IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගාළු පළාත් සභා මන්ත්‍රීගේ පියා මාතරදී අත් අඩංගුවට

එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීරගේ මෙහෙයවීමෙන්  පැවති පෙළපාලියට වෙඩි තැබූ බව කියන පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා හර්මන් ගුණරත්න සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

හර්මන් ගුණරත්න මහතා, හිටපු අමාත්‍යවරයකු වු දිවංගත ගාමිණි දිසානායක මහතාගේ සම්බන්ධීකරන ලේකම්වරයකුය. ඉඩම් හිමි වැවිලිකරුවෙකි.

ඔහු පහර කෑමට ලක්වී ලේ පෙරාගෙන සිටියදී අත් අඩංගුවට ගෙන ඇත. වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සොයා ගෙන නැතැයි පොලීසිය කියයි.

මේ සිද්ධියෙන් පසු මංගල සමරවීර මෙහෙය වු  කණ්ඩායමේ පෙළපාලිය අතහැර දැමූ අතර මෛත්‍රී ගුණරත්න හා ශිරල් ලක්තිලක මෙහෙයවීමෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට හිතවත් කණ්ඩායම කොළඹ බලා පිටත් වීම ඇරඹීය.  



අදහස් (0)

ගාළු පළාත් සභා මන්ත්‍රීගේ පියා මාතරදී අත් අඩංගුවට

දීපානි Saturday, 05 October 2013 05:28 PM

රනිල් කළු කොපි බිලානේ ඉන්නේ (දී)

:       0       0

පාලිත Sunday, 06 October 2013 03:30 AM

නියමයි මංගල. ස්තූතියි (නි)

:       0       0

සජිත් Saturday, 05 October 2013 05:31 PM

අපි රනිල්ව ගෙදර යවනවා

:       0       0

පෙත්තා Sunday, 06 October 2013 05:05 AM

මෛත්‍රී කරන්න පුරුදු වෙන්න. රුක්මන්ට ජේ ආර්. කිවුවේ නායකත්වයට පෙර අනුගාමිකත්වය පුරුදු වෙන්න කියන පාඩමයි. අනෙක් අයටත් මේක පාඩමක්. ගුණ වඩන්න රත්තරන්. (නි)

:       0       0

කරාපිටිය ජයලත් Saturday, 05 October 2013 07:36 PM

අපි ළඟදීම සජිත්ව ගෙදර අරිනවා .

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Saturday, 05 October 2013 02:34 PM

අයියෝ සල්ලි, මොකක්ද මේ ලංකාවේ වෙන්නේ. මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ ඇයි? (නදී)

:       0       0

ප්‍රේමදස Saturday, 05 October 2013 02:37 PM

මෙයා ජනාදිපති උපදේශක.මෛත්‍රී ගුණරත්න ඒ වගේම නීති උපදේශක. මෙයාලට අවශ්‍ය යු.එන්.පී එක නැති කරන්නද?(නදී)

:       0       0

ට්‍රියෝනි සෙනවිරත්න Saturday, 05 October 2013 02:53 PM

මිනිස්සු නීතිය අතට අරගෙන හැසිරෙනකම් සියල්ලෝම බලාගෙන ඉන්නවද? හරි පුදුමයි.(නදී)

:       0       0

සුජාන් Saturday, 05 October 2013 02:55 PM

දුක් වන්න එපා නදී ලංකාවේ මැර බලය නැතුව කොහොමද දිනන්නේ? (දී)

:       0       0

විශ් Saturday, 05 October 2013 02:56 PM

රනිල්ට එක්සත් ජාතික පක්ෂයේ නායකකම තියාගන්න එයාගේ සහකරුවෝ විසින් දියත් කරන ලද ප්‍රහාරයක්.මෛත්‍රී ගුණරත්න මැතිතුමාට අපගේ ප්‍රණාමය.සියලු බාධක මැදින් පක්ෂයට අරක්ගත් සාපය වන රනිල් එලවා දෙමිය යුතුය.අප පක්ෂයට ඉදිරියට යා හැක්කේ එවිට පමණි.මෛත්‍රීට සහ ශිරල් ජය!! (දී)

:       0       0

විරාජ් ඒකනායක Saturday, 05 October 2013 03:09 PM

අන්කල් නහින දෙහින කාලේ මොනපෙලපාලිද අපේ සීයා වගේ පන්සලකට ගිහින් පිනක් දහමක් කරගත්තොත් නරකද (දී)

:       0       0

ප්‍රියා Saturday, 05 October 2013 03:13 PM

මෛත්‍රීට සහ ශිරල් ජය !(නදී)

:       0       0

නාලක Saturday, 05 October 2013 03:19 PM

දන්නා යකා හොඳයි ලු නොදන්නා දෙය්යන්ට වඩා.. කියල අද මාතර යු ඇන පී කාරයෝ අපිට ඉගැන්නුවා.... ජනතාව මීහරක් වනතාක් කල් පාලකයන් වන්නේ ගොපල්ලන් ය.... (දී)

:       0       0

කින් බෙනට් Saturday, 05 October 2013 03:32 PM

මෛත්‍රී ගුනරත්නටත් දැන් වයස 60 ක විතර පෙනුමක් තියෙන එකේ එයාගේ පියාට අඩුම ගානේ 80 ක්‌ විතර වෙන්න ඕන .. නමුත් නහින දෙහින වයසේත් පිස්තෝල අතේ තියාගෙන මේ වගේ ජනතා පෙළපාලියකට ගිය එකට විශාල දඬුවමක් දෙන්න ඕන ..මෙයා වර්තමාන ජනපතිගේ උපදේශක වරයෙක් .. මෙයාලට ඕන විපක්ෂය විනාශ කරලා හිතේ හැටියට හොරමැරකම් කරගෙන වලපල්ලට යනකම් සැපට ඉන්නයි .. එකනේ මේ නහින දෙහින කාලෙත් පිස්තෝල අතේ තියාගෙන පෙළපාලි යන්නේ .. (දී)

:       0       0

යනුක Saturday, 05 October 2013 03:33 PM

සජිත් රාජපක්ෂ...!!!(දී)

:       0       0

කින් බෙනට් Saturday, 05 October 2013 03:38 PM

මෛත්‍රී සහ ශිරාල් කියන්නේ නිකම්ම නිකන් පළාත් සබා මන්ත්‍රිලා දෙන්නෙක් විතරයි .. මෙයාලට ඇත්තටම මහා ලොකු ජනතා සහයක් නැහැ .. මේවා පිටිපස්සේ ඉන්නේ රටේ මහා තැන .. මේ වගේ දේවල් වලින් පෙනෙන්නේ එකම දෙයයි.. ඒ කියන්නේ රටේ විරැකියාව වැඩියි .. මිනිස්සුන්ට දවසක් උදා උනාම කරන්න රාජකාරියක් , රස්සාවක් , ගෙදර වැඩක් නැති උන් බුරුතු පිටින් මේ ලංකාවේ ඉන්නවා .. ඒ හින්ද තමයි මේ වගේ පෙළපාලිවලට මිනිස්සු පිරෙන්නේ .. චන්දෙ කාලෙට දේශපාලකයන්ගේ පස්සේ යන්නේ .. මේවා වලින් පෙනෙන්නේ එක දෙයයි .. එනම් ලංකාව කියන්නේ තාම 3 වන ලෝකේ නොදියුණු දුප්පත් රටවල් වලින් පහලම තත්වයේ ඉන්න රටක් , ජනතාවක් බවයි ..ඒ රටවල් වල උන් තමයි දේශපාලුවන්ව දෙවියෝ වගේ ඔලුව උඩ තියාගෙන මිනිමරාගන්නේ ...(දී)

:       0       0

ලලිත් අපොන්සු Saturday, 05 October 2013 10:47 PM

රනිල් සහ සජිත් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂයේ සිටිය යුතු අය.ඒ අයව ගෙදර අරින්න කාටවත් බැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 05 October 2013 05:14 PM

තාත්තට මෛත්‍රීකරන හැටි කට්ටිය කියා දෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site