(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල නගර සභා සහ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේවල කොවිඩ් වයිරසය ආසාදිත වූ පුද්ගලයන් තිස්හත් දෙනකු ප්‍රතිකාර මධ්‍යස්ථාන රැගෙන යාම සදහා ප්‍රවාහන පහසුකම් නොමැති කමින් නිවෙස්වලට වි සිටින බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසයි.
දඹුල්ල හින්මොරගොල්ල, දඹුලුගම, නවපාදෙණිය,ආදී ප්‍රදේශවල මෙන්ම නගර සභා බල ප්‍රදේශයෙන් පිට පුද්ගලයන් දෙදෙනකුද මෙයාකාරයෙන් දින දෙකක පමණ කාලයක සිට ප්‍රවාහන අපහසුතා නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමට සිටින බව නගරාධිපතිවරයා කියයි.
දඹුල්ල නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා කියා සිටියේ මෙම වයිරසය ආසාදිත වූ පුද්ගලයන් කඩිනමින් ප්‍රවාහනය කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටියද ගිලන්රථ නොමැතිවීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවයි .
නිවෙස් වල සිටින එම පුද්ගලයින් දඹුල්ල සති පොල භූමියට සීගිරිය රෝහලේ ගිලන් රථයෙන් රැගෙන විත් කෙසේ බස් රථයකින් එම කණ්ඩායම් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිලන්රථ මොන මඟුලකටද? ඕනෑතරම් ප්‍රභූ රථ තියෙන්නේ... ඒකම මදිද?
සැබෑ තත්ත්වය මෙහෙමයි. ඒත්, රජවාසල සමහර ඇත්තන් කෑ මොර දුන්නේ, ඔක්සිජන් ඕනෑතරම් තියෙනවා ඕනෑම තත්ත්වයකට සූදානම් කියලා. බොරු කතා...
දඹුල්ලේ ජනක බණ්ඩාර තෙන්නකෝන් සිසිරගේ ගෙදරට අරන් යන්න...
අපි තමා හොදටම කරෙ කිව නෙද රනිල් ගෙනාපු ගිලන් රථ නොතිබෙන්න බලන්න තිබුණා හොදටම කරන හැටි
බොරුවට තමන්ගේ වැරැද්දට මොන හෝ ආණ්ඩුවකට බනින්න එපා මේ රෝගය සාදා ගත්ත හැමෝම තමන්ගේ වරදින්ම හදාගත්ත එකයි. රටේ සැබෑ තත්වය දැනගෙන තමන්ගේ සෞඛ්‍ය රැකගන්න බැරි මෝඩ රැළක්. දැන් පේනවාද කොහොමද 69 ලක්ෂයක් හදා ගැනීම කොයි තරම් ලේසිද කියලා?