩට එන ගුරුවරුන්ට පඩි ගෙවන්න. නිවාඩු අවලංගු කරන්න. යමෙකු හට වැඩ නොකර අපගෙන් ගන්න බදුවලින් පඩි ගෙවනවට තරයේ විරුද්ධ බව නායක කාරකාදීන් හිතට ගන්න.
මහින්ද මහත්තයෝ... අර බස් ගැමුණුට දුන්නු සාත්තුව දෙන්න ඔයාටත්...
ස්ටාලින් මොනා වෙයිද කන්නන්ගර මහත්තයාගෙ කාලෙ හිටියනන්....?
සමස්ථ ගුරු සේවයටම නින්දාවක්... ගුරුකම සේවයක් විදියට සලකපු කාලයක් තිබුණා. අපි ගුරුවරුන්ට ගරු කළා. ඒ හැමදේම නැති කළේ මේ වගේ අසම්මත්ජාති ගුරු හොරු හින්දා... මේ වගේ වෙලාවට තමයි සුදු වෑන් මතක් වෙන්නේ..?
රටේ ආණ්ඩුවක් නැතිකමේ විපාක...
කෝ මේ කවුරුවත් රාජපක්ෂ හොර නඩය කරපුවා ගැන කටක් අරින්නේ නැහැ... නාමල් පුතා කෙන්යාවේ ගියේ මහජන මුදලින් නොවෙයිද? එතකොට ගුරුවරු විතරයි වැරදි, පාලකයින් හරි ආදර්ශය දෙනවාද? ගුරු සටනට ජයවේවා...!
තමන්ගේ රස්සාව නොකර පිංපඩි ගන්න මිනිස්සු. මුස්ලිම් දෙමළ ගුරුවරුන් උගන්නද්දි සිංහල අපේ අයටම මෙහෙම.
අවසන් නිවේදනය දෙන්න වැඩට නොඑන අය සේවය අත්හැර ගියා සේ සලකන්න 85%ක් වැඩට ඒවි ඉන්පසු යෝජිත වැටුප් සංශෝධනය ක්‍රියාත්මක කරන්න. රවින්ද්‍ර කියන පරිදි වැඩවර්ජනය කරන කාලය තුල වැටුප් නොගෙවීමට පනතක් සම්මත කරගන්න එච්චරයි…!
රටේ බහුතරයක් මිනිස්සු ඡන්දය දුන්නේ මේ වගේ ම්ලේච්ඡ වර්ජන ඉස්සරහ දණ ගහගෙන ඉන්න නෙමෙයි. කරුණාකරලා මොවුන් වර්ජනය කළ කාලය තුලට අදාළව වැටුප් ගෙවන්න එපා. සිංගප්පූරුව ගැන කතා කළාට ඔවුන් දියුණු වුනේ මේ වගේ වර්ජන තහනම් කරපු නිසයි... පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගන්න මේ වගේ වර්ජන කිසිම සේවකයෙකුට කළ නොහැකි විදිහට. ඇත්තටම ගුරුවරු නම් මේ තරම් කූහකයින් වෙන්න විදිහක් නැහැ...
කව්රුහරි බොරු කපුවෙක් මෙයාට ඉනාවක් දෙන්න ඇති... ගුරුවරයෙකුගේ පිටේ ගාන්න.. එතකොට වර්ජනය කම්මුතුයි කියලා.
ගුරු සටනට ජය... අවුරුදු 24ක් තිස්සේ තියෙන ගුරු වැටුප් හිඟ ප්‍රශ්නය මෙවරවත් විසඳිය යුතුයි. කුලීවැඩට ඉන්දියාවෙන් ගෙනාවට, හමුදාවෙන් බෙහෙත් දුන්නාට කාටවත් ඇවිත් උගන්වන්න බැහැනේ. ගුරුවරුන්ට නිසිතැන සහ හිඟවැටුප් ලැබිය යුතුයි. තමන්ගේ පවුලේ කෙනෙක්වත් ගුරුවරු නැති අයට ගුරුහොරු වගේ පේනවා...
වහාම රජය නරි නාටකවලට ඉඩදෙන්නේ නැතිව ශක්තිමත් රජයක් ලෙස ක්‍රියාකරන්න. මහින්ද මහත්තයා ක්‍රියාත්මක විය යුතුය. ගරු ජනාධිපතිතුමාට වැඩිය මේවා පාලනය කිරීමේ හැකියාව ඔබතුමාට තියෙන බව අප දන්නවා.
තට්ටුවකුත් දැම්මා නේද ඊයේ? ඒත් හරි ගිහිල්ලා නැහැ වගේ....
මේ කාලකන්නින්ව අයින් කරලා අලුත් අය බඳවාගන්න...
රටේ සල්ලි මහ පරිමාණයෙන් හොරකම් කරන ඒවා ගැන කවුරුත් කතා නෑ. ලක්ෂ ගාණක ගුරුවරුන්ට මේ වැඩිකළ වැටුප නොදී ඉන්න තමයි ඔට්ටු වෙන්නේ...
ස්ටාලින් හරියට ඇවිදින්නේ කනප්පුවක් වගේ...
දෙමාපිය එකතුවක් නැති එකේ පාඩුව... හොඳට පේනවා. ඇත්තටම දෙමාපියන්ට තම දරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට නොහැකිද?
හැමෝම මෙතන ගුරුවරුන්ට බනිනවා. දැන් රාත්තලම අරගෙන තියෙන්නේ කවුද කියලා කාටවත් පෙන්නේ නැහැ.
කිසි කෙනෙකුට තේරෙන්නේ නැද්ද මේ වර්ජන මෙහෙයවන්නේ ජෙප්පොයි, අට විතරක් යන්තමට සමත් පුතනොයි කියලා. ඒ දෙන්නේටම තියෙන්නේ එකම දොළ දුක බලයට පෙරේත කම එදා ඉදල උසස් අධ්‍යාපනේ අන්තරයක් හදාගෙන විනශ කරා.
ගුරුවරුන් මේ වෙලාවේ කරන දේ වැරදි ඇති. නමුත් කිසි කෙනෙක් මේ ගුරුවරුන් ගේ පැත්තෙනුත් හිතලා නෑ. මේ ගුරුවරුන් ඉන්නවා අවුරුදු 30 වැඩ කරලත් තාම 50000/- වත් පඩි නෑ. හැම තැනටම ණය වෙලා. මෙයලගෙ ලමයින්ට උනත් ඉහල අධ්‍යාපනයට වියදම් කරන්න ඔවුන්‍ට මුදල් නෑ. මෙයාලගෙන් ඉගෙන ගත්තු සමහර අය පුදගලික අශංයේ රැකියාවෙන් පටන්ගන්න ගත්තු ගම 50000/- ඉහලින් වැටුප් ගන්නවා. අනෙක හොරු කියලා දොස් නගන්න ඉස්සර පොඩ්ඩක් හිතන්න. මේ අය මොනවද හොරකම් කරලා තියෙන්නේ. කෝවිඩ් කාලේ මුලදී මේ අය ඔන්ලයින් ඉගෙන් වූයේ මෙයාලගේ මුදල් වලින් නේද. නූගත් දේශපාලකයන් හිතු හිතු ලෙසට හොරකම් කරන මේ උගත් ගුරුවරුන්ට අපහාස කරන එක අනුමත කරන්න අමාරුයි. මානුශික පැත්තෙන් හිතුවොත් මෙයාලත් වැරදි නෑ. මොකද හැම ආන්ඩුවම කලේ අවුරුදු ගානක් මෙයාලව රැවැට්ටුවා.
ගුරුවරුන්ට ද්වේශයෙන් කතා කරන අය දන්නේ නැහැ මෙම සටනේ සැබෑ තත්ත්වය. නඩු තීන්දුවකින් පවා වැටුප් විෂමතාව ඉවත් කිරීමට නියෝග දී ඇත. විෂමතාව ඉවත් කරන තෙක් වැටුප් වර්ධක දෙකක් දෙන ලෙසත් එම තීන්දුවේම තීන්දු කොට ඇත. ඒවා කිසිත් බලධාරීන් ක්‍රියාත්මක කොට නැත . මහින්ද මහත්තයා මුදල් ඇමති කාලේදී අය වැය කතාවකදී මෙම විෂමතාව දුරු කිරීම සඳහා මුදලක් වෙන් කොට ඇති බව පවසා ඇති මුත් එසේ වෙන් කිරීමක් ක්‍රියාත්මක වී නැත. බලාපොරොත්තු ඇති කිරීම සඳහා සාකච්චා පැවත් වුවද, ස්ථාවරයේ වෙනසක් කරන්නේ නැත. ඉතින් කෙසේද බලාපොරොත්තු ඉටු වන්නේ?
කවුරුවත් පෙරපාසල් ගුරුවරු ගැන දහම්පාසල් ගුරුවරු ගැන කතා කරන්නේ නැහැ.
බඩට ඇනල , තට්ටුවක් දාල මිනිස්සු රවට්ටපු කාලෙ ගියා.
ගෙවන්න කියන්නේ හිග වැටුප්. උදා : 9000 පළමු පියවර විදිහට ඉල්ලන්නේ : 1000 රජය දෙන්න හදන්නේ : එකත් 333 ගානේ අවුරුදු 3ක්
මේ වර්ජනය උතුරු නැගෙනහිරත් ඉහල පෙලේ ධනපති පාසල් වලත් පුද්ගලික පාසල් වලත් ක්‍රියාත්මක නැහැ. අහිංසක ජනතාවගෙ ළමයින්ට තමා පහර වැදිල තියෙන්නේ . ජවිපෙ හැමදාමත් කළෙත් කරන්නේ ත් ඒ ටික තමා. ටියුෂන් වලින් ගුරුවරු හොඳ ට හම්බ කරනවා.
ඉස්ටාලින් ඔය ෂර්ට් එක හෝදන්නේ නැහැ. කෞතුක වස්තුව ලෙස අරන්තියාගනී. මහින්ද අත තිබ්බ ෂර්ට් එක කියාලා ලේබල් කරලා.
කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේනම් කලයුතු හොදම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයන් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙසේ වන්නේ මොවුන් මේ ලබන ප්‍රතිලාභ වෙනත් රැකියාවකින් ලබාගත නොහැකි නිසා නොවේද? මෙම වසංගත සමයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා තම රැකියාවේ වගකීම් යුතුකම් පැහැරහරිමින් දින 100 දක්වා අඛණ්ඩ වර්ජනයක් කර ගීනස් වාර්තාවක් තැබීමට මොවුන් උත්සහ කරන බවක් පෙනේ. මෙවන් වියසනකාරී අවස්ථාවක නොවුවත් කිසිදු රටක මෙවන් දීර්ග නිර්ලජ්ජිත වැඩ වර්ජනයක් නොකෙරෙනු ඇත. මෙය ජාත්‍යන්තරයේ අපේ අධ්‍යාපන මට්ටම ගැන සදහන් දර්ශක වල ඍන අගයන් සටහන් කරවන මෝඩ, පව්කාර අරගලයකි.
මෙම අරගලය සාධාරණීය කරනුයේ, "ගණිත, විද්‍යා, තාක්ෂණික" විෂයන් සඳහා දක්ෂ ගුරුවරු සොයාගැනීම පවතින වැටුප් තල යටතේ අපහසු බවයි. සෑම ගුරුවරයකුම එකම වැටුප් තල වල තබා වැටුප් වැඩි කලද ඉහත ගැටලුව නොවිසදේ. මෙම ගැටලුව නිවැරදිව විසදීමට නම් උගන්වන විෂය අනුව තාක්ෂණිකව විශ්ලේෂණය කර නව වැටුප් තල හදුන්වා දිය යුතුයි. පැලැස්තර විසදුම් නිසා කිසිදා සත්‍ය ගැටලුවට විසදුම් නොලැබේ.