
(ජී.සුගතපාල ,සුමතිපාල දියගහගේ)
ගාල්ල මහ නගර සභාවේ 2026 වසර සදහා ඉදිරිපත් කරණ ලද අයවැය ලේඛණය පිළිබඳ දෙවන වර ඡන්ද විමසිමේදි විපක්ෂයි කියු මන්ත්‍රිවරුන් හතර දෙනකු පක්ෂයි යනුවෙන් පැවසු බවට සටහන් කොට අනිතික ලෙස අයවැය සම්මත වු බවට ලේඛණ ගතකිරිම සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අද සවස දකුණු පළාත් පාලන සහකාර කොමසාරිස් මංජුල ප්‍රියන්ත පෙරේරා මහතාට පෙත්සමක් බාර දෙන ලදි.
ඒ සමගම විපක්ෂයේ මන්ත්‍රිවරු 19දෙනා තමන් අයවැයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවට දිව්රුම් ප්‍රකාශ 19ක්ද පළාත්පාලන සහකාර කොමසාරිස්වරයාට බාර දුන්නේය.
මෙයට අමතරව ගාල්ල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක සුසන්ත කරුණාරත්න මහතා ද තමන් විපක්ෂයි කියුවත් ලේකම්වරිය පක්ෂයි යනුවෙන් සටහන්කර අයවැය සම්මත කිරිමට සහාය දැක්විම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ගාල්ල පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත්කර ඇත.
ගාල්ල මහ නගර සබාවේ අයවැය පිළිබද පළමු වරට ඡන්ද විමසිම දෙසැම්බර් 15 වැනි දින පැවැති අතර එහිදි වැඩි ඡන්ද දෙකකින් අයවැය පරාජයට පත්විය.
පසුව දෙවන වරට ඉකුත් 24වනදා ඡන්ද විමසිම පවත්වන ලද අතර එහිදි මන්ත්‍රිවරුන්ගේ නමින් ඡන්ද විමසිම පවත්වන ලදි.
එහිදි නගරාධිපතිවරයා සභාවට දැනුම් දුන්නේ අයවැයට පක්ෂව ඡන්ද 21ක්ද විපක්ෂව ඡන්ද 15ක් ලැබි ඇති බවය.
ඒ අනුව අයවැය සම්මත වු බව පැවසිමත් සමග විපක්ෂයේ මන්ත්‍රිවරුන් සභාව තුළ කලබලකාරි ලෙස හැසිරෙන්නට විමත් සමග පොලිසිය කැඳවිමටද සිදුවිය.
පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජිලිත් නිශාන්ත මන්ත්‍රිවරයා වැඩ බලන නගරාධිපති ලෙස පත්කර ගෙන ලේකම්වරිය බලෙන් කැඳවාගෙන විත් නැවත ඡන්ද විමසිම පවත්වන ලදි. එහිදි අයවැයට විපක්ෂව ඡන්ද 17ක් ලැබුන අතර පක්ෂව එකම ඡන්දයක්වත් ලැබුනේ නැත.
ඒ අනුව ලේකම්වරිය දූෂණයක් සිදුකර ඇති බව පවසා විපක්ෂ මන්ත්‍රිවරුන් පිරිස දිව්රුම් ප්‍රකාශ සමග මෙම පෙත්සම බාර දෙන ලදි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල නගර සභා ලේකම්ට එරෙහිව පෙත්සමක්